IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


දොස්තරට බිය වී ’බෝතලේ පවර්’ එකෙන් දත ගලවාගෙන

රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන 
දිරාගිය දතක වේදනාව දරාගත නොහැකිව  එය ගලවා  ගැනීමට   පෞද්ගලික රෝහලකට ගොස්  හිරිවැටෙන එන්නත ද ලබාගෙන ‍වෙද්‍යවරයා අත්මේස් නොගලවා අපිරිසිදු ලෙස  ප්‍රතිකාර කරනු දැක එතනින් මාරුවී  පැමිණ තම  හිතවතකු මගින් දත ගලවාගත් පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන්  වාර්තා වේ.


 වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඉතාමත් පිරිසුදුවට ඇඳුම් අඳින, එමෙන්ම සියලු‍ කටයුතු පිරිසිදුව සිදු කරන ඔහු  විෂබීජවලට මහත් බියක් දක්වන්නෙකි. කෝප්පය, වීදුරුව පවා දෙතුන් වරක් සෝදා වතුර බොන ඔහු කරණවෑමියකු වශයෙන් සේවය කර  කොරෝනාවලට බියෙන් රැකියාවද නවතා දමා වෙනත් රැකියාවලින් දිවි ගැට ගසා ගන්නෙකි.


පසුගියදා ඔහු දතක දැඩි  වේදනාවක් නිසා අසහනයට පත් වූ අතර, බිරිඳ පැවැසුවේ රජයේ රෝහලට ගොස් නොමිලයේ දත ගලවා ගන්නා ලෙසය. එහෙත් රජයේ රෝහලේ අපිරිසුදු බව ගැනත් අඬු ආදිය  නියම අයුරින් තම්බා නොගන්නා බවත් පවසමින් ඔහු එය ප්‍රතික්ෂේප කළද බිරිඳ පැවසුවේ පෞද්ගලික රෝහලකට ගොස් දත ගැලවීමට මේ අවස්ථාවේ මුදල් නොමැති බවය.


 කෙසේ හෝ  මුදලක් ණයට ඉල්ලාගත් ඔහු පැමිණියේ ප්‍රදේශයේ සිටින හොඳම දන්ත වෛද්‍යවරයා හමුවීමටය. 


පෝලිමේ  සිට කාමරයට ඔහු ඇතුල් වන විට වෛද්‍යවරයා  කාමරයේ වයසක අයෙකු ගේ දතක් ගලවමින් සිටි අතර, ඊළඟට පුටුවේ ඇලවූ ඔහු දුටුවේ ඊට පෙර සිටි වයස්ගත රෝගියාගේ දත ගැලවීමට පාවිච්චි කළ අත්මේස් ඉවත් නොකර ඒ මේස් සමගම  ටැප් එකෙන් දෑත සෝදා   තමාගේ මුවට ද එම මේස් පාවිච්චි කරමින් එන්නත් කළ ආකාරයයි.


පසුව ඔහුට අසල වූ කාමරයට ගොස් ටික වේලාවක් සිටින ලෙස උපදෙස් ලැබුණද දැනුනේ මහත් වූ පිළිකුලකි, බියකි. ඊට පෙර දත ගැලවූ රෝගියා කොරෝනා රෝගියකු වූයේ නම් තමාද අනතුරේ බව ඔහු සිතුවේය. කෙසේ වුවද පිළිකුල නිසා කාමරයේ  තිබූ බඳුනට දෙවරක් වමනය කළ ඔහු හිමින් සීරුවෙ එතනින් මාරු වූයේ තමා දන්නා කියන කිසිවකුට  නැවත මෙම වෛද්‍යවරයා  හමුවට යාමට ඉඩ නොතබන බව සිතමිනි.


 රෝහලෙන් පිටවී අරමුණක් රහිතව  ටික දුරක් යන විට ඔහුට අපූරු අදහසක් පහළ විය. ඒ අනුව දත ගලවා ගැනීමට ගෙන ගිය මුදලින් බාර් එකට ගොස් අරක්කු භාගයක් ද රැ‍ගෙන ගොස්   තම හිතවත් පෞද්ගලික ගුරුවරයකු හමුවිය. දෙදෙනාම සප්පායම් වී සිදුවූ අකරතැබ්බය ගැන පවසා පදම එන විට  ඔහු ඉල්ලා සිටියේ දත හිරි වැටී ඇති  බැවින් එය ගලවා දමන ලෙසය.


උපකාරක පංති ගුරුවරයාද දෙවරක් නොසිතා බමන මතින්  අසල තිබූ ගරාජයට ගොස් පොඩි පහේ අඬු කිහිපයක් ඉල්ලාගෙන  විත්  දතට තබා වැරෙන් අල්ලන විට අපහසුවකින් තොරව දත ගැලවිණි.


මිතුරාට නොසෑහෙන සේ ස්තුති කර නිවසට ගිය ඔහු සිද්ධිය පවසා මිතුරන් සමග  විනෝද වූ අතර උපකාරක පන්ති ගුරුවරයාට මෙය මහත් හිසරදයක් වී ඇති බවත්  මිතුරන් විසින් නිතරම ‘දතක් ගැලෙව්වෙ නැද්දැ’ යි විමසන බවත් දැනගන්නට ඇත. කෙසේ වුවද ගුරුවරයාගේ ඉල්ලීම මත මෙය රහසක් සේ තබා ගැනීමට සියල්ලෝම එකඟ වෙලා ලු‍.

 



අදහස් (0)

දොස්තරට බිය වී ’බෝතලේ පවර්’ එකෙන් දත ගලවාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17838 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site