IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නව යුවළගේ උගුලේ ත්‍රිරෝද රියැදුරා පැටළේ

(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)
 ගමනක් ගිය නව යුවළක් ත්‍රිරෝද  රථය ගමනාන්තයට ගිය පසු ගාස්තුව  රැගෙන ඉක්මනින් එන බව පවසා රියැදුරා මුලා කර පලා ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


මේ දිනවල කොරෝනා නිසා නගරයේ සිටින කුලී රථවලට කුලී ගමන් අඩු වී තිබේ. ත්‍රිරෝදකරුවන්ගේ ආදායම පහත වැටී ඇත. දුර ගමනක් යාමට කතා කරන්නේ කව්දැයි බලමින් රථගාල්වලට වී බලා සිටිති. මේ අතරේ නගරයේ රථ ගාලක් වෙත පැමිණි අලුත් ජෝඩුවක් රියැදුරකුට කතා කර මල්ලි අපට දුර හයර් එකක් යන්න පුළුවන්ද අසා ඇත.


ඒ අසා මහත් සතුටට පත් රියදුරා ගමන පිටත්ව ඇත. ත්‍රිරෝද රථයේ සවිකර තිබූ මීටරේ රුපියල් දහස සටහන් වනවාත් එක්කම  පාලමක් පෙන්වා ඒ අසල නවත්වන ලෙස උපදෙස් දී ඇත. පසුව රථයෙන් බැසගත් ජෝඩුව පොඩ්ඩක් ඉන්න අපි ඉක්මනට එනවා. සමහර විට ආපසු යන්නත් වෙයි කියා තිබේ.


සැනසුම් සුසුම් හෙළු රියදුරා පැයකටත් වඩා වැඩි කාලයක් බලා සිටියත් බැස ගිය ජෝඩුව නැවත පැමිණ නැත. තමන් උගුලකට හසුවූ බව දැන ගත් රියදුරා ඔවුන් ගිය දෙසට ගොස් විපරම් කළ බැලුවත් සොයාගත  නොවූ හෙයින් ආපසු හැරී ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක් වුණේ මට කියා හිතමින් ආපසු ගියාලු.



අදහස් (0)

නව යුවළගේ උගුලේ ත්‍රිරෝද රියැදුරා පැටළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 207 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site