(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
නොගිය මළගමකට ගියා යැයි කියා අතේ මාට්ටු වී අලි අමාරුවක වැටුණු මිතුරකු පිළිබඳව දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
හිතවතකුගේ පියා හදිසියේම මිය ගියේය. ඔහුට එම මළගමට සහභාගි වීමට නොහැකි විය. එහෙත් ඔහු එය ඇඟවීමට මැලිකමක් දැක්වීය. ඒ, තමාගේ හිතවතාගේ හිත තමා කෙරේ බිඳේ යැයි ඇති වූ තදබල විශ්වාසය නිසාය.
හිතවතාගේ පියාගේ මළගමට තමා පැමිණියේ යැයි ඇඟවීමට ඔහු හැමවිටම උත්සාහ කළේය. තමා එදා පැමිණියේ හිතවතා අවශ්‍යතාවකට නිවෙසින් බැහැරව ගිය අවස්ථාවකදී යැයි ඔහු කීවේය.
මෙය මුසාවක් බව ඔහුගේ මිතුරෝ දැන සිටියහ.
“හා හරි... එහෙනම් මළගෙදර ගියා නම් මිනියට අන්දවා තිබුණේ මොන ඇඳුම ද?” යැයි ඔවුහු ඇසූහ.
“මොකක් ද ඉතින් සුදු කමිසයයි කළු කලිසමයිනේ...” යැයි කීවේ හිතවතාගේ පියා කලිසම් කමිස අඳින කෙනකු බව ඔහු හරියටම දන්නා නිසාය.
එහෙත් එම දේහයට අන්දවා තිබුණේ ජාතික ඇඳුමය. ඒ, මියගිය පියාගේ අන්තිම කැමැත්ත පරිදිය. “හා... හරියටම හරි. මළ ගෙදර ගිය බව පේනවා...” යැයි මිතුරන් මහා හයියෙන් සිනාසෙද්දී ඔහු එතැනින් මගහැර ගියේ, “දැන් ඉතින් ඉඳලා හමාරයි” කියමිනි.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නොගිය මළගේක ගිහින් පොළොවේ පස් කන්න වෙලා