(අම්බලන්තොට - සනත් ගමගේ)
අන්ධ පුටු වියන්නෙකු අන්දපු කාන්තාවක් සම්බන්ධව ලූණුගම්වෙහෙරට නුදුරු ගමකින් වාර්තා විය.
ඇස් නොපෙනෙන එහෙත් වැල් පුටු හොඳින් වියමන් කරන මෙම පුද්ගලයා නිවෙස්වලට ගොස් පුටුවල වැල් විවීම කුලියට කරගෙන සිය ජීවිතය ගත කරයි.
සුදු සැරයැටිය අතින් අරගෙන නිවෙස්වලට ගොස් වැල් කැඞීගිය පුටු වියමන් කිරීම සම්බන්ධව විමසා මුලින්ම මුදල් පොරොන්දුවී පුටු විවීම සිදු කරයි. මෙම සිද්ධියට අදාළ කාන්තාවගේ නිවෙසට ද පැමිණි මෙම අන්ධ පුද්ගලයා පුටු විවීම සිදුකරන ලෙසට ඉල්ලා ඇත.
එක් පුටුවකට මුදල් රුපියල් 800ක් අවශ්‍ය බවට පොරොන්දු වී දෑස් නොපෙනෙන මෙම පුද්ගලයා ඉතා හොඳින් පුටුව වියා වැඩ අවසන් වී මුදල් ගනුදෙනු කරනවිට නිවසේ කාන්තාව අන්ධ පුද්ගලයා අත රුපියල් 500ක් තබා දීමට ඇත්තේ එපමණකැයි කියා පවසා ඇත.
අන්ධ පුටු වියන්නා පින්සෙන්ඩු වී නෝනා තව රුපියල් සීයක්වත් දෙන්න යැයි කියා ඇත. එයට පිළිතුරු දුන් කාන්තාව කියා ඇත්තේ ”ඔහේගෙ ඇස් පේන්නේ නැහැනේ අපි ගොඩක් දුප්පත් අය අපිට ලොකු ගෙවල් දොරවල් නැහැ. ඉතින් අපිත් අසරණයි ඒ නිසා ඔය මුදල ඇති” කියාය.
අන්ධ පුටු වියන්නාට ටයිල් ඇතුරූ ගෙබිම පෑගෙන විට කියා ඇත්තේ ”නෝනා ගෙට ටයිල් අල්ලලා නේද තියෙන්නේ” කියාය. වැඩිදුර කතා නොකර දැන් ඉතින් යන්න තවත් සල්ලි නැහැ කියා කාන්තාව කියන විට පොරොන්දු වූ මුදලින් රුපියල් 300ක් අඩුවෙන් ගත් අන්ධ පුටු වියන්නා නෝනගේ නිවෙසින් පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිසත්කම මෙච්චරටම පහළට වැටිලද???
ප්‍රදීප් මෙතන තියෙන්නේ පොදුවේ අපිට බලපාන දෙයක් නොවෙයි. දවල් කාලයේ ගෙවල්වල ඉන්න නෝනලාගේ මිනිසත්කමයි. මහත්තයා වැඩ ඇරිලා ගෙදර ආවම කරපු හපන්කම ගැන උජාරුවෙන් කියනවා.
වැඩේ හොදින් කලානම් ,පොරොන්දු වූ මුදලටත් වඩා වැඩියෙන් කීයක් හරි දෙනවා අපි නම්..... ඇස් නොපෙනුනත් කාටවත් බරක් නොවී ජීවත් වෙන මෙවැනි මිනිසුන්ටත්, පොලු තියන පව්කාර මිනිසුන්.!
වැඩේ හොඳින් කලානම්, පොරොන්දු වූ මුදලටත් වඩා වැඩියෙන් කීයක් හරි දෙනවා අපි නම්.....ඇස් නොපෙනුනත් කාටවත් බරක් නොවී ජීවත් වෙන මෙවැනි මිනිසුන්ටත්, පොලු තියන පව්කාර මිනිසුන්.!
සිංහලයා දැන් ඔහොම තමයි..
පුටු වියන්නාට රු 300 නැති වුණාට ඔහු කරපු පාපකර්මයක් ගෙවිලා ගියා. ඒත් මේ කාන්තාව ආත්ම ගණනකට ලොකු පවක් එකතුකර ගත්තා. මේ පෙන්නුම් කරන්නේ පවට බයනැතිකම නේද?
පුටු වියන්නා ඇස් නොපෙනුනත්, විනීත පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඔහුට ඕනේනම් එළියට ඇවිත් අහළ පහළ නිවැසියන්ට ඇසෙන්නට මේ කාන්තාව කරපු "හොර වැඩේ " ගැන කෑ ගසා කියන්නට තිබුණා ... කාන්තාව තෘෂ්ණාවෙන් අන්ධ වූ බවකුයි පෙනී යන්නේ...
මෙතනදී අන්ධ කවුද කියලා හොඳින් තේරෙනවා.. ඉතින් ඒ අන්ධවූ පුද්ගලයා දෙස උපේක්ෂාවෙන් බලන්ටයි තියෙන්නේ...