රාස්සගල සම්පත් ප්‍රියනන්දන
තම බිරියට හොරෙන් නෑනාට ජංගම දුරකතනයේ වට්ඇප් හරහා කෙටි පණිවිඩ යැවු සැමියකුගේ පවුල් ජීවිතය අනුනවයෙන් බේරුණු පුවතක් බලන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශයකින් අරංචි විය.
සිද්ධිය සිදුවී තිබෙන්නේ මෙසේය.
මැදි වයසේ විවාහක යුවළක් බලන්ගොඩ නගරයට තරමක් දුර ගමක වාසය කර ඇත. බිරිඳගේ නැඟණිය අවිවාහක තරුණියකි. සැමියා විසින් බිරිඳගේ නැඟණියගේ දුරකතන අංකය තමන්ගේ දුරකතනයේ පිරිමි පුද්ගලයෙකුගේ නමකින් සේව් කරගෙන තිබේ. මොහු නිතරම රාත්‍රි කාලයේ නිදාගෙන සිටින අතරතුර බිරියගේ නංගි සමග ජංගම දුරකතනයෙන් වට්ඇප් හරහා කෙටි පණිවිඩ හුවමාරු කර ගැනීම පුරුද්දක් කරගෙන තිබේ.
මීට දින කිහිපයකට පෙර මොහුට නින්ද ගිය අතරතුර ද එම දුරකතනයට වට්ඇප් හරහා කෙටි පණිවිඩ කිහිපයක් ඇවිත් තිබෙන අතර බිරිඳ හොර රහසේම දුරකතනය පරීක්ෂා කර බලා කෙටි පණිවිඩ ලැබෙන නම පිරිමි පුද්ගලයෙකුගේ වුවද කාන්තාවක විසින් එම පණිවිඩ එවන බවට බිරිඳට වැටහි ඇත. එම දුරකතන අංකය පරීක්ෂා කර බිරිඳ එම දුරකතන අංකයට තමන්ගේ දුරකතනයෙන් ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කර ඇත. එහිදී බිරිඳගේ දුරකතනයේ එම නොම්මරේම තමන්ගේ නංගිගේ නම පෙන්නුම් කර තිබෙන අතර එහිදී බිරිඳට කාලයක් තිස්සේ සැමියා කර තිබෙන කපටි වැඩේ වැටහි ඇත.
පසුදා පාන්දරම අවදි වූ බිරිඳ සැමියාගෙන් විමසීමක් කර තිබෙන්නේ මගේ නංගිගේ නම වෙනස් කර තිබෙනවාද යනුවෙනි. ‘ඇයි එක පාරටම එහෙම අහන්නේ’ යැයි සැමියා විමසු විට බිරිඳ පවසා තිබෙන්නේ ‘මේ නංගිගේ නොම්මරය පිරිමි අයකුගේ නමකින් සේව් කරල තියෙන්නේ ඇයි’ යනුවෙනි. වැඩේ මාට්ටු වෙලා තමයි යනුවෙන් සිතු සැමියා නිශ්ශබ්දව බලාගත්තු අත බලාගෙන කල්පනා කරමින් සිටිනු දැක.
මෙච්චර කල් කරපු හොර වැඩ අහුවුණා. තමුසෙට මම හොඳ වැඩක් කරන්නම් කියා ඔහුගේ දුරකතනයත් රැගෙන ඇගේ මවුපියන් සමග නංගි ජීවත්වෙන කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති නිවසට ගොස් අක්කටයි, නංගිටයි එක මිනිහෙක්ද ඕනි. මේ ලඳරම කරල තියන දේ යනුවෙන් සියල්ල මව්පියන්ට පවසා දුරකතනය ඔවුන්ට ද පෙන්වා තිබේ. මම ඌත් එක්ක ගිහින් අවුරුදු තුනක් හිටියා. දැන් ඉතුරු ටික උඹ ගිහින් හිටපන්, යනුවෙන් ඇය යක්ෂණියක් ආවේශවෙලා වගේ නංගීට කියා ඇත.
පසුව පැය කිහිපයකට පසු සැමියා ද එම නිවසට පැමිණ තිබෙන අතර පසුව බිරිඳගේ නංගී සිය අක්කාට වැඳ සමාවගෙන ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෑනාට ගැසූ මැසේජ් මාට්ටු වී බිරිඳ යකින්නියක් වෙලා
රිතික් Wednesday, 13 November 2024 10:56 AM
ඒකනේ කියන්නේ ...!!!
pakeer Thursday, 14 November 2024 11:05 AM
නංගිත් පව්, අක්කත් පව්... මේ මිනිහත් පව්...!