(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
සිය සහෘද සේවකයාගේ බිරිය යැයි රැවටී විහිළු තහළු සිදු කර අලි අබැද්දියකට මුහුණ දුන් සේවක පිරිසක් පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

හේ සිටියේ මැදිවියේය. තනිකඩ දිවියක් ගත කළ අයෙකි.
දකුණේ කොනේ සිටි ඔහු රාජකාරී කළේ උතුරේ කොණේය. ඒ ආරක්ෂක හමුදා කඳවුරකය.
ඔහු සේවය කළ ස්ථානයේම සිටි මිතුරකුගේ අවමංගල උත්සවයකට සහෝදර සේවකයන් පිරිසක් ගියේ දකුණටය. ඒ යන අතරවාරයේදී ඔහුගේ නිවෙසට ගොස් තේ පානය කර යාමට තීරණයවී තිබිණ. ඒ ඔහුගේ  ද කැමැත්ත ඇතිවය.
සේවක පිරිස ඔහුගේ නිවෙසට ගියෝය. තේ පානය සඳහා අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය වී තිබිණ. ‘නෝනා මේ කට්ටියට සංග්‍රහ කරන්න’ යයි ඔහු කීවේය. ඒ සමගම නිවෙස තුළින් පැමිණි රූමත් කාන්තාවක් බන්දේසියක තබා හැලප, ලැවරියා, රෝල්ස් ආදී කෑම වර්ග ගෙන ආවාය. ඇය දුටු රත්වී සිටි සේවකයන්ගෙන් කෙනකු කීවේ ‘ආ අපේ යහළුවාගේ භාර්‍යාව හරිම තරුණයි’ කියාය. ‘යහළුවා හොඳ හැඩකාර කෙල්ලෙක්නේ බැඳලා තිබෙන්නේ’ යයි කියමින් සමහරු ඇයට විහිළු තහළු කළහ. මෙය ඇසූ කාන්තාව ලජ්ජාවෙන් ඇඹරෙමින් සිනා සිටියා මිස මොකවත්ම නොකීවාය. ඒ ඔහු තේ රැගෙන ඒමට නිවෙස තුළට ගොස් සිටියදීය.
එන පොට හොඳ නැති බව තේරුම්ගත් කාන්තාව ‘බාප්පේ මම එහෙනම් ගෙදර යනවා’ යයි ඇය කියූවිට මිතුරන් පිරිසට තුන් මුහුණින් දහඩිය දැමීමට පටන් ගත්හ. රත්වී සිටි අයගේ ඇඟ සීතල වී ගියේය. ඔවුහු මහත් අපහසුතාවයෙන් පසු වූහ. එය තේරුම් ගත් ඔහු ‘මොකද මේ වෙලා තියෙන්නේ’ යයි මිතුරන්ගෙන් ඇසුවේය.
 ‘‘මචං හරි වැඩේනේ උණේ. අපි හිතුවේ අර ලේඩි උඹේ භාර්‍යාව කියලානේ. ඇයට අපි මොරාල් එකක් දෙන්න විහිළු කළා. බැලින්නම් ඒකී උඹේ දුවෙක්නේ.’’ ‘‘යකෝ ඒ මගේ අයියාගේ දුව. මම බැඳලා නැහැ.’’ ඔහු එසේ කීවේ මෙතුවක් කල් ඔහුගෙන් හෙළි නොවුණ රහසක් ද හෙළි කරමිනි. ‘එහෙනම් උඹ මොකද ඒකිට නෝනා කියලා කිව්වේ.’ මිතුරු පිරිස ඇසුවේ කිසිත් සිතාගත නොහැකිවය.
‘අයියෝ යකෝ ඒකිට ගෙදරට කියන්නේ නෝනා කියලා. ඒකයි මම ඇයට නෝනා කියන්නේ’ කියූවිට සිදුවූ වැරද්ද යළි හදා ගැනීමට නොහැකි තරම් දුර ගොසින් තිබිණ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
නෝනා පැටලිලා අලි ජරමරයක් වෙලා