IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


නෝනාගෙන් ගැලවෙන්න යද්දී පත ගෝනුස්සෙක් හරහට හිටලා

හසලක සුනිල් ඒකනායක
බිරිය සමග අමනාප වී ලණුවක් රැගෙන ගසකට නැගි ගැමියකු හදිසියේ දුටු දසුනකින් බියපත්ව ගමන අතරමග නවතා නිවෙස කරා දිව ආ පුවතක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තාවිය.
ඔහු 48 හැවිරිදි තිදරු පියෙකි. එදිනෙදා කුලියෙන් දිවි ගෙවූ මොහු නිතර මත්වතුරට ඇබ්බැහි වී සිටින්නෙකි. මොහු දෛනිකව උපයන මුදලින් හරි අඩකට වඩා ප්‍රමාණයක් මිතුරන් සමග එකතු වී සාජ්ජවලට වැය කරයි.
බිරිය රැකියාවක් නොකරන නිසාත් දෛනිකව බිරියට ලබා දෙන මුදල් නිවසේ අවශ්‍යතාවට සහ දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට ප්‍රමාණවත් නොවන නිසාත් කලක සිට අඹු සැමියන් අතර නිතර ආරවුල් හටගෙන තිබේ.
මේ ආරවුල කීප වතාවක්ම ගමේ සාම නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඉදිරියට ගිය විට එය සමථ කිරීමේ දී ඔහු එම නිලධාරීන් හමුවේ පවසන්නේ මින් මතු තමන් මත්වතුර තොලේ නොගාන බවත් උපයන සියලු මුදල් බිරියට රැගෙනවිත් දෙන බවත්ය. ගත වන්නේ තවත් දිනක් හෝ දෙකක් පමණි. ඔහු පුරුදු කටයුත්තට හුරුවන්නේ නිතැතිනි. සුපුරුදු පරිදි මෙදින ද පෙරවරුවේ බිරියගෙන් එල්ල වූ වාග් ප්‍රහාරය ඔහුට ඉවසුම් නොදුන්නේය.
මේ ගෝරනාඩුව ඉවසුවා තවත් ඇති මේකෙන් ගැලවෙන්න ඕනෑ යැයි තමාටම කියා ගත් ඔහු අසල තිබු දිග ලණුවක් රැගෙන වත්ත පහළට යන්නට වූයේ අමුතුම විදිහකටයි. මේ යන ගමන දුටු බිරිය විමසුවේ “ඔය ලණුවකුත් අරගෙන කොහේද යන්නේ. අද අර මාමලාගේ වත්තේ වැඩට යන්නේ නැද්ද? කියාය.


එවිට ඔහු පැවැසුවේ “උඹගේ කරදරයෙන් බේරීමට මම බෙල්ලේ වැල දාගෙන මැරෙන්න යනවා.” කියාය.
“ආ ඒක හොඳයි. එහෙනම් මේ දරුවෝත් මමත් අරගෙනම යන්න”. යැයි ඇය ඔහුට ඔච්චමක් ද කළාය.
ගත වූයේ පැය භාගයකටත් වඩා අඩු කාලයකි. ඔහු රැගෙන ගිය ලණුවත් අතින් ගෙන පෙරළා නිවස කරා වේගයෙන් එන අයුරු බිරියට දැකගත හැකිවිය. “හා මොකද හිස් අතින්ම ආපහු එන්නේ. මැරුණේ නැද්ද? මැරෙන්න බයද? නැවතත් සිනහ වෙමින් ඇය ඔහුට ඔච්චම් කරන්නට වූවාය.


“නෑ යෝදියේ ගහට නැගලා ලණුව ගහේ ගැට ගහන්න හදනකොටම මෙන්න ගහේ පහළට පත ගෝනුස්සෙක් එනවා මම ඒකට බයේ පැනලා ආවා. තව පොඩ්ඩෙන් මේකා මම කනවා. ගෝනුස්සෝ කෑවම හරිම විසයි. ඒක හින්දයි මම ආවේ නැත්නම් මැරෙන්න බය නිසා නෙවෙයි.” යැයි කියා අතේ තිබුණු ලනුව පැත්තකට විසිකර දමා නිවස තුළට ගියේ බිරිඳගේ තව තවත් ඔච්චම් වදන් සහ සිනහව ඉවසන්නට බැරි තැනය.



අදහස් (0)

නෝනාගෙන් ගැලවෙන්න යද්දී පත ගෝනුස්සෙක් හරහට හිටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 98 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site