IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නින්දේ සිටි බිරිඳගෙ හැට්ටෙ අස්සේ සල්ලි අතුරුදන්වී ජංජාලයක්

  • කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

මුදල් බහා තිබුණු හැඹිලිය හැට්ටය අස්සේ සඟවාගෙන තද නින්දට ගොස් සිටිය දී  හැඹිලියේ මුදල් සොරකම් කර ගෙන ගොස් මත්පැන් පානය කර පැමිණ තමන් හැඹිලියේ මුදල් සොරකම් කළේ නැතැයි පවසා  බිරිඳට පහර දී නිවසින් පන්නා දමා ඇතැයි කියන වයෝවෘද්ධ පුද්ගලයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන්  වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

සිය වයෝවෘද්ධ 76 හැවිරිදි බිරිඳ නිවසින් පන්නා දමා ඇතැයි කියන සැමියාගේ වයස අවුරුදු 81 කි. මෙම යුවළට දරුවන් තිදෙනෙකි. වැඩිමල් පිරිමි දරුවා විවාහ වී පොලොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටී. දෙවැනි දියණිය විවාහ වී කෑගල්ල ප්‍රදේශයේ ගමක පදිංචිව සිටින්නීය. තෙවැනි පිරිමි දරුවා මෙම වයෝවෘද්ධ යුවළ පදිංචිව සිටින මහගෙදර ආසන්නයේ නව නිවසක් තනාගෙන අඹු දරුවන් සමග පදිංචිව සිටියි.

බාල පිරිමි දරුවා වසර ගණනාවක සිට කොරියා රාජ්‍යයේ විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාවක් කරන්නේය. ඔහුගේ ඉල්ලීම පරිදි බිරිඳ මෙම වයෝවෘද්ධ මව්පිය යුවළට තුන් වේලටම උයා පිහා නිවසට කැඳවා හෝ ඔවුන් පදිංචිව සිටින නිවසට කෑම බීම ගිහින් දීමට එක වේලක්වත් අමතක නොකළාය. 

කොරියා රාජ්‍යයේ රැකියාව කරන කාර්මික පුතා මසකට වරක් බිරිඳට මුදල් හදල් එවූ අවස්ථාවේ දී මව්පියන්ට ලෙඩක් දුකක් හැදුණවිට බෙහෙතක් ගැනීමටත් අවශ්‍ය කෑම බීමක් නගරයට ගොස් ගැනීමටත් රුපියල් 10,000 ක මුදල් මවට දීමට ලේලිය පුරුද්දක් කරගෙන සිටියාය. ඊට අමතරව ලේලිය ඇඳුම් පැළඳුම් ද සැමියාගේ මව්පියන්ට ගෙනැවිත් දෙන්නීය. පිට පදිංචිව සිටින වැඩිමල් පිරිමි දරුවා හා ගැහැනු දරුවා ද මාස දෙක තුනකට වරක් මව්පියන් බැලීමට පැමිණ ඔවුහු ද හැකි අයුරින් යමක් මව්පියන්ට දීමට අමතක නොකළහ.

මෙම දරුවන් තිදෙනාගේ වයෝවෘද්ධ පියාට සෑම දිනකම හවසට ගමේ ගොඩේ තියෙන මත්පැන් ටිකක් තොල ගෑමට අවශ්‍යය. දරුවන් තිදෙනා කන්න බොන්න ඇඳුම් පැළඳුම් ලෙඩට දුකට බැලු‍වාට මත්පැන් පානය කිරීමට වයෝවෘද්ධ පියාට මුදල් හදල් කීයක්වත්  දෙන්නේ නැත. කුලියක්වත් කර කියා ගැනීමට ගත වාරු නැති වයෝවෘද්ධ පුද්ගලයා දරුවන් තිදෙනාට නිතර නිතර දොස් ද පැවරුවේය. ඔවුන් සමග කතා බහ කරන්නේ ද නැත.

රට සිටින දරුවාත් සෙසු දරුවන් දෙදෙනාත් මවට දෙන හදන මුදල් නිවසේ කොතනක තබා තිබුණත් වයෝවෘද්ධ පියා සොයාගෙන ගොස් මත්පැන් පානය කර පැමිණ පරුෂ වචන වලින් වයෝවෘද්ධ බිරිඳට බැන වදින්නේය. එම නිසා වයෝවෘද්ධ කාන්තාව මාස කිහිපයක සිට මුදල් හැඹිලියක් සොයාගෙන එයට දමාගෙන හැට්ටය අස්සේ සඟවා ගැනීම පුරුද්දක් කර ගෙන තිබුණි.

ඉකුත් දිනක දහවල් කාලයේ වයෝවෘද්ධ කාන්තාව හැඹිලිය හැට්ටය අස්සේ සඟවාගෙන ඇගේ පතේ තිබුණු අමාරුවකට කාමරයේ ඇඳක නින්දට වැටුණාය. බිරිඳ ගොරව ගොරවා තද නින්දට වැටී ඇති බව දැන ගත් වයෝවෘද්ධ සැමියා හෙමින් සීරුවේ බිරිඳ නින්දට වැටී සිටි කාමරයට ගොස් හැට්ටය අස්සේ සඟවාගෙන තිබුණු හැඹිලිය ගෙන රුපියල් 5000 ක නෝට්ටුවක් ගෙන යළි හැඹිලිය හැට්ටය අස්සට හෙමින් හෙමින් රිංගවා නිවසින් බැස ගියේය.

සවස නින්දෙන්  අවදි වුණු ඇයට හැට්ටය අස්සේ තිබුණු හැඹිලිය කවුරු හරි ඇද ඇති බවත් රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් අතුරුදන්ව ඇති බවත් වැටහුණි. නිවසේ නොමැති වූ සැමියා ගැන සැක සිතමින් සිටි වයෝවෘද්ධ කාන්තාව කීයට හරි  එන්නේ නැතැයි සිතමින් නිවසේ ප්‍රධාන දොර අසල රැඳී සිටියාය. 

වයෝවෘද්ධ පියා මුදල් නෝට්ටුව ගමේ මත්පැන් මුදලාලිට දී පරණ ණය ද පියවා හිතවත් දෙදෙනෙකුට ද පැකැට් එක බැගින් රැගෙන දී පැකැට් එකක් පානය කර යළි නිවසට එන්නට පටන් ගත්තේය.

කළුවර වැටෙමින් තිබුණු වේලාවේ හතර ගාතෙන් ආ සැමියාට හැඹිලිය ඇද මුදල් රැගෙන ගියා දැයි පවසා බැන වදින්නට වූවාය. පසුව වයෝවෘද්ධ කාන්තාව අතට අහුවුණ හැම දෙයක්ම සැමියාට එල්ල කළාය. කාන්තාව අල්ලපු නිවසකට දුව යන්නට වූවාය. කෑ ගසාගෙන බිරිඳ පසු පස දිව ගිය වයෝවෘද්ධ පුද්ගලයා ආපසු හැරී ගීතයක් ගායනා කරමින් නිවසට පැමිණ නින්දට වැටුණේය. සිය සැමියා ඊයේ සවස රුපියල් 5000 ක නෝට්ටුවක් තමන්ට දී පරණ ණය පියවා හිතවතුන් දෙදෙනෙකුටත් බොන්න අරන් දුන් බව පසුදා ග⁣මේ වෙළඳසලක් අසල දී  මත්පැන් වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාවට පැවසීය. 



අදහස් (0)

නින්දේ සිටි බිරිඳගෙ හැට්ටෙ අස්සේ සල්ලි අතුරුදන්වී ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 639 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17645 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site