මාස ගණනාවක් ඇසුරු කළ කාන්තාවකට විවාහ වීමට ගෙනා යෝජනාව තමන් නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂයෙන් විමසා දැනුම් දෙන්නම් යැයි කී වදනක් නිසා ඇය පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටි අයෙකුට එම අපේක්ෂා සුන්නද්දූලි වී දැඩි අසරණ තත්වයකට පත් වූ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
පනස් දෙහැවිරිදි වියේ පසු වන මොහු පෞද්ගලික ආයතනයක සේවය කරන්නෙකි. දෙදරු පියකු වුවත් එම විවාහයට කණ කොකා හඬා තිබුණේ මෙයට වසර දහයකට පමණ පෙර ඔහුගේ බිරිඳ හා දරුවන් ඔහු අතහැර දැමීම හේතුවෙනි.
මෙම සිදුවීමෙන් බලවත් සිත්තැවුලට පත්ව සිටි මොහුට හිතමිතුරකු පැවසුවේ ‘‘ඔයාගේ අනාගතය විනාශ කර ගන්න එපා. අපි හොඳ කෙනෙක් හොයා ගමු’’ කියාය. එම යෝජනාවට කැමැත්ත පළ කළෙන් මිතුරාම නැගෙනහිර පළාතේ එක් දරු මවක වූ 49 හැවිරිදි සැමියා වියෝ වූ කාන්තාවක පිළිබඳව අදහසක් ඉදිරිපත් කරනු ලැබීය. එම යෝජනාව අනුව මිතුරා සමඟ ඇය බැලීමට ගිය අතර එහිදී පැවති කතා බහෙන් ඔහුට ඇය පිළිබඳව යම් විශ්වාසයක් ගොඩ නැගුණි.
එතැන් පටන් ඔවුනොවුන් සමීප ඇසුරක් පටන් ගත් අතර ඇය ඔහු හමුවන සෑම අවස්ථාවකදීම යම් අවශ්‍යතාවක් කියා කිසියම් මුදලක් ඔහුගෙන් ඉල්ලා ගැනීම ඇයගේ සාමාන්‍ය සිරිතක් බවට පත්ව තිබිණි. ඔහුද ඇය ඉල්ලන සැනින් අවශ්‍ය මුදල් සැපයුවේ ඇය අනාගත තම සහකාරිය වන හෙයින් බව සිත් තබාගෙනය.
විවාහයෙන් පසුව දෙදෙනාට නිදහසේ ජීවත්වීමට ඉඩමක් සහිත නිවහනක් මිලදී ගැනීමටද ඔවුන් කතිකා කරගෙන නිවසක් සහිත ඉඩමක්ද තොරා ගනු ලැබීය. එම ඉඩම සහ නිවහන විවාහයට පෙර ඇයගේ නමට ගැනීම සුදුසු බවට ඇය ඔහුට යෝජනාවක්ද කළාය. එහෙත් එම යෝජනාවට ඔහු එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඉඩම සහ නිවස මිලදී ගත්තේ නැත.
‘‘දැන් අපි මාස හයකට වැඩි කාලයක් ඇසුරු කළානේ අපේ විවාහය ඉක්මන් කරමු නේදැයි? ඔහු ඇයට එදින හමු වූ අවස්ථාවේදී යෝජනා කළේය. එහිදී එක් වරම ඇය ඔහුට පැවසුවේ මම අසවල් පක්ෂයේ පූර්ණ කාලීන සාමාජිකාවක්. මම විවාහයක් කර ගන්නවා නම් එම පක්ෂයෙන් විමසිය යුතු බවත් එයට පක්ෂය විරුද්ධ නම් මට ඔයත් සමග විවාහ වෙන්න බැහැ යැයි කීවාය. එම වදනත් සමගම අන්දුන් කුන්දුන් වූ ඔහු විමසුවේ මේක මට අපි හමුවූ පළමු දවසේම කියන්න තිබුණානේ. ඇයි මට එහෙම කළේ. ඔයා මට කොච්චර බලාපොරොත්තු තිබ්බද? එක එක දේවල් කියලා ඔයා මට විවිධ පොරොන්දු දීලා බලාපොරොත්තු ඇති කරලා මගෙන් ලක්ෂ පහකට වැඩිය සල්ලි මේ වනවිට අරගෙන තිබෙනවානේ ඇයි මාව මෙහෙම අමාරුවේ දැම්මේ කියා ඔහු දැඩි වේදනාවෙන් හා ශෝකයෙන් ඇයගෙන් විමසා තිබේ.
එහිදී ඇය පවසා ඇත්තේ කරන්න දෙයක් නැහැ. පක්ෂය තමයි අපි ගැන තීරණය කරන්නේ. මම පසුව ඔයාට ඒ ගැන කියන්නම් යැයි පවසා වේදනා බරිත වූ ඔහුගේ හදවත තවත් රිදවා යන්න ගිය ඇය එතැන් පටන් ඔහු හමුවීම හෝ ජංගම දුරකතනයෙන් ඇමතීමද නතර කර තිබිණි.
2025 දෙසැම්බර් මස 18
43
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පක්ෂයේ තීරණය හරස්වී විවාහයට පොල්ලක් වැටිලා