කුලියාපිටිය කොළඹ සුඛෝපභෝගී බසයක කොන්දොස්තරවරයෙකි. කුඩා පාර්සල් ආදිය හිතවත් කමට රැගෙන ගොස් දීම සාමාන්‍ය සිරිත වුවත් එය ඇතැම් වේලාවල් වලට කරදර බව කියන මේ කොන්දොස්තර තැනට අයකු පිටකොටුවෙන් යම් බෑගයක් ලබාදී ඇත්තේ කුලියාපිටියෙන් එය ලබාගනීවි කියමිනි.
අලුයම ගමන් ආරම්භකරන බසය අවසන් ගමන්වාරය නිමකොට කුලියාපිටියේ දී එම බෑගය ලබාගන්නට කිසිවකු පැමිණ නොතිබීම හේතුවෙන් කොන්දොස්තරගේ රතු කට්ට පැන තිබිණ. පසුදින අලුයම 3ට පමණ පළමු ගමන්වාරය ආරම්භ කිරීමට ඇති හෙයින් අදාළ මල්ල ගෙන විපරම් කර බැලීමේ දී එහි දුරකතන අංකයක් දැක කොන්දොස්තරට මහත් අස්වැසිල්ලක් විය.
කඩිනමින් අදාළ අංකවලට සිය දුරකතනයෙන් අමතා පාර්සලය කුලියාපිටියෙ තියෙන්නේ රැගෙන යාමට පැමිණෙන්නේ නැද්ද විමසීය. අනෙක් පසින් අංකය වැරදි බවට පිළිතුරු ලැබී තිබිණ. මඳ වේලාවක් ගොස් මඳක් තරහින් උස් හඬින් ‘‘අයිසේ විහිළු කරන්න එපා මේක ගෙනියනවා නැතිනම් අපි යනවා” යැයි පැවසීය. එහෙත් අනික් පසින් ‘‘මහත්තයා අංකය ආයෙ වරද්දගත්තාද” විමසා විසන්ධි කර ඇත. බසය පිටත්වීමට සැරසී මානුෂීය බව ඉස්මතුවීම හේතුවෙන් යළි ඇමතුමක් ගන්නට උත්සාහකර ඇති අතර දිගින් දිගටම අදාළ අංකය කාර්ය බහුලවීම හේතුවෙන් කොන්දොස්තර රියදුරු තැනට කියා තිබුණේ කාර්ය බහුලයි කියන්නේ ආපසු තමන්ට ගන්නවා විය හැකි බවයි.
යළිත් රතුකට්ට පැන්න කොන්දොස්තර දිගින් දිගටම උත්සාහ කරමින් සිටිය දී අනෙක් පසින් පිළිතුරු ලබාදී තිබුණත් කොන්දොස්තර ඒ මොහොතේ සිටි වාතාවරණය අනුව ‘‘මේ ඕයි තමුසෙ එනකල් මෙතන ඉන්න බැහැ” යැයි පවසා තිබූණත් අනික් පසින් ‘‘තමුසෙට පිස්සුද ඕයි මල්ලක් ගැන කියමින් නිතර කරදර කර අපේ කාලෙ කන්නෙ” යැයි කීමත් සමග කොන්දොස්තරට කේන්ති ගිය අතර ‘‘මේ පාර්සලේ තියෙන්නෙ මේ අංකෙනෙ” යැයි පවසා ඇත. වට පිටේ සිටි බොහෝ දෙනකු මේ සංවාදය නිසා එක් රැස්ව බලන විට දැකගත හැකි වූයේ අදාළ කිලෝ පහක සහල් බෑගයක බහා යම් පාර්සලයක් ඇති බවයි. ලැජ්ජාව හේතුවෙන් කොන්දොස්තර ප්‍රමාදවන බව කියමින් බසයට නැග දොර වසාගෙන නැවතුම්පොළෙන් පිටව ගොස් තිබිණ.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොම්බරය වැරදි කොන්දොස්තර අන්දමන්ද වෙලා