කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
එකම නම තිබෙන දෙදෙනකු නිසා අලි ජංජාලයකට මුහුණ දී නෑදෑකම් දුරස් වී ගිය පුවතක් අනුරාධපුර නගරාසන්නයේ නිවෙසකින් අසන්නට ලැබුණි.
ඔහු අනුරාධපුර නගරයට ඉතා ආසන්නයේ නිවසක ජීවත් වූවෙකි. හෙතෙම විශ්‍රාමිකයෙකි. නෑදෑයන් වෙනුවෙන් බොහෝ උදව් උපකාර කරන හිත හොඳ තැනැත්තෙකි. ගෙවතු වගාවට ද දක්ෂයෙකි.
ඉඩමේ පොල් වගාවට නිරන්තරයෙන්ම සාත්තු සප්පායම් කරමින් මුළු දවල් කාලයම ඉඩමේ ගත කරන්නට ඔහු පුරුදුව සිටියේය. ඒ අතරතුර ඔහුට කවුරුන් හෝ කුමක් හෝ වැඩක් පැවරුවහොත් ඔහුට යකා ආවේශ වෙයි.
නොච්චියාගම, කහටගස්දිගිලිය, කැකිරාව යන ප්‍රදේශවල ඔහුගේ ඉතා කිට්ටු ඥාතීහු සිටිති. එහෙත් ඔහු වැඩිපුර සමීප සම්බන්ධතා පැවැත් වූයේ නොච්චියාගම ඥාතීන් සමගය. ඒ ඔවුන් ඔහුට ළඟපාත සිටි බැවිනි. අනෙක් ප්‍රදේශවල ඥාතීහු වසරකට දෙතුන් වතාවක් හමුවී සුහදව කතාබහ කරති.
දිනක් ඔහු තම ඉඩමේ කුලීකම්කරුවන් සමග වගා කටයුත්තක නිරත වී සිටියේය. ඒ මොහොතේ ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණි. ඇමැතුමෙන් කියැවුණේ නොච්චියාගම ප්‍රදේශයේ තම බිරිඳගේ සොයුරියගේ සැමියා වන ධර්මසේන යන අය අනුරාධපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින්, ඔහුට කෑම බීම ඇතුළු අවශ්‍යතා රැගෙන ගොස් දෙන ලෙසය.
මෙම ඉල්ලීමත් එක්ක ඥාතියාට අසූහාරදාහට නැංගේය. තම බිරිඳටද නොහොඳ නෝක්කාඩු කියමින් ඔහු රෝගී ධර්මසේන ඥාතියා බැලීමට මෝටර් බයිසිකලයෙන් අනුරාධපුර රෝහල බලා තරහෙන් පුපුර පුපුරා ඉගිලුණේය.
වාට්ටුවේ ‘‘සූ” ගාලා සෙනග පිරිලාය. හිත හොඳ ඥාතියා කේන්තියෙන් පිපිරෙමින් නේවාසික ඥාතියා සොයා ඇඳක් ඇඳක් ගානේ ඇස් දෙක යැව්වේය. එවිට රැවුල සහ කොණ්ඩය වැවී තිබුණු නේවාසිකව සිටි රෝගියෙක් ඔහු සමීපයට පැමිණියේය.
‘‘මාමා කවුද හොයන්නේ....?” විමසීය.
‘‘ආ, මං මේ ධර්මසේන කියලා ලෙඩෙක් හොයනවා” යැයි ඔහු පිළිතුරු දෙද්දීම ආගන්තුක ලෙඩා ‘‘මං තමයි මාමා ධර්මසේන” යැයි පැවැසීය.
ඔහු එම ආගන්තුක ලෙඩාගේ හිසේ සිට දෙපතුලටත්, දෙපතුලේ සිට හිසටත් ඇස් දෙක එහා මෙහා යවමින් රවා බලා ‘‘නැහැ... නෑ.” කියමින් වහාම එතනින් ඉවත්විය.
ඔහු සෙවූ ඇත්ත ධර්මසේන ලෙඩා ඔහුට හමුවිය. කෑම බීම ඇතුළු ඔහු රැගෙන ගිය දේවල් ලෙඩාට පිළිගන්වා ඔහු වාට්ටුවෙන් එළියට එමින් සිටියේය.
ඔහුට මුලින් හමු වූ ආගන්තුක රෝගියා යළි වාට්ටුවේ දොරකඩ සිටගෙන සිටියේය. නැවත ඔහු කටහඬ අවදි කළේය.
‘‘මාමට මාව අඳුර ගන්න බැරි වුණා නේද..? මම ධර්මසේන. ඇයි මාමට මතක නැද්ද....? මාමගේ ලොකු අක්කගේ දුව චාන්දි බැඳලා ඉන්නේ මමනේ” ලෙඩා එසේ පවසනවාත් සමගම ඔහුට තරු විසිවිය. ‘‘ඇත්ත නේන්නම් මෙයා චාන්දී දුව බැඳපු එකානේ. මට අඳුර ගන්න බැරි වුණු හැටි...”යැයි තමාටම කියා ගත්තේය.
තමාට සිදුවූ අමතක වීම ගැන ඔහුට කරුණු පහදා දී සමාව ද ඉල්ලා ඔහු වහා පල්ලම් බැස්සේ සිදුවීම ගැන ලජ්ජාවට ද පත්වෙමිනි.
මේ සිද්ධියෙන් පසුව හඳුනා නොගත් ධර්මසේන රෝගියා නිවෙසට ගොස් එම සිදුවීම ඥාතීන්ට පැවැසූ පසු සෙසු ඥාතී පරපුරේ අයගේ හිත් හොඳටම පෑරී ඇති බව දැනගන්නට ලැබුණේ ඔහුගේ බිරියට ආ දුරකතන ඇමතුම්වලිනි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නම් පැටලවීල්ලෙන් නෑකමත් නැති වෙලා