IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


නො පැටලිලා ආයෙත් ඉස්පිරිතාලේ ලගින්න වෙලා

බුලත්සිංහල ලක්මි කුඩලිගම
බීමත්කම නිසා අසනීපවී දින තුනක් නේවාසිකව ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවූ රෝගියකුට පරීක්ෂණ කීපයක් කරගෙන එන්නැයි රෝහලෙන් දුන් තුණ්ඩුවේ  “නෝ” යැයි තිබූ වචනයක් වරදවා වටහා ගැනීමෙන්  දැන් ලෙඩ හොඳයි කියා නැවතත් තැබෑරුමට ගොස් හොඳටම බී පසුවදාම නැවතත් රෝහල් ගත කළ පුවතක් බස්නාහිර පළාතෙන් වර්තාවේ.
 වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ ඔහු  බීමත්කමට ලොල් වී සිටියේය. අවිවාහක මැදිවියේ පුද්ගලයකු වූ ඔහු නිතර බීමත්කම නිසාම  දැඩි ලෙස අසනීපවී රෝහල් ගතකළේය. බීම නිසා ශරීරයේ අවයවවලට දැඩි හානි සිදුව ඇති බවත් ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු බව පවසා දින තුනක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කර වහාම පරීක්ෂණ කීපයක් කරගෙන එන ලෙස දන්වා රෝහලෙන් නිදහස් කළේය.


 රෝහලෙන් පිටතට පැමිණි ඔහු තමාට රෝහලෙන් දුන් තුණ්ඩුව ගෙන පරීක්ෂා කර බැලු‍වේය. තුණ්ඩුවේ සඳහන් දේ හරි හැටි කියවා තේරුම් ගැනීමට නොහැකිවුවත් එහි ඇති   “නෝ”   කියන ඉංග්‍රිසි වචනය දැක සතුටින් ඉපිල ගියේය.
ඒ කියන්නේ දැන් මගේ ලෙඩ හොඳයි. මොකුත් නෑ කියන එකනෙ මේ  “නෝ”   කියල තියෙන්නෙ, එසේ සිතූ ඔහු එවලේම බාර් එකට ගොස් පදමට පානය කර නිවෙසට ගොස් ඇත්තේ ඉතා අමාරුවෙනි. 
රෝහල් ගත කළ පුද්ගලයා හොඳටම බීමත්ම යළි නිවෙසට පැමිණීම පිළිබඳව නිවැසියෝ රෝගියාගෙන් විමසූහ. එවිට ඔහු කියා ඇත්තේ තුණ්ඩුවේ  “නෝ”   කියල තිබෙනවා ඒක නිසා මම බිව්වා යනුවෙනි.
“මිනිහෝ මේකෙ තියෙන්නෙ ආයි බොන්න කියලා නොවේ. තමුසෙගේ තත්ත්වය ඒ තරම් හොඳනෑ කියලා.. මේ පරීක්ෂණ කීපය කරගෙන නැවත රෝහලට එන්න කියලායැයි පවසද්දී ඔහුට දවල් තරු පෙනුණි.
 ඔහුගේ සහෝදරියක වහාම පරීක්ෂණ ටික කර මේ පුද්ගලයා ඇදගෙන ගොස් නැවත රෝහල් ගත කළේ දිගට හරහට බැණ වදිමිනි.



අදහස් (0)

නො පැටලිලා ආයෙත් ඉස්පිරිතාලේ ලගින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 598 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17491 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 713 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site