IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නොමිලේ චිත්‍රපටය නරඹද්දී පෙම්වතියගේ කකුල වෙනුවට අම්මගෙ කකුල පාගලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය නරඹන අතරේ පෙම්වතියගේ යයි සිතා ඇගේ මවගේ කකුල පාගා අලි ජංජාලයක් වූ පුවතක් දුෂ්කර ගමකින් වාර්තා වේ.


කොරෝනා ආක්‍රමණය නොවුණු අති දුෂ්කර ගමකි. කොරෝනාවලට එරෙහිව තවදුරටත් වැට බැඳීමට ගමේ විහාරස්ථානයේ නායක හිමියන් ඇතුළු තරුණ පිරිසට අවශ්‍ය විය. මේ නිසාම ඔවුහු කොරෝනා මර්දන කෙටි චිත්‍රපටියක් ගමේ විහාරස්ථානයේ එළිමහනේ පෙන්වීමට කටයුතු කළහ. ඒ සෞඛ්‍ය අංශවල නිර්දේශ ලබාගෙනය.


 කොරෝනා නිසා කාලයකින් ගමේ සිටින සිය පෙම්වතිය හමුවීමට බැරිව සිටි පෙම්වතෙකුට චිත්‍රපටිය නරඹන්නට එන ලෙස සිය පෙම්වතියට එස්.එම්.එස්. පණිවිඩයක් යැව්වේය. එම පණිවිඩය සක්‍රීය විය.


කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය පෙන්වන දිනය උදාවිය. එය රාත්‍රියේ පෙන්වීමට සංවිධායකයෝ කටයුතු කළහ. 
රෑ බෝ වනවිට ගමේ බොහෝ දෙනෙක් චිත්‍රපටිය නැරඹීමට පන්සලට පැමිණියහ. පෙම්වතා දැනුම්දුන් පරිදි පෙම්වතිය සිටියේ  සෙනග මැද සිය මව සමඟය. ඇයත් පෙම්වතාත් සිටියේ එක පැත්තේය. තරුණයාගේ බැල්ම හොඳ නැති  නිසාම සිය දියණිය සිටි පැත්ත වෙනස් කිරීමට ඇගේ අම්මා කටයුතු කළාය. ඒ ඇයගේ බලවත් විරෝධය මධ්‍යයේය.


කොරෝනා නිසා චීනයේ මිනිසුන් මහ පාරේදීම මැරී වැටෙන අයුරු චිත්‍රපටියේ පෙන්වමින් සිටියේය. කාගේත් ඇස් තිබුණේ ඒ දෙසටය. පෙම්වතාගේද ඇස් තිබුණේ ඒ දෙසටය. නමුත් ඔහු එක් කකුලක් දිගු කළේ සිය පෙම්වතිය කලින් සිටි පැත්තටය. ඒ ඇයගේ කකුල උඩට සිය කකුල තබා ගැනීමටය.


මොකද ළමයෝ මේ කරන්නේ, මට ඔය ළමයටත් වඩා වැඩිමහල් පුතෙක් ඉන්නවා යයි පෙම්වතියගේ මව කීවේ ඔහුගේ ඉහමොළ රත් කරවමිනි. වැඩේ වැරදුණු බව තේරුණු ඔහු එතැනින් හෙමිහිට ලිස්සා ගියේ ‘ලව් ඉලව්’ වන බව පවසමිනි.


පසුදා ඔහුගේ පෙම්වතිය සිය මිතුරියන් පිරිසක් හමුවූ අවස්ථාවේදී කොරෝනා මර්දන කෙටි චිත්‍රපටිය නැරඹීමට ගිය අවස්ථාවේදී පෙම්වතාට වූ මේ ඇබැද්දිය කීවේ බඩ අල්ලාගෙන සිනාසෙමිනි.



අදහස් (0)

නොමිලේ චිත්‍රපටය නරඹද්දී පෙම්වතියගේ කකුල වෙනුවට අම්මගෙ කකුල පාගලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site