කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
කාර්යාල භාණ්ඩ සමීක්ෂණයේ දී අස්ථාන ගතවූ ඇඳ ඇදහිය නොහැකි විදියට සොයාගත් අපූරු පුවතක් ගාලු දිසාවේ ආයතනයකින් අසන්නට ලැබේ.
තරුණ, තරුණියන්ට පුහුණුව දෙන ආයතනයකි. එහි භාණ්ඩ සමීක්ෂණයට නිලධාරීන් පැමිණියේ මේ ඊයේ පෙරේදාය. සමීක්ෂණයට අදාළ භාණ්ඩ සියල්ලම පාහේ හරිය. එහෙත් ඇඳක අඩුවක් තිබුණේය. සමීක්ෂණ නිලධාරීහු මේ බව ස්ථාන භාර නිලධාරීන්ට දැන්වූහ.
ඇඳක් අඩුවීමට කෙසේවත් නොහැකි බව ස්ථාන භාර නිලධාරීයා කීවේය. ලේඛනගත පොත අනුව ඔහුට ද එය පිළිගැනීමට සිදුවිය. හත් දෙයියනේ මේ ඇඳට සිදුවූයේ කුමක්දැයි ඔහුට ද සිහියක් නැතිවිය.
නැතිවූ ඇඳ සොයා යාමේ දී ස්ථාන නිලධාරියාගේ ඇඟේ වැදුණේ එහි තිබූ පොත් රාක්කයයි. ඇති වූ කලබලය නිසාම පොත් රාක්කයේ තිබූ පොත්පත් කිහිපයක් බිමට වැටුණේ. වැටුණ පොත් අහුලන ගමන්ම සිහිය ආවේ ප්‍රයෝජනයට නොගත් ඇඳක් භාවිත කරමින් ආයතනයේ පොත් රාක්කයක් හැදු බවය.
සොයා ගත්තා, සොයා ගත්තා, යයි කියමින් ආයතන ප්‍රධානියා සමීක්ෂණ නිලධාරීන් ඉදිරියට දිව ගියේ ඇඳ භාවිත කරමින් සාදා තිබූ පොත් රාක්කය පෙන්වමින්.. ‘මේ තියෙන්නේ ඇඳ’ බව පෙන්වමිනි.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නැතිවුණ ඇඳ බිම වැටුණ පොතකින් මතුවෙලා