IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නැන්දා මාමාට ගෑස් පෙන්නන්න ගිය මන්ත්‍රී බෑනාට දවල් තරු පෙනිලා

 (කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත)
මට ගන්න බැරි ගෑස් මේ සිරි ලංකාවේ නැතැයි කටමැත දෙඩවූ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ගොස් අලිඅකර තැබ්බයකට මෙන්ම සිය නැන්ද මාමා ඉදිරියේ සිය අභිමානයට අවමානයක් වූ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


   ඔහුගේ නිවෙසේ ගෑස් එක තිබුණේ ගෑස් නිමාවට පත්වීමේ අවසන් අදියරේය. නිල් දැල්ල වෙනුවට රතු දැල්ල ගෑස් උදුනේ දැල්වෙමිනි. මේ දිනවල වෙළඳපොළේ ගෑස් හිඟ බැවින් මේ සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස බිරිය ඉල්ලීම් කළත් එය ඔහු කනකට නොගත්තේය. ඒ තමා මන්ත්‍රී බැවින් තමාට ගෑස් සිලින්ඩරයක් සොයා ගැනීමට පුළුවන් වෙතැයි තිබූ පුහු මාන්නය නිසාය.


   කාලෙකට පස්සේ සිය නැන්දා මාමා ඔහුගේ නිවෙසට එන්නේ මේ අතරවාරයේදීය. නිවසේ රතු දැලි මතු කරමින් සිටි ගෑස් උඳුන නිවී යන්නේ ගෑස් සිලින්ඩරයේ ගෑස් නිමාවට පත්වීමත් සමගමය. නැන්ද මාමාට විදුලි කේතලයෙන් තේ වත්කොට දී දිවා අාහාරය සැකසීමට සිය මෝටර් රථයේ හිස් ගෑස් සිලින්ඩරය ඔහු දමා ගෙන ගියේ මට ගන්න බැරි ගෑස් මේ සිරි ලංකාවේ නැතැයි කියමින් වහසි බස්ද දොඩමිනි.


  යන යන තැන ඔහුට අසන්නට ලැබුණේ ගෑස් නැති බවය. සිය නගරය පුරා මෙන්ම සිය ප්‍රධාන නගරය දක්වාද රුපියල් දෙතුන් දහසක තෙල් පුච්චාගෙන ගියේ ගෑස් සිලින්ඩරයක් කොහෙන් හෝ මිලදීගෙන නැන්දා මාමා ඉදිරියේ දෙඩූ කටමැත බේරා ගැනීමේ අටියෙනි. එහෙත් පලක් නොවීය. මේ වනවිට ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට යන වියදමටත් වඩා වැඩි ගානක් එය සොයා ගැනීමට වාහනයේ තෙල් සඳහා ගොස් තිබුණි.


  ගෑස් නොමැතිව හිස් අතින් එන අතරේ ඔහුගේ මෝටර් රථයේ තෙල් ඉවර බව මීටරයේ සටහන්ව තිබූ බැවින් ආසන්නයේ ඉන්ධන පිරවුම් පොළකට අල්ලන්නට සිතූවේ නිවසට යාමට තවක් දුරක් ඇති හෙයිනි. තෙල් පිරවුම් පොළෙත් හෝගාලා පෝලිමය. ඔහුට පෝලිමෙන් පිට පැන ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් යයි පවසා තෙල් ගසා ගැනීමට ගියහොත් මේ කාලයේ වෙනදේ දන්නා බැවින් විශාල පෝලිමක සිට යාන්තම් ඔහු වාහනයට තෙල්ටික ගසා ගත්තේය.


   දිවා කාලයද නිමාවෙමින් තිබූ නිසා කාලයකින් නිවසට පැමිණි නැන්දා මාමා බඩගින්නේ තැබීමට නොහැකි නිසා ඔහු එදා දහවල කඩේකින් කෑම රැගෙන හිස් සිලින්ඩරයත් සමග ගෙට ගොඩවුණේ සිය අඹුදරුවන්ගේ සමච්චලය මැද්දේ සිය සායමද හොඳටම දියකර ගෙනය.



අදහස් (0)

නැන්දා මාමාට ගෑස් පෙන්නන්න ගිය මන්ත්‍රී බෑනාට දවල් තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site