IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


නැන්දම්මාගේ ඉඩමට කොටන්න ලේලිය භූතයෙක් වෙලා

(දේවහූව ප්‍රසාද් ජයකොඩි)
තම නැන්දම්මා මිත්‍යා අදහස් විශ්වාස කරන නිතර නිතර දේවාල ගානේ යෑම පුරුද්දක් කරගෙන සිටින කෙනෙකු නිසා තමාගේ සැමියාට අයිති ඉඩම ලියා ගැනීම සඳහා නැන්දම්මා බිය කර ගැනීමට යක්ෂ බැල්මක් තමන්ට මෑතක සිට වැළඳී ඇතැයි රෝහල් ගත වූ ලේලියක පිළිබඳ පුවතක් පල්ලේපොල ලේකම් කොට්ඨාසයෙන් වාර්තා විය. 


මෙම කාන්තාව වසර කිහිපයක ප්‍රේම සම්බන්ධතාවකින් පසු විවාහ වී ස්වාමිපුරුෂයාට අයත් ඉඩමක කුඩා නිවසක් ඉදිකර එහි පදිංචි වී ඇති අතර, එම ඉඩමේ ස්ථිර බෝගද ඇය වවා ඇති බැවින්  ඇයට එම ඉඩම හා සරුවට වැඩුණු වගාව පිළිබඳව දැඩි ආශාවක් හටගෙන ඇත.


සැමියාට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකු සිටින බැවින් ඔවුන්ගෙන් කාට හෝ ඉඩම නැන්දම්මා ලියා දෙනු ඇතැයි සැක කළ ඇය නිතර කල්පනා කර ඇත්තේ ඉඩම ලියාගැනීමට ආශාවක් තිබුණද එය නැන්දම්මාට කෙළින් කියා සිටීමට තමන්ට හැකියාවක් නොමැති නිසා ස්වාමියාට මේ පිළිබඳව කොතෙකුත් ඇවිටිලි කළද ඔහු එයට උනන්දුවක් නොවූයෙන් ඔවුන් සියලුම දෙනා බිය කර ඉඩම තමන්ට ලියවා ගැනීමට හොඳ උප්පරවැට්ටියක් දමන්නම් කියා සිතූ ඇය අසනීපයක් ගෙන ඇයගේ මහ ගෙදරට ගියාය.


ඇය අසනීපව දින කිහිපයක් තම මවගේ නිවසේ සිටියදී සැමියාගේ මව තවත් දෙදෙනකු සමග ලේලිය බැලීමට එහි ගොස් ඇත්තේ ලේලිය කෑමට කැමති කැවිලි වර්ග සහ ආහාර පානද රැගෙනය. 


ලේලියගේ හිතේ යටපත් කරගෙන තිබෙන අරමුණු කිසිවක් නොදන්නා නැන්දම්මා ලේලිය ළඟට ගොස් ඉතාමත් ආදරයෙන් තමන් විසින් හැදූ ආහාර හා රස කැවිලි ඇයට ලබා දී ඇත. ඒවා රැගෙන පොළවේ ගැසූ ලේලිය නැන්දම්මාගේ මූණ දෙස ඇස්පිල්ලන් නොගසා විනාඩි කිහිපයක් බලා සිට එකවරම පැන ඇගේ බෙල්ලෙන් අල්ලා තරමක් දුරට මිරිකා කියා ඇත්තේ තම පුතු පදිංචි නිවසේ ඉඩම පුතුගේ නමට ලියන ලෙසත්, මිය ගිය ප්‍රාණකාරයෙක් එම ඉඩමට අරක්ගෙන සිටින බවත්ය.


 කෙම්මුර දින කිහිපයක් ඇතුළත ලියා නොදුන්නොත් තමන්ට ආරූඪ වී ඇති යක්ෂයා විසින් නැන්දම්මාට දඬුවම් දිය හැකි බවත් සමහර විටක   ජීවිතයෙන් පවා ඇයට වන්දි ගෙවීමට සිදුවන බව ලේලිය භූත වෙසින් කීවාය.


ලේලියට ආරෑඪ වූ යක්ෂයාට බිය වී දින තුනක් පමණ රෝහල් ගතවී ප්‍රතිකාර ලබා සුව වූ නැන්දම්මා රෝහලෙන් නිවසට යෑමට පෙර ඉඩම් රේජිස්ට්‍රාර් මහතෙකු හමු වී ඉඩම පුතුගේ නමට ලියා පසුව නිවසට ගොස් ඇත. 


වසර කිහිපයක් ගත වනවිට ලේලියගේ බොරු ආරූඪය කවුරුත් දන්නා රහසක් විය.

 



අදහස් (0)

නැන්දම්මාගේ ඉඩමට කොටන්න ලේලිය භූතයෙක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site