IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නැන්දම්මා ලේලියගෙන් කප්පම් අරන්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සිය ලේලියගෙන් කප්පම් ලබාගත් නැන්දනියක පිළිබඳව පුවතක් දකුණේ කොනේ ගම්මානයකින් අසන්නට ලැබේ.


  කොරෝනා ව්‍යසනයත් සමග ඇයගේ සැමියාගේ රැකියාව අහිමිව ගියේ ඔවුන් නොසිතූවිරූ මොහොතකය. ඊට අන් විකල්පයක් නොවුණු තැන ඔහු තරුණ භාර්යාව සිය මව භාරයේ තබා විදෙස්ගත වූවේය. ඒ භාර්යාවගේ චරිත සහතිකයද ඔහු සිය මවගේ භාරයේ තැබුවේය.


  පිරිමින් සමග කතා බහ කිරීම කෙසේ වෙතත් අන් පිරිමියකු දෙස බැලු‍වේ යැයි මව කීවොත් රට රැකියාව දමාගසා යළි මව් බිමට පැමිණෙන බව භාර්යාවට තදින්ම පවසා ඔහු විදෙස් ගතවූයේ තමා නැති අතරේ  භාර්යාව ආරක්ෂා කර ගැනීමේ අටියෙනි. රට යාමට උකසට තිබූ ඉඩම ගැනද නොසිතා තමා එසේ කරන බව කීවේ භාර්යාවට එහි බැරෑරුම් බව තවත් පෙන්වීමටය. ඒ නිසාම ඇය සැමියා විදෙස්ගතවූ දවසේ සිටම සිය නැන්දනිය ඉදිරියේ පරිස්සම් වූවාය.


  එදා නැන්දනිය තමා පෙළෙන බෝනොවන රෝග පැකේජය සඳහා නගරයේ රෝහලට ගියේ එහි ඇති සායනය සඳහාය. ඒ සිය ලේලිය නිවෙසේ තනිකර දමාය. ලේලිය මිදුල අතුගාමින් සිටිනාවිටදී දන්නා හඳුනන තරුණයකු ඇය සමග කතා කළේ හිතවත්කමටය. නැන්දනිය නිවෙසේ නැතිකමද ඊට රුකුලක් විය.


 වෙනදා බස් රථයෙන් සායනයට ගිය නැන්දනිය එදා ත්‍රිරෝද රථයකින් නිවෙස ඉදිරිපිටින් බැස්සේ ඔය අතරේදීය. අඩාපාලි මැද නැන්දනියගේ දෑස් උඩගියේ ලේලිය ලොකු වරදක් කර හසුවූ එකියක ලෙසය.


 මම ඉතින් ඔය කතාව පුතාට කියන්නේ නැහැ. කිව්වොත් වෙන දේ මම දන්නවනේ. මට තියෙනවානම් රුපියල් දාහක් දෙන්නකෝ ළමයෝ කියමින් නැන්දනිය ඇයගෙන් විටින් විට සල්ලි ඉල්ලා ගත්තාය. මෙය ලේලියට කරදරයක් වූයේ වරක් දෙවරක් නොවේ.
 නැන්දනිය කියන කියන වෙලාවට ඇය අතමිට මෙලෙව්වේ නැත්නම් වන හදිය දන්නා නිසා ලේලිය ඊට අවනත වූවාය. ඒ වෙන කළ හැකි දෙයක් නැති නිසාය. 


මෙය මල කරදරයක් වූ තැන ඇය සිය මව්පියන් සොයා ගොස් අඬමින් පවසා ඇත්තේ ඊට සහනයක් ගැනීමටය.



අදහස් (1)

නැන්දම්මා ලේලියගෙන් කප්පම් අරන්

Zeylanicus Thursday, 02 June 2022 04:55 PM

මානසික රෝගයක් තියෙන මිනිහෙක්වනේ කසාද බැඳලා තියෙන්නේ. ඉක්මණින් වෙන්වෙන එක හොඳයි.. නැත්නම් ජීවිතේම දුකෙන් ඉන්න තමයි වෙන්නේ.. මේ වගේ සැක හිතන කෙනෙක් එක්ක...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1561 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site