IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නව යුවළගේ මංගල ගමන පොලිසියේ

ගම්පොළ -සුරංග රාජනායක
විවාහ චාරිත්‍රවලින් පසු මංගල ගමනට යාමට නියමිත යුවළකට ඒ සුන්දර මොහොත අමතක කර පොලිසියේ රෑ පහන් කිරීමට සිදු වූ පුවතක් ගම්පොළින් වාර්තා වෙයි.


මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට අයත් එක් අංශයක සේවය කරන අතර මනාලයා දකුණු පළාතේ ගාල්ල ප්‍රදේශයේත් මනාලිය ගම්පොළ පළාතේත් පදිංචි අය වෙති. ආදර සම්බන්ධතාවයකින් පසු මොවුන්ගේ විවාහය සිදු වී එය මනාලියගේ ගම්පොළ නගරයේ උත්සව ශාලාවක පැවැත්විණි.


මඟු‍ල ජයටම කෙරීගෙන යන අතරතුර දෙපාර්ශ්වයේම වැඩි පිරිසක් පදම ඉක්මවා ගැනීමට ද අමතක කළේ නැත. මනාලියගේ පාසල් මිතුරෝ සිව් දෙනෙක් ද උත්සවයට පැමිණ සිටියහ. පදම වැඩිවෙද්දී පාසල් කාලයේ සිදුවීම් ද ඔවුන්ට කියවීමට වැඩි වේලාවක් ගත නොවීය. මනමාලයාගේ වැඩිමහල් සොයුරාගේ කේන්තියට එය හේතු වී ඇත. එහි ප්‍රතිඵලය වූයේ ඔහු එම තරුණයන් සිව් දෙනාට දොස් කීමය.


එයට කේන්ති ගත් සිව්දෙනා මනමාලයාගේ සොයුරාට පහර දී ඇත්තේ මඟු‍ල ද අමතක කරමිනි. අවසානයේ උත්සව ශාලාවේ මහා ගැටුමක් නිර්මාණය වී ඇති අතර උත්සව ශාලාවට ද හානි සිදුවිය. මනමාලියගේ පාර්ශවයේ කීප දෙනෙකු රෝහල් ගත කළ අතර මනමාලයාගේ සොයුරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.


අත්අඩංගුවට ගත් සොයුරා ඇතුළු ඥාතීන් හැර යාමට අකමැති වූ මනාලයා ගම්පොළ පොලිසියට වෙත පැමිණියේය. මනාලිය ද ඔහු පසු පස විය.


සාක්ෂි සටහන් කිරීම ඇතුළු නීති කටයුතු සිදු කිරීම මහ රෑ දක්වාම සිදුවිය. .


මංගල ගමනට සූදානම් කර තිබූ මෝටර් රථය ආපසු පිටත් කළ මනමාල යුවළ එළිවන තුරු එහි තිබූ වෑන් රථයක රැය ගත කළේ සොයුරා නිසාය.


ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් .එම්.එච්.එස් .යාලේගම මහතා ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පැවැත් වූහ.



අදහස් (0)

නව යුවළගේ මංගල ගමන පොලිසියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site