කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
බිරිඳට හොරෙන් පවත්වාගෙන යන අනියම් ඇසුරක් ‘‘ආංගික අභිනයක්” හේතුවෙන් එළි දැක්වීමේ ජවනිකාවකට රජරට පළාතේ දුෂ්කර පාසලක නාට්‍ය හා රංග කලා ගුරුවරයකුට මුහුණ දීමට සිදුවූ අපූරු පුවතක් දැන ගැනීමට ලැබුණි.
සිද්ධිය කෙටියෙන් මෙසේය.
ඔහු කඩවසම් පෙනුමකට උරුමකම් කියූ නාට්‍ය කලාව උගන්වන දක්ෂ ගුරුවරයෙකි. මෙතුමා ‘‘අනග රැඟුම්” කප්පිත්තෙකි. සතර අභිනය සහ නව නළු රසය උගන්වන්නේ කජු කන්නා සේය. සිසු දරු දැරියන්ට රංගනය කියා දෙන්නේ කනට මී පැණි වක් කරන්නා වාගේය.
අපගේ නළු ගුරා විවාහ වී සිටින්නේ ද එම පාසලේම ගුරුවරියක සමගය. තම සැමියා උගන්වන විෂය නිසා ඔහු කාගේත් ප්‍රශංසාවට ලක්වීම මේ ගුරු බිරිය නොරිස්සුවාය. ඇය ඒ හේතුව නිසා සැමියා සමග නිතර ගැටුම් ඇති කර ගන්නා බව පාසලේ බොහෝ දෙනෙකුට නොරහසක් විය.
පාසල් වත්තටම අල්ලා පිහිටි විහාරස්ථානයේ ඇති පෙර පාසලේ ගුරුවරිය ගිනි කිකිළියකි. අපගේ කඩවසම් නාට්‍ය ගුරුතුමා නාට්‍ය පුහුණු කිරීම් සිදු කරන්නේ පෙර පාසලට ඉතාම කිට්ටුවෙන් ඇති අඹ ගස් සෙවණේය.
පෙර පාසල් ගිනි කිකිළියගේත් නාට්‍ය ගුරාගේත් ඇස් හතර රහසේ ‘‘ජේදනය” වී සතර කන් මන්ත්‍රණ කාටත් හොරා ආංගික අභිනයන් වලින් සිදුවිය.
මේ රහස් ජවනිකාවලට අත්තටු ලැබීමට ගත වූයේ නිමේෂයකි.
නාට්‍ය ගුරුතුමාගේ ගුරු බිරිය මේ සියල්ල සැඟවී බලා සිටියේ ඇයට හිතවත් ගුරුවරියන් කීප දෙනකුගේ ‘‘සහයට ඩැනී” පිළිවෙතට පින් සිදුවන්නට ය.
සිසු දරුවන්ට ක්‍රියා කාරකමක් පැවරූ නළු ගුරා පෙර පාසල් දිහාවට ආංගික අභිනයන් පෑවේය. ක්ෂණිකව කඩා පාත් වූ ගුරු බිරිය තම සැමියාට අතින් පහර දුන්නේ සිදු වූ සියල්ලම අඬමින් කිය කියාය.
ගුරුවරයා පහර කාගෙන එතැනින් වාෂ්ප වී ගිය අතර සතියක නිවාඩුවකින් පසුව වෙනත් පාසලකට ස්ථාන මාරුවක් ලබා ගොස් ඇති බව දැන ගැනීමට ලැබුණි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නළු ගුරාගේ රංගනයට ගුරු බිරිය ආවේශ වෙලා
ගුණරත්න Sunday, 02 February 2025 07:55 AM
පාසලේදී ඔහොම පිස්සු නටන එක හරි වැරදි.