IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නැන්දම්මාට ‘‘බීරි හටන’’කියූ බෑනාට අලි දෝස්මුරයක්

(තිහගොඩ – උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක් අසල වූ නිවසක ජීවත් වූ ඔහු නගරාසන්න නිවසකින් විවාහයක් කරගෙන ඒ නිවසේම බින්න බැස්සේ තම මහගෙදර සාමාජික සංඛ්‍යාව විශාල වූ නිසාය.


බිරියගේ නිවසේ ඇයත් ඇගේ අම්මාත් ජීවත් වූ අතර මේ නැන්දම්මා සහ බෑනා අතර නිතර ආරවුල් ඇතිවිය. නැන්දම්මාගේ කන නෑසීම නිසා මේ ගැටුම් ඇතැම් විටෙක උත්සන්න විය.


අගනුවර කාර්යාලයක සේවය කළ බෑනා පසුගියදා පෝය නිවාඩුවට ගෙදර ආවේ සති ගණනාවකට පසුවය. සිය නැන්දම්මා පෙනෙන්නට නොසිටි නිසා ඔහු බිරිඳගෙන් ඇසුවේ ‘කෝ අර බීරි හටන’ කියාය. ගෙතුළ කාමරයක සිටි නැන්දම්මා ‘තෝ මට ද බොල බීරි හටන කීවේ. අද සිල් ගත්තා. නැත්නම් තොට හොඳ වචන දෙකක් කියනවා’ යී කීවේ කෝපයෙන් පිපිරෙමිනි.


මේ දුටු බිරිඳ ‘හත් දෙයියනේ, මේ මනුස්සය ගිය සතියේ මාතර දොස්තර කෙනකුට කන පෙන්නලා කනට යන්ත්‍රයක් ද‌ාගත්තා, දැන් අපටත් හොඳට ඇහෙනවා’ කීමෙන් මේ බෑනා විමතියටත් ලැජ්ජාවටත් පත්ව කාමරයට ගියේ දැන් ඉතින් මේ ගෙදර ‘රහස් ඉවරයි’ කියා තමාටම කියා ගෙනලු.

 



අදහස් (0)

නැන්දම්මාට ‘‘බීරි හටන’’කියූ බෑනාට අලි දෝස්මුරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site