හෝමාගම - ප්‍රියන්ත ජයලත්
පුද්ගලයකුට බස් රථයේදී නින්ද යාම හේතුවෙන් වැඩිපුර කිලෝමීටර් 15ක් ගොස් නැවත රුපියල් 100ක් ගෙවා වෙනත් බස් රථයකින් නිවෙසට යාමට සිදුවීමේ සිද්ධියක් හංවැල්ල තුන්නාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
සිද්ධිය මෙසේය.
නුගේගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක සේවය කරන මෙම පුද්ගලයා සේවය නිමා වී නිවෙසට යාම සඳහා සවස තුනට පමණ නුගේගොඩ ගුවන් පාලම අසලින් අවිස්සාවේල්ල බස් රථයකට ගොඩ වී ඇත. බස් රථයට නැග මුදල් ගෙවා කොන්දොස්තර මහතාගෙන් තුන්නානට ටිකට්පතක් ලබාගෙන ඇත. බස් රථයේ ඉඳගෙන යාමට අසුනක් නොමැති නිසා ටික දුරක් හිටගෙන යන්නට සිදු වී ඇත.
එසේ ටික දුරක් යන විට ඉඳගැනීමට අසුනක් ලැබී ඇත. ඒ අනුව ඔහු එම අසුනේ වාඩි වී ටික වෙලාවක් යන විට ඔහුට තදින්ම නින්ද ගිහින් ඇත. එසේ ටික වේලාවක් ගිහින් නින්දෙන් ඇහැරී වටපිට බලන විට රේල් පාරක් දැක ඇත. ඔහු තිගැස්සී නැගිට ඇස් දෙක පිසදාගෙන මාර්ගය දෙපස තිබෙන වෙළෙඳසලක නාමපුවරුවක් බලා ඇත. එම අවස්ථාවේ ඔහුට දෙයියෝ සිහි වී ඇත.
ඒ වන විට ඔහු නියමිත බස් නැවතුම්පොළ පසු කර කිලෝමීටර් 15ක් පමණ දුර ඇවිත් ඇති බවට ඔහුට වැටහිණි. ඉක්මනින්ම බස් රථයෙන් බැස මාර්ගයේ අනෙක් පසට මාරු වී නැවත පිටකොටුව බලා එන බස් රථයක නැග රුපියල් 100ක ටිකට්පතක් ලබාගෙන නිවෙසට පැමිණ ඇති අතර, නිවෙසට එන විට සවස 5.30 පමණ වී ඇත. ඔහුගේ පමා වීම නිසා නිවැසියන් ද කලබල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd