ආරක්ෂක හමුදාවට එක්වීමට බාධාවක් වූ අතේ තිබූ පච්චයක් ඉවත් කිරීම සඳහා හඳුන්කූරක් ගෙන අත පුලුස්සා ගත් තරුණයෙකුට අතේ තුවාලය සනීප කර ගැනීම සඳහා දින ගණනාවක් රෝහලක ප්‍රතිකාර ලබන්නට සිදුවූ බව කියැවෙන පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු උසස් අධ්‍යාපනය නිමකළ තරුණයෙකි. ටික කාලයක් අගනුවර ප්‍රදේශයේ රැකියාවක නිරත වූ හෙතෙම ඉන් සමුගත්තේ ආරක්ෂක හමුදාවට එක්වීමට තිබූ කැමැත්ත නිසාය.
ගමට ආ ඔහු ඒ සඳහා ඉල්ලුම් පතක් යොමු කළේ තවත් මිතුරන් කීප දෙනෙකුද හවුල් කර ගනිමිනි. ඔහුගේ අතේ තිබූ පච්චය දුටු හිත මිතුරන් කියා සිටියේ ‘‘පච්චය තියෙද්දි නම් හමුදාවටවත් පොලිසියටවත් යන්න බැහැ. අපේ අයියටත් එහෙම එකක් වුණා.’’ යනුවෙනි.
මිතුරන්ගෙන්ම අසා දැනගත් පරිදි ඔහු එදා සිටම පච්චය ඉවත් කරන්නට කටයුතු කළේ දැඩි උනන්දුවකිනි. හඳුන්කූරු කීපයක් රැගෙන නිවසට පැමිණි ඔහු දොර වසාගෙන පච්චය මත දැල් වූ හඳුන්කූර තබා අධික වේදනාවක් විඳිමින් එය පිළිස්සුවේ පච්චය අතුරුදන් කිරීමේ අටියෙනි.
පච්චය ඉවත් වුවද එතන ලොකු තුවාලයකි. ගොඩ වෙදකම් කීපයක් කලද දිනෙන් දින තුවාලය පැසවන්නට විය. අවසානයේ ඔහුට ගමේ රෝහලට ඇතුළත් වන්නට සිදු වූයේ මව්පියන්ගේ බර බරේ නිසාය. තුවාලය පිරික්සු වෛද්‍යවරු ඔහුට පිටගැස්ම එන්නත මෙන්ම තුවාලය වේළීම සඳහා එන්නත් වාර ගණනාවක් ද නියම කළහ. ඔහු රෝහල්ගත කෙරිණි. දින පහක් පුරා එන්නත් ලබාගත් ඔහු රෝහලෙන් පිටවූයේ තුවාලය යම් තරමකට සනීප කර ගනිමින්ය.
වියලුව වාර්තාකරු
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පච්චය අයින් කරන්න ගිහින් රෝහලේ ලැගලා