IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නාලා ඉවරවෙලා අමුතු බඩුවකින් ඇඟ පිහදාලා

(උණවටුන – ඩී.ජී. සුගතපාල)
ඔවුහු දෙදෙනා අගනුවර එකම ආයතනයක සේවය කළ කළණ මිතුරෝ වූහ. එක් අයෙක් දකුණු පළාතේ මුහුදු බඩ නගරයක පදිංචිකරුවකු වූ අතර අනෙකා කන්ද උඩරට පදිංචිකරුවෙකි. රාජකාරි නිමවීමෙන් පසු බොහෝවිට සවස් කාලයේ දෙදෙනා අවන්හලකට වී පවුලේ තොරතුරු කතාබස් කරමින් සිටියහ.


‘දරුවනුත් එක්ක මේ සැරේ එන්න’ කන්ද උඩරට මිතුරා දකුණේ මිතුරාට ආරාධනා කළේය. දකුණේ මිතුරාද ආරධනාව සතුටින් බාර ගත්තේය.


ඊළඟ සතියේ නිවාඩුවට පැමිණි ඔහු බිරියට ද මේ බව පවසා නුවර යාමට දුම්රිය නිදහස් ගමන් බලපත්‍ර සකසා ගත්තේය. ඔහු බිරිය සහ දරුවන් දෙදෙනාද සමග නුවර දුම්රිය පොළෙන් බසින විට ඔවුන් කැඳවාගෙන යාමට මිතුරා පැමිණ සිටියේය. නගරයේ සිට සෑහෙන දුරකින් පිහිටි නිවෙසට යනවිට රාත්‍රි හත ද පසුවී තිබිණි.


ගමන් වෙහෙස නිවාගෙන රාත්‍රි ආහාර ගත් පවුල් දෙකේ අය නින්දට ගියේ පසුදින සැලසුම් ගැනද සාකච්ඡා කිරීමෙන් පසුවය. ඒ අනුව දින දෙකක් කන්ද උඩරට බොහෝ ස්ථාන නැරඹු දකුණේ මිතුරා සහ පවුලේ අය නුවරින් දුම්රියට ගොඩවූයේ කන්ද උඩරට මිතුරා සහ දරුවන්ද ඔවුන්ගේ නිවෙසට එන බවට පොරොන්දුවක් කරවා ගැනීමෙන් පසුවය.


පොරොන්දුව අනුව මාස දෙකකට පසු කන්ද උඩරට මිතුරා සහ පවුලේ අය ගාල්ල දුම්රිය පොළෙන් බසිනා විටම ඔවුන් කැටුව යාමට සුඛෝපභෝගි මෝටර් රථයක් දුම්රිය පොළ ඉදිරිපිට විය. මිතුරාගේ නිවෙස ඔවුන්ගේ නිවෙසට වඩා සුඛෝපභෝගි වූ අතර කන්ද උඩරට මිතුරා එය දැක තරමක් විශ්මයට පත්විය. එදින දිවා ආහාරගත් පිරිස බොහෝ ස්ථානවල ඇවිද සවස් කාලයේ මුහුදු වෙරළට ගියහ.


නිවෙසට පැමිණීමෙන් පසුව මිතුරන් දෙදෙනා ඉහළම වර්ගයේ මත්පැන් බෝතලයක මූඩිය විවෘත කළහ. දෙදෙනාටම පදමට වෙරිය. කන්ද උඩරට මිතුරාට ඇඟ සෝදා ගැනීමට අවශ්‍යවිය. ඔහු කාමරයට ගොස් යාබද නාන කාමරයට වැදුණේය. කොතරම් ඇඟ සේදුවත් වෙරි හිඳුණේ නැත. නාන කාමරයේ තුවායක්ද නොවිණි. මේ නිසා ඔහු  කාමරයට ආවේ ඇඟ පිසදා ගැනීමටය.


ඇඳ ළඟ බිම වැටී තිබූ තුවායක් අතට ගත් ඔහු එය ගසා දමා ඇඟ පිහිදා ගත්තේය. ඉඳහිට වැලි කැට වැනි දෙයකින් ඇඟ සීරෙන බවක් දැනුනත් ඔහු එය ගණන් නොගත්තේ පදමට රත්වී සිටි නිසාය. ඔහු ඇඟ පිසදාමින් සිටින විට මිතුරා කාමරයට ආවේය.


මිතුරා ඇඟ පිසදමන දෙය දුටු ඔහු වහා එය උදුරා ගත්තේය. “මේ කකුල් පිහිදාන්න බිමට දාල තියෙන එකක්. පලයන් පලයන් හෝද ගනින් මම තුවාය අරගෙන එන්නම්’’ මිතුරාගේ ඉල්ලීමට ඔහු යළිත් නාන කාමරයට ගියේය.



අදහස් (0)

නාලා ඉවරවෙලා අමුතු බඩුවකින් ඇඟ පිහදාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site