IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නාන හැටි බලලා බල්ලෙක් පාඩමක් උගන්වලා

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
  රාත්‍රියේ නාන කාමරයේ දිය නාමින් සිටි තරුණියක සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරමින් සිටි තරුණයකුට බලු‍ ප්‍රහාරයකට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබන්නට සිදුවූ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.


 ඇඟලු‍ම් කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියකි. වැඩ ඇරී රෑ බෝවී සිය නිවසට එන ඇය පුරුද්දකට මෙන් සිය නාන කාමරයට ගොස් ඇඟ සේදීම හෝ දිය නෑම සිදුකරන්නීය. 


 එදාත් ඇය වැඩ ඇරී රාත්‍රියේ නාන කාමරයට ගියේ නා ගැනීමටය. එසේ ඇය නාන කාමරයේ දිය නාමින් සිටියදී එක පාරටම දඩෝස් ගා නාන කාමරය පිටුපස දෙසින් ශබ්දයක් ආවේය. ඒ සමගම නිවසේ ඉදිරිපිට ලිහා සිටි බල්ලා ද කලබලවී ඒ දෙසට දිව ආවේ ආගන්තුකයකු සිය නිවසට පැන ඇතැයි ඉව වැටුණු නිසා විය යුතුය.


  නාන කාමරයේ පිටුපස තරමක් උස ලී කොටයකින් වැටී එය පෙරළී දුවනා කෙනකු පිටුපස කලු‍වරේ එළවාගෙන ගිය බල්ලා සපා කෑවේ ඔහු මර හඩ තලමින් සිටියදීය. නිවසේ සිටි අයියමලෝද ඒ දෙසට දිව ආවේ නිරායාසයෙන්මය. සිදුවූදේ ඔවුනට තේරුම් ගියේය. බලු‍ ප්‍රහාරයට ලක්ව ලේ ගලමින් සිටි ඔහුගේ අත තිබූ ජංගම දුරකතනය නිරීක්ෂණය කර බැලීමෙන් එය තව දුරටත් තහවුරු විය. 


 සිය නිවසට හොරෙන් ඇතුළුවීමෙන් කලබලයට පත්  බල්ලා සපා කෑවාක් මෙන්ම ජංගම දුරකතනයේ වීඩියෝව දැකීමෙන් කලබලයට පත් මේ අයියමලෝ ඔහුට හොඳටම නෙළුවේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් අනිවාර්යයෙන්ම රෝහල් යා යුතුම තරමටය.


  කට්ට කළුවරේ තිබූ නාන කාමරයේ කවුළුවට උස මදි නිසා මේ තරුණයා නාන කාමරයේ දිය නාමින් සිටි තරුණිය වීඩියෝ කිරීමට භාවිතා කර තිබුණේ ඒ ආසන්නයේ තිබූ ලී කොටයක නැඟය. නාන කාමරයේ ඇතුළත හොදින්

වීඩියෝ කරන්නට ගොස් තමාට උන්හිටි තැන්ද අමතකවී සමබරතාවය බිඳී ඔහු එම ලී කොටයෙන් බිමට වැටී ඇත්තේ ශබ්ද නඟමින් බව ඒ පිළිබඳව නිරීක්ෂණයේදී එම නිවැසියන්ට දැක ගන්නට ලැබී තිබේ. 



අදහස් (0)

නාන හැටි බලලා බල්ලෙක් පාඩමක් උගන්වලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site