IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුතා බේරන්න ගිය මවට ලොකු සර්ගෙන් කනේ පාරක්

බළපිටියේ - එස්.ඒ.වයි. ද සිල්වා
පාසලේදී සිසුන් දෙදෙනකුට පහරදුන් තම පුතාගේ ක්‍රියාව අනුමත කිරීමට කටමැත දෙඩවූ මවකට අපූරු දඬුවමක් දීමේ සිද්ධියක් ගැන ගාලු‍ දිසාවේ ජාතික පාසලකින් දැනගන්නට ඇත.
හැඩිදැඩි සිරුරකින් හෙබි මෙම සිසුවා පාසලේ ගණන්කාරයා වීමට උත්සාහ දරන්නෙකි. පසුගිය දිනවල තවත් සිසුන් දෙදෙනකුට පාසලේදී පහරදුන්නේ, තම ගණන්කාරකම රැක ගැනීමටය.
පහරකෑ සිසුන් දෙදෙනා පන්තිය බාර ගුරුතුමියට මේ පිළිබඳව දැනුම් දුන් පසු, වැරැදි කළ සිසුවා කැඳවා, අවවාද කොට, සිසුවාගේ මවට දුරකතන ඇමතුමක් දුන්නේ ගුරුතුමියගේ ජංගම දුරකතනයෙනි. පුතා කළ වරද ගැන දැනුම් දී, පසු දින පාසලට පැමිණෙන ලෙස දන්වා සිටියාය.
“අනේ මිස් මට ඉස්කෝලවලට ඇවිල්ලා රස්තියාදු වෙන්න වෙලාවක් නැහැ. ඒ නිසා මම කොහොමටවත් ඉස්කෝලේ එන්නේ නැහැ. මිස්ලට කරන්න පුළුවන් ලොකුම දඬුවම පාසලෙන් අස්කිරීම විතරයි. ඒ නිසා මගේ දරුවා ඉස්කෝලෙන් අස්කරන්න.”


මව මේ වදන් එකවර කියාගෙන ගියේ, ගුරුතුමියට වචනයක්වත් කතා කිරීමට ඉඩ නොතබමිනි. 
විදුහල්පතිවරයාට දැනුම් දීමෙන් පසු විදුහල්පතිවරයා ද සිසුවාට දැනුම් දෙනු ලැබුවේ, සිය මව සමග පසුදා පාසලට පැමිණෙන ලෙසටය.
මව වෙනුවට සිය සහෝදරිය පසුදා පාසලට පැමිණ, අසනීප නිසා මවට ඒමට නොහැකි බැවින්, තමා පැමිණි බව කියා සිටියාය.
එය පිළිනොගත් විදුහල්පතිවරයා, හෙට දින මව පමණක් නොව පියාටත් පැමිණ තමා හමුවන්නැයි සිසුවාගේ සොහොයුරියට නියම කළේය.
පසුදා පැමිණියේ පියා පමණි. මව පැමිණියේ නැත. විදුහල්පතිවරයාට ද එම ගමේ දැඩි සම්බන්ධයක් තිබිණි. ඔහු ද ඉගෙනුම ලැබුවේ මේ පාසලෙනි. 
“ඔබත් මමත් ඉගෙන ගත්තේ මේ පාසලෙන්. ඔබගේ බිරිඳ දරුවාගේ අස්වීම් සහතිකය දීලා පාසලෙන් අස්කරන්න කියලා තිබෙනවා. දරුවා පාසලට ඇතුළත් කර තිබෙන්නේ ඔබ නොවෙයි, ඔබගේ බිරිඳයි. ඒ නිසා ඔබට දරුවාගේ අස්වීම් සහතිකය දෙන්න බැහැ. හෙට නොවරදවාම බිරිඳ සමග පාසලට පැමිණිය යුතුයි.” යැයි විදුහල්පතිවරයා පියාට දැඩි සේ කියා සිටියේය.
පසුදා සිසුවාගේ පියා, අසනීප යැයි කියූ බිරිඳ සමග පාසලට පැමිණියේ විදුහල්පතිවරයා දැඩි ස්ථාවරයක සිටි බැවිනි.


“මේ ගම රජවරුන් සිටි ගමක්. ඒ වගේම මේ පාසල හදලා තිබෙන්නේ මේ ගමෙන් බිහි වෙච්ච ලංකාවේ සිටි දෙවියෙක් වගේ දානපතියෙක්. ඒ නිසා මේ පාසලෙන් පාතාල නායකයෝ බිහි කරලා රජවරුන්ටත් ආදි කර්තෘතුමාටත් අපහාස කරන්න මම සූදානම් නැහැ. අසනීපයි කියලා බොරු කියලා අපි රවටන්න හැදුවා. දරුවෝ ඉදිරියේ බොරු කීමත් වැරැදි වැඩක්. දරුවෝ කරන වැරැදි වැඩ අනුමත කරන්න එපා. එහෙම වුණොත් හොඳ අනාගතයක් තිබෙන මේ දරුවන්ට අනාගතයේදී වෙන්නේ වෙඩි කන්න හරි හිරේ ළගින්න හරි. තමාගේ පුතා කරපු වරද පිළි නොගෙන මේ බව දුරකතනයෙන් දැනුම් දුන් ගුරුතුමියට පවසා සිටි පරිදි අස්වීම් සහතිකය ලියලා තිබෙන්නේ. ඒකයි දරුවයි අරගෙන ගෙදර යන්න. මිස් ඊයේ ලියපු අස්වීම් සහතිකය දෙන්න.” යැයි දැඩි සේ මවට අවවාද කොට, ලිපි ගොනු කිහිපයක් අවුස්සන්නට විය.


“අනේ සර්, මගෙන් වුණේ ලොකු වරදක්. මම ඒක පිළිගන්නවා. පුතා මේ ඉස්කෝලෙන් අස් කරන්න එපා. මීට පසු මගේ දරුවා කරන ඕනෑම වරදකට සුදුසු පරිදි දඬුවම් දී, පාතාලකාරයෙක් නොකර යහපත් දරුවෙක් හදා දෙන්න.”
එකවර හඬා වැටුණු මව විදුහල්පතිවරයාගේ දෙපා අල්ලා වැඳ වැටෙමින් හා ගුරුතුමියට වැඳ කියා සිටියාය.
“වැරැදි කරන කිසිම දරුවෙක් අපේ පාසලෙන් අස් කරන්න අපි සූදානම් නැහැ. වැරැදි දරුවන්ට තමයි අපි උගන්වන්න ඕනෑ. දරුවන්ට ආදරේ නම් මින් පස්සෙවත් දරුවන් කරන වැරැදි අනුමත කරන්න එපා. ඒවාට නිසි දඬුවම් දෙන්න. මීට වඩා දරුවන් ගැන සොයා බලන්න.” යැයි විදුහල්පතිවරයා මවටත්, පියාටත්, දරුවාටත් අපූරු පාඩමක් කියා දුන්නේ නැවත වැරැදි නොකරන ආකාරයටය.



අදහස් (1)

පුතා බේරන්න ගිය මවට ලොකු සර්ගෙන් කනේ පාරක්

Anonymous Friday, 01 September 2023 08:10 PM

යහපත් විදුහල්පතිතුමෙක්.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site