නව වසර සඳහා කැලැන්ඩරයක් නොලද අයෙකු තමා දිනපතා ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා වෙළෙඳසලට පැමිණියේය. “බිත්තර කීයදැයි” ඔහු සේවකයකුගෙන් විමසූ අතර, “එකක් දහ තුනයි” සේවකයා පැවැසීය. “මට බිත්තර දහයක් දෙන්න” පාරිභෝගිකයා කීය.
බිත්තර දහය ලබාගත් හෙතෙම රුපියල් එකසිය පනහක් දෙන ගමන් “කැලැන්ඩරයක් නැද්දැයි” විමසීය.
“ඉන්න දෙන්නම්” පැවැසූ සේවකයා කැලැන්ඩරයක් දුන්නේ, “මේක අපේ කඩෙන් ගැහුවේ” යැයි උජාරුවෙන් පවසමිනි. ඉතිරි මුදල්ද රුපියල් දහයක් ලැබිණි. පාරිභෝගිකයා සේවකයා අමතා “බිත්තර දහයට රුපියල් එකසිය තිහයිනේ. මොකද රුපියල් එකසිය හතළිහක් ගත්තේ” යනුවෙන් විමසීය.
“කැලැන්ඩරේට වියදම් කළ සල්ලි ටිකක් හරි අඩුවෙන නිසා මුදලාලි කිව්වා කැලැන්ඩරයක් ඉල්ලන අයගෙන් රුපියල් දහය ගානේ අරන් දෙන්න කියලා.” සේවකයා කීවේ ඇඟට පතට නොදැනීය.
පාරිභෝගිකයා මිතුරෙකුට කැලැන්ඩරේ පෙන්වමින් “කඬේ නම ගෙදර ප්‍රදර්ශනය කරන්න රුපියල් දහයකුත් ගෙවන්න ඕනැ. අන්න මාර්කටින්” යනුවෙන් පැවැසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නිකම් දෙන්න ගැසූ කැලැන්ඩරයට 10 ක් අයකරලා