දකින දකින සියලු දේ අතගෑම වඳුරාගේ සිරිතයි යන්න අරුත් ගන්වමින් ග්‍රාමීය පෙදෙසක ජීවත් වූ පුද්ගලයකුට සිදු වූ අකරතැබ්බක් පිළිබඳව දකුණු පළාතෙන් වාර්තා වෙයි.
ග්‍රාමීය පෙදෙසක ජීවිකාව ගත කළ මැදිවිය ඉක්මවා සිටි ඔහු කිසිවකු කියන දෙයක් පිළි නොගන්නා අකීකරු පුද්ගලයෙකි. ඔහුගේ දියණිය මෑතකදී විවාහ වී කොළඹට ආසන්න ප්‍රදේශයක ජීවත් විය. දෙදෙනාම රැකියාවල නිරත වූ අතර නවීනපන්නයේ නිවසක් ද මොවුන් සතු විය.
පසුගිය දිනක ඔහු තම දියණිය සහ බෑනා බැලීමට පැමිණියේ ගිරුවාපත්තුවේ තම ගෙවත්තේ වැවෙන එළවළු පලතුරු ආදී නොයෙක් දෑ ද රැගෙනය. විඩාපත්ව පැමිණි පියා දිය නෑමට අවශ්‍ය බව පැවසූ විට දියණිය පැවසුයේ තාත්තේ ගමේ වගේ වැව් පොකුණු මෙහේ නැහැ. මේ නාන කාමරයෙන් නාගන්න යැයි පවසා නවීන පන්නයේ නාන කාමරයක් පෙන්වූවාය. තාත්තාගේ හැටි දන්නා මේ දියණිය නැවත පැමිණි මේ කරාමයෙන් පමණක් නාගන්න අනෙක් ඒවා කරකවන්න යන්න එපා යැයි පවසා පිටව ගියාය.
විශාල නාන කාමරයට පිවිසි ඔහු එහි සවිකර තිබූ විවිධ උපාංග දෙස බලමින් සෑම කරාමයක්ම ඇර බලන්නට වූයේ දියණියගේ බසටද අවනත නොවෙමිනි. එක් කරාමයක් විවෘත කළ විගස එයින් පැමිණි උනුවතුර ඇඟට වැටී ඔහු පිළිස්සෙන්නට විය. දැඩි වේදනාවෙන් දොර විවෘත කරමින් විලාප තබමින් එළියට පැනගත් ඔහු දුවේ මගේ ඇඟ පිච්චුනා යයි විලාප තබන්නට විය. සිදුවූ දෙය තේරුම් ගත් ඇය කඩිනමින් ඔහු රෝහල් ගත කළ අතර ඒ වන විටත් ශරීරයේ විශාල ප්‍රමාණයක් පිළිසීමට ලක්ව තිබුණි.
දින කීපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු පසුතැවීමට ලක්වූයේ අනවශ්‍ය දේට ඇඟිලි ගැසීමත්, තම දියණියගේ ඔවදන් පිළි නොගැනීමත් නිසා මෙවැනි විපතක් සිදුවූ බව සිහියට නැගීමෙනි.
කඹුරුපිටිය - විශේෂ කේ. අජිත්
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නොදන්නා දේට ඇගිලි ගසා රෝහලේත් ලැගලා