පෙර පාසලකට දරුවෙක් ගෙන ආ මවකගේ නැති වූ රන් මාලය අසල ඇති ආයතනයක කැමරා දර්ශන ඔස්සේ සොයාගත් පුවතක් පසුගියදා නයිනමඩම ප‍්‍රදේශයෙන් වාර්තා විය. සතියේ දිනක ඉතා කලබලයෙන් ති‍්‍රරෝද රථයකින් පැමිණි මවක් තම දරුවා පෙර පාසලට දමා නිවසට ගොස් බලන විට තමන්ගේ ගෙල බැඳි රන් මාලය නොමැති බව දැක නැවතත් පෙර පාසලට පැමිණ පරීක්ෂා කළත් එහි නොමැති බව දැක පෙර පාසල් භුමියේ වැටෙන්නට ඇතැයි තිබූ සැකය මත එහි පරීක්ෂා කළත් හමුවී නොමැත.
මෙම අවස්ථාවේ පෙර පාසලට වෑන් රථයකින් දරුවන් රැගෙන එන කාන්තාවක් දැක මාලයක් බිම වැටී තිබෙනවා දුටුවා දැයි විමසා ඇත. එහිදී එම කාන්තාව එහෙම දෙයක් නම් දැක්කේ නෑ. ඒත් එම ස්ථානයෙන් කීපදෙනෙක්ම ගියා. ඒ අයගෙන් අහන්නැයි කියා පිටව ගොස් ඇත. මාලය ගැන කිසිදු හෝඩුවාවක් නොමැති නිසා මාලය එම ස්ථානයේම වැටෙන්නට ඇතැයි තිබූ සැකය නිසාත් පෙර පාසල ආසන්නයේම ඇති හිතවතකුගේ ආයතනයක තිබූ සී.සී.ටී.වී. කැමරාවක් පරීක්ෂා කිරීමේ දී මාලයක් නොදුටු බව පැවසූ කාන්තාව බිමට පහත් වී යමක් ගන්නවා දැක ඇති අතර ඉතා අපහසුවෙන් ඇය ඉන්න ස්ථානය සොයාගෙන ගොස් මේ ගැන නැවත විමසීමක් කළත් එය ප‍්‍රතික්ෂේප කර ඇත. කැමරාවේ දර්ශන හා පොලිසියට යන බව පැවසීමෙන් පසු කලබලයට පත්වූ ඇය ඔව් මාලයක් හම්බවුණා. ඒක පෙර පාසලේ කාර්යාලයට දෙන්න හිටියේ කියා පවසා ඇති අතර පොලිසියට නොගොස් තම ගැටලූව විසඳා දුන්නැයි මාලයේ හිමිකාරිය සී.සී.ටී.වී. කැමරාවට පින්දෙන බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමින් හරි නැතිවුණ දේ ලැබුන නිසා හොඳයි. ඇත්තටම වඳින්න තරම් වටිනවා (නි)
නිකන් වැඳලා මදි. මල් පහනුත් තියනවා මම නම් (නි)
දැන් ඔයගොල්ලෝ ගමනක් ගියාම ඒ ගිය වාහනේට දෙකට නැමිලා වඳිනවද ? එහෙම නොවේ නම් ඔබ ගෙන ගිය පුද්ගලයාට ස්තුති කරනවාද ? (ම)
නියම කතාවක් (නි)
පේනවා නේද හොර හිත? ගැහැණු හොඳයි. ඇත්තටම වඳින්න තරම් වටිනවා (බ)
ඔහොම වඳින(ගෞරවකිරීම/සමාව අයැදීම) එක ජපානයේ නම් සාමාන්‍ය දෙයක්. මා වැඩකරන ආයතනයේ බොහෝවිට වැරදි දෙයක් මුද්‍රණයෙන් කලවිට මුද්‍රණ යන්ත්‍රයට හිස නමා සමාව ඉල්ලීම බොහෝම සාමාන්‍ය දෙයක්. (ස)
මෙහෙමත් ගැහැණු ...! (නි)
මොන හිතකින් අනුන්ගේ දේ ගන්නවාද මන්දා! මේ දේවල් තමන්ගේ පවුල් පසුබිමෙන් ලැබෙන ඇවතුම් පැවතුම් තමයි. (ස)
"අන් සතු සැපතක් දැක දල ලොබිනේ, උන්ට නොවී මට වේවයි සිති නේ, උන් කල ඒ දුක් හටගත් පවි නේ, මින් මතු නිරයේ දුක් මයි විඳි නේ" බුදුගුණ අලංකාරයේ තියෙන්නෙ ඔහොමයි. ඕකට කියන්නේ විෂම ලෝභය කියලා විශම ලෝභය ඉපදෙන්නේ ක්‍ෂනිකවයි.මිනිස් සිතේ ස්වභාවය අනුව හොඳ සහ නරක සිතුවිලි ඇතිවීම ස්වාභාවිකයි. එහෙත් නරක සිතුවිල්ලක් ඇතිවූ විගසම එය වැරැද්දක් බවත් එඅ නොකළ යුතු බවත් සිතට නැගෙන පැරණි අධ්‍යාපනයක් තිබුනා . නමුත් අලුත් අධ්‍යාපන ක්‍රමයේදී ඕවා උගන්වන්නේ නැති නිසා අලුත් පරම්පරාව ඇතිවූ ලෝභය විශම ලෝභයක් බව දන්නේ නැහැ. මට හිතෙන අන්දමට නම් වැරැද්ද තියෙන්නේ මේ විශම ලෝභය ඇතිවූ කාන්තාව තුල නෙමෙයි. ඇයට එවැනි අධ්‍යාපනයක් නොදුන්න අය තුලයි. (ස)
අන්න බලන්න සීසීටීවී කැමරාවේ තිබෙන වටිනාකම මොනවට පැහැදිලි වෙනවා නේද? (නි)
මම ලබන සුමානේ නිවාඩු යනවා. නැවත ජනවාරි මාසයේදී අපි නැවතත් හමුවෙමු. ඔබට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! (නි)
බලන්නකෝ අපේ කට්ටියගේ අදහස් ටික... (නි)
අපේ සිත නිතරම සැහැල්ලුවෙන් තියාගන්න ඕනෑ. එමනිසා වැරදි වැඩවලින් හැකි තරමින් ඉවත්වෙන්න ඕනෑ. අර රත්‍රන් දම්වැල අහුලාගත් කාන්තාව ලැජ්ජාවට පත්වුණා නේද? එම කාන්තාවගේ සිතට දැන් මොනතරම් බරක් දැනෙනවා ඇද්ද? (නි)
අජිත් මහතාණෙනි, පරිස්සමෙන් නිවාඩුව ගතකර එන්න. ඔබටත්, මේ පාඨක සභාවේ සියලු දෙනාටත්, ලංකාදීපයේ සියලුම කාර්ය මණ්ඩලයටත් සුබ අලුත් අව්‍ුරුද්දක් වේවායි පතමි! සියලු දෙනාටම දෙවි පිහිටයි.....! (නි)
අනේ මෙහෙමත් ගැහැණු! පේනවා නේද හොර හිත? (නි)