IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නාඩගමට ගෙනා තුවක්කුව පොලිසියත් නටවලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
එක ළඟ ඝාතන රැල්ලක් ගිය අම්බලන්ගොඩ මාර්ගයක යතුරුපැදියකින් තරුණයන් දෙදෙනකු ගෙනගිය තුවක්කුවක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් අලි අමාරුවක වැටුණු අපූරු පුවතක් අම්බලන්ගොඩින් වාර්තාවේ.


රූකඩවලට වඩාත් ප්‍රසිද්ධියක් ඉසුලූ අම්බලන්ගොඩ මෑතකදී ප්‍රසිද්ධියක් ඉසුලු‍වේ දින 21කට හයදෙනකුගේ ඝාතන පිළිබඳවය. මේ ඝාතන රැල්ලත් සමගම අම්බලන්ගොඩ නගරවාසීන් මෙන්ම ඒ අවට නගරවල ජනතාවද බියෙන් බීරාන්තව සිටියහ. මේ ඝාතන හයෙන් එක ඝාතනයක හැර අනෙක් ඝාතන පහේම ඝාතකයන් නිදැල්ලේ සිටීම නිසාය. එසේම ඔවුන් අත තවදුරටත් ගිනි අවි තිබීම නිසාය.
මේ වාතාවරණය මධ්‍යයේ තරුණයන් දෙදෙනකු යතුරුපැදියකින් තුවක්කුවක් මහ දවල් මහ පාරේ ගෙන ගිය තොරතුරු අම්බලන්ගොඩ පොලිසියට එන්නේ දුරකතන ඇමතුම් ඔස්සේය. ඒ නිර්නාමිකවය.


ඒ සමගම අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් මේ තුවක්කුව පාරේ ගෙනගිය අය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කරන්නේ යුහුසුළුවය. කඩිනමින්ය. තුවක්කුව රැගෙන ගියා යයි කියන ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදන්නේ ඒ සම්බන්ධයෙන් සෙවීමටය. ඒ මාර්ගයේ යන වාහන රථ වාහන සෝදිසි කරන්නේ ද ඊට සමගාමීවය. 


තුවක්කුව රැගෙන ගියා යයි කියන මාර්ගයේ තිබෙන ආයතනවල හා නිවෙස්වල සී.සී.ටී.වී දර්ශන පොලිසිය පරීක්ෂා කරන්නේද තුවක්කුව ගෙන ගිය අය හඳුනා ගැනීමටය. සී.සී.ටී.වී. දර්ශනවලින් යතුරුපැදියකින් තුවක්කුවක් ගෙන යන අයුරු පොලිස් නිලධාරීන් ද හඳුනාගන්නේ තමන්ට ලැබුණු තොරතුරු නිවැරැදි බව ඒත්තු යමිනි.


ඒ අනුව තුවක්කුව රැගෙන ගිය අය පොලිස් නිලධාරීන් දන්නා ශිල්ප සියල්ලම දමා හඳුනා ගන්නේය. ඔහුගේ නිවෙසට පොලිසිය යන්නේ ඒ සමගමය. තමා යතුරුපැදියකින් තුවක්කුවක් රැගෙන ගියේ දැයි පොලිස් නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරන්නේය. තරුණයා තමා යතුරුපැදියේ ගෙනගිය තුවක්කුව පොලිස් නිලධාරීන් අතට පත්කරන්නේය. ඒ එක්කම පොලිස් නිලධාරීහු එකිනෙකාගේ මුහුණ බැලූහ. 


අම්බලන්ගොඩ මෝදර දේවාලයේ 78 වැනි ඇසළ පෙරහරේ පොලිස් නාඩගම නටන්න ගෙනා එය සෙල්ලම් තුවක්කුවක් බව පොලිස් නිලධාරීන්ට ඒත්තු යනවිට එය අනාවරණය කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දරා තිබුණාලු‍.



අදහස් (0)

නාඩගමට ගෙනා තුවක්කුව පොලිසියත් නටවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site