IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


නැතිවුණ යතුරු පැදිය මාසෙකට පසු නැතිවූ තැනටම ඇවිත්

කටුනායක ටී.කේ.ජී.කපිල
ඇය ගම්පහ ප්‍රධාන පාසලක අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවිකාවකි.
  දිනපතා සිය රාජකාරිය සදහා සිය නිවෙසෙහි සිට පාසලට  පැමිණියේ ඇය සතු යතුරු පැදියෙනි .
එදින ඇය පාසලට පැමිණෙන විට , පාසල ආරම්භ කිරීමට ආසන්න වී තිබූ බැවින්, ඇය සිය යතුරු පැදිය පාසලේ ප්‍රධාන ගේට්ටුව අසල නවතා, විදුහල්පති කාර්යාලය වෙත දිව ගියේ සිය පැමිණීම සදහා අත්සන යෙදීම සදහාය.
 සිය අත්සන යෙදූ ඇය, සිය යතුරු පැදිය පාසල තුළට ගැනීම සදහා ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි විට ඇය දුටු දසුනින්, ඇයටම උන්හිටිතැන් අමතක විය.
ඒ වනවිටත් ඇයගේ යතුරු පැදිය කිසිවෙකු විසින් රැගෙන ගොස් තිබිණි.


ඇය සුපුරුදු  ලෙසින්ම ආදායම් බලපත්‍රය, රක්ෂණ සහතිකය, ඇයගේ රියැදුරු බලපත්‍රය, ඉන්ධන ලබා ගන්නා කිව්.ආර්.කේතය පමණක් නොව එදින සිය යතුරු පැදියේ යතුර ද, එහිම තබා ගොස් තිබුණි.
ඇයට සිය යතුරු පැදිය වෙනුවෙන් කළ හැකි දෙයක් නොවීය. එබැවින් ඇය මේ පිළිබඳව ගම්පහ පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තාය.
කාලය ගෙවී යද්දී සිය යතුරු පැදිය සදහා ඉන්ධන ලබා ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ කෙටි පණිවිඩ ඇයගේ ජංගම දුරකථනය වෙත වරින්වර ලැබී තිබූ අතර, ඒවා පිළිබඳව ඇය සොයා බැලීමට ද පියවර ගත්තාය.
 මේ අතර පාසල්වල දෙවැනි වාරයේ පළමු අදියර සදහා නිවාඩු ලබා දීමට ආසන්න බැවින්, මෙම පාසලේ 06 ශ්‍රේණියේ සිසුන්ගේ පන්ති කව රැස්වීමක් ඉකුත්දා උදෑසන  සංවිධානය කර තිබුණි.
මෙම අනධ්‍යයන සේවිකාව සිය යෙහෙළියක සමගින් මේ අතර පාසලේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණියේ  සිය රාජකාරී අවශ්‍යතාවක් සඳහායි. ඇය දුටු දෙයින් ඇය පුදුමයට පත් වී සිටියාය.
  මීට මාසයකට පමණ පෙර මෙම ස්ථානයේදීම නැතිවු යතුරු පැදිය, යළිත් එම ස්ථානයේම යළිත් නවතා තිබේ.
ඇය වහාම මේ පිළිබඳව පාසලේ ආචාර්ය මණ්ඩලය දැනුවත් කර, පන්ති කව රැස්වීමට මෙම යතුරු පැදියෙන් පැමිණි පියා සමග ගම්පහ පොලිසිය වෙත බාර දීමට පියවර ගත්තාය.



අදහස් (1)

නැතිවුණ යතුරු පැදිය මාසෙකට පසු නැතිවූ තැනටම ඇවිත්

ajith Friday, 18 August 2023 04:49 PM

අද සිදුවන බොහෝ වාහන හොරකම් වලට මුල යතුර වාහනයේ තබා තිබීමයි. මේවාට වගකිව යුත්තේ අමන වාහන හිමියන්මයි.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site