IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොඩි හාමුදුරුවන්ගෙ ෆෝන් හොරා වෙස්ගත් පෙම්වතියගේ උගුලේ

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
පොලීසියටත් කොටු කර ගන්න බැරිව සිටි  පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය සොරකම් කළ සොරදෙටුවා අපූරු උපක්‍රමයක් භාවිතා කරමින් ළඟටම ගෙන්වා ගෙන පොලීසියට භාරදුන් තරුණයකු පිළිබඳ පුවතක් කොස්ගොඩ දූවේමෝදරින් අසන්නට ලැබේ.
පොඩි හාමුදුරුවන් එදා කොළඹ පන්සලකට වැඩියේ හිතවත් හිමි නමකගේ ආරාධනාවක් පිටය. එම විහාරස්ථානයේ පැවති පින්කමකට සහභාගිවීමටය. එසේ කොළඹට වැඩි උන්වහන්සේගේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ජංගම දුරකතනය කිසිවකු විසින් සොරකම් කර ගනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් සැක කෙරුණේ එදා විහාරස්ථානයේ පිංකමට උදව් පදව් කළ තරුණයෙකි. අපේ පොඩි හාමුදුරුවෝ මේ සම්බන්ධයෙන් කොළඹ පොලිසියක පැමිණිල්ලක් ද දැමූහ. පලක් වූයේ නම් නැත.


මේ පිළිබඳව පොඩි හාමුදුරුවන්ගේ හිතවත් තරුණයකුට දැන ගන්නට ලැබුණි. ඔහු ඒ සඳහා යෙදූ අපූරු උපක්‍රමයත් සමගම පොඩි හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය සොරකම් කළ තරුණයා මේ ඊයේ පෙරේදා කොස්ගොඩ ප්‍රධාන හෝටලයකට එන්නේය. ඒ එහි රැකියාවක් කරන ගමන්ම තමන් මුහුණු පොතෙන් හඳුනාගත් පෙම්වතිය සමග පෙම් කිරීමටය. එයින් නොනවතින හේ කොස්ගොඩ සිට විදෙස් රැකියාවකට ගොස් මුහුණු පොතේ හඳුනා ගත් තරුණිය සහේට ගෙන අලු‍ත් දිවියක් පටන් ගැනීමටය.
කොස්ගොඩ හෝටලයට පැමිණි මේ තරුණයා පෙම්වතිය කියූ පරිදි එහි ලොකු මහත්තයා හමුවීමට එහි රැදී සිටියේය. මේ ගමනට අදින ඇඳුම් පැළඳුම් ද ඔහු පෙම්වතියට මුහුණු පොත හරහා දැනුම් දී තිබිණ. ඔහු කවදාවත්ම නොදුටු පින්තූරයෙන් පමණක් දැක තිබූ පෙම්වතියගේ මුහුණ  සැබැවින්ම දැක ගැනීමටත් ඇයගේ මැදිහත්වීමෙන් හෝටලයේ රැකියාව ලබා ගැනීමටත් නොතිත් ආශාවෙන් සිටියේය.


 ඔහු හෝටලයට පැමිණි විගසම තරුණියක් කෙසේ වෙතත් තරුණයෝ පිරිසක් පැමිණියහ. එම තරුණ පිරිස මේ තරුණයාගේ වංහුං අසා ගත්හ. ඔහු සිතූවේ මේ සිය පෙම්වතියගේ හිතවත් පිරිසක් කියාය.
තරුණ පිරිසගෙන් කණ හරහා දෙක වදින කොට තමා පොඩි හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය සොරකම් කළ බව පිළිගත්තේය. තමා කොටුවී ඇත්තේ එසේ මෙසේ උගුලක නොවන බව දැනගත් මේ තරුණයා තමා කළ සියලු‍ම සොරකම් ටිකද වැමෑරුවේය. ඒ සමගම ඔහු කොළඹ පොලීසියකට භාරදීමට ද මේ තරුණ පිරිස කටයුතු කළහ.
මේ තරුණයා එදා රැඳී සිටි පන්සලේ සී.සී.ටී.වී.වලින් ලබාගත් ඡායාරූපයක් අනුව ඔහු මුහුණු පොතේ සිටින බව කොස්ගොඩ තරුණයා සොයා ගත්තේය. ඒ විතරක්ම නොව ඔහු තරුණියක මෙන් ඔහු සමග මුහුණු පොත හරහා අපූරු යහළුකමක් ගොඩනගා ගත්තේය.
එය ප්‍රේම වෘත්තාන්තයක් දක්වාම ගෙනයාමට ඔහු ඔහුව පෙළඹවූවේය. ඒ විතරක්ම නොව ඔහුගේ ඉදිරි සැලැස්මද හෙළි කර ගත්තේය. විදෙස්ගතවීමට අපේක්ෂාවෙන් සිටින බවත් එතකම් හෝටලයක රැකියාවක් කිරීමට අපේක්ෂාවෙන් සිටින බවත් ඔහුගේ කටින්ම දැන ගත්තේය. ඒ අනුව තමාගේ පියා හඳුනන කොස්ගොඩ හෝටලයක  ලොක්කෙක් සිටින බව මුහුණු පොතට තරුණියක් වූ කොස්ගොඩ තරුණයා ඔහුට දැනුම් දුන්නේය. කොස්ගොඩ හෝටලයක වැඩට පැමිණිය හොත් පෙම් කිරීමට හැකි ආකාරයද කියමින් ඔහුව වල්මත් කළේය. ඔහු කොස්ගොඩට පැමිණියේ මේ අරමුණු සියල්ලම සාක්ෂාත් කර ගැනීමටය.



අදහස් (2)

පොඩි හාමුදුරුවන්ගෙ ෆෝන් හොරා වෙස්ගත් පෙම්වතියගේ උගුලේ

himal Tuesday, 07 November 2023 09:16 AM

එතකොට හාමුදුරුවන්ට ලක්ෂ දෙකක ෆෝන් එකක් ගන්න සල්ලි කොහෙන්ද? පන්සලේ සීසීටීවී වලින් හොරා හොයාගත්තා නම් මොකටද ආයි ෆේස් බුක් යන්නේ?

:       1       15

RDThursday, 09 November 2023 08:44 AM

පව් සිදුවන කතා කියන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site