ඇය හැත්තෑ දෙහැවිරිදිය. විශ්‍රාමිකය. රජයේ උසස් නිලයක් දැරූ ඇයගේ සැමියා මෙයට ටික කලකට පෙර මිය යෑමෙන් පසු ඇය නිවසේ තනි වූවාය. අවාසනාවට ඔවුනට දරුවන් සිටියේද නැත. බොහෝ විට ඇය හැසිරුණේ තම වයස අමතක කරමිනි. නිතරම තරුණියක් මෙන් හැසිරීමට ඇය මහන්සි ගත්තාය. එහි ප්‍රතිඵලය ඇයට ලැබිණ.
ඇයගේ නිවසට යාබද පිහිටා තිබුණේ වෙළෙඳසලකි. වෙළෙඳසලේ කළමනාකරු වූයේ තිස් හැවිරිදි තරුණයෙකි. මේ නාකි ළමිස්සිය එම තරුණයා සමග සම්බන්ධයක් ඇතිකර ගත්තාය. තරුණයාද එයට කැමතිවූයේ ඇය විශ්‍රාම වැටුප් දෙකකට හිමිකම් කියන ගෙයක් දොරක් හිමි තැනැත්තියක් නිසාය. ඇයගේ තනි රැකීමට වඩා තමන්ටත් යමක් කර ගැනීමට මෙය හොඳ අවස්ථාවක් යයි සිතූ ඔහු දිනක් ඇයට යෝජනාවක් කළේය.
‘අපි කාර් එකක් ගනිමු. එතකොට නිදහසේ ගමනක් බිමනක් යන්න වුණත් පුළුවන්නෙ. මිස්ගේ නමට කාර් එක අරන් දෙන්නම්.” ඔහු කීය. එයට කොහෙත්ම අකැමැතිවීමට ඇයට බැරිවිය. ඇය එම යෝජනාවට එකඟ වූවාය.
ඒ අනුව ඉකුත් දිනෙක උදෑසනම ඇය ඔහුද කැටුව නගරයේ බැංකුවට ආවාය. කිසිම ලෝබකමක් නැතිව ඇය තම ගිණුමෙන් රුපියල් අනූ ලක්ෂයක් ගෙන ඔහුට දුන්නාය. කවදාවත් බලාපොරොත්තු නොවූ වාසනාව ඔහු දෝතින් බදා ගත්තේය. පසුදින ඔහු රුපියල් අසූ ලක්ෂයකට මෝටර් රථයක් මිලට ගත්තේය. එහෙත් ඔහුට එක පොරොන්දුවක් අමතක විය. එනම් ඇයගේ නමට මෝටර් රථය ගන්නවා කී පොරොන්දුවය.
පොරොන්දුව කඩකර ඇති බව ඇයටද හැඟී ගිය නිසා දින දෙකකට පසු ඇය පොලිසියේ පෙනී සිටියාය. ඔහු තමා රවටා මුදල් ලබාගෙන මෝටර් රථයක් ලබාගෙන ඇති බවට ඇය පැමිණිල්ලක් කළාය.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු සමග මෝටර් රථය අත්අඩංගුවට ගත්තේය. එය සැලවූ විගස ඇයද තරුණියක මෙන් හැඳ පැළඳ පොලිසියට පැමිණ මෝටර් රථය වටේ කැරකී බලා හුස්මක් හෙළා යන්න ගියාය.
උණවටුන ඩී.ජී. සුගතපාල
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නාකි ළමිස්සියගෙන් ළපටි පෙම්වතාට කාර් තෑග්ගක්