(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ පස්වරුවේ විවෘත කෙරෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකි. ගැටවරයෝ දෙදෙනෙක් කල්තබාම බේත් ගැනීමට පැමිණ තමාට හිිමි මුල් අංක ලබා ගෙන පසෙක වු බංකුවක වාඩි වී තම ජංගම දුරකථන දෙකේ විද්‍යුත් ක‍්‍රීඩාවක නිරත වූහ.
වෛද්‍යවරයා පැමිණ රෝගීන් පරීක්ෂා කොට අවසන් වන තුරුම ඔවුන්ට ඒ බව දැනුණේ නැත. සියල්ල අවසන් කළ වෛද්‍යවරයා මුල් අංක නොපැමිණීම ගැන සෙවීමට එළියට පැමිණි විට මේ ගැටවරයන්ගේ ජංගම දුරකථන ක‍්‍රීඩාව දුටුවේය.
ඔවුන්ගෙන් පැමිණි හේතුව ඇසූ විට එක් අයකු දුරකථන මූනත දෙසම බලාගෙන ඇසුවේ ‘‘ඩොක්ටර් ආවාද?’’ කියාය.
‘‘මං ඇවිල්ලා කොයි වෙලාවෙද? ලෙඞ්ඩු බලලත් ඉවරයි’’ කී විට කලබල වූ ගැටවරයෝ සිය රෝගය වෛද්‍යවරයාට කීහ. දෙදෙනාටම තිබුණේ බඬේ දැවිල්ල රෝගයකි.
‘‘පුතාල ඔය භූත සෙල්ලම නවත්තලා වෙලාවට කන්න, බොන්න වටපිටාවත් බලා කියා ගන්න. එතකොට ලෙඩ හොඳවේවි.’’ කී වෛද්‍යවරයා ඔවුන්ට බේත් පෙති කීපයක් ද දුන්නේ මුදල් අය නොකරමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඔය දුරකතන නිසා බස් වලට කෝච්චි වලට යටවෙලා ජීවිත කීයක් නැති උනාද? (නදී)
"මේක තාක්ෂණයේ වැරැද්ද කියල කවුරුවත් කියල නැති එක පුදුමයි" තක්ෂණයේ වැරැද්ද තමයි . වැඩිපුර සෙල්ලම් කරද්දී හොම්බට එකක් අනින පුළුවන් විදිහට හැදුවනම් මෙහෙම වෙන්නේ නැත. (දිල්)
ජංගම දුරකතනය,,පරිගනකය,අන්තර්ජාලය,මිනිසාගේ වැඩ පහසුව සඳහා නිපදවුවාට වෙලාවකට මේ දේවල් නිසා වැඩ අතපසුවෙනවා.(හේ)
පොඩිලමින්ට ජංගම දුරකථන අරන් නොදිය යුතුයි. මේ වැඩේට පුරුදු වුනාම කිසිම ඉස්කෝලේ වැඩක් කරන්නෙත් නෑ, අවට පරිසරයෙන් ඉගෙන ගන්න පුළුවන් කිසිම දෙයක් ගැන දැනීමක් නෑ. එදිනද අවශ්‍ය කරන කිසිම භාණ්ඩයක මිලක් දන්නෙත් නෑ. මෙයාල වැඩිහිටියෝ උනාම කොහොමද ජීවත් වෙන්නේ ?(හේ)
මේ තමයි අපේ අලුත් පරම්පරාව (නි)
පොඩි ළමයින්ට ජංගම දුරකථන අරන් නොදිය යුතුයි.(හේ)
මේක තාක්ෂණයේ වැරැද්ද කියල කවුරුවත් කියල නැති එක පුදුමයි. (හේ)
අපේ අසල්වැසි ගැහැණු ළමයෙකුටත් ජංගම දුරකතන ගේම් නිසා මේ විදියේ වැඩක් වුණා. නුගේගොඩට ඇඳුම් ගන්න ගිහින් ගෙදර යන්න ඊළඟ බස් එක ගන්න රාජගිරියෙන් බහින්න ඕනෑ එකේ කොටහේනටම ගිහින්. (නි)
මම නම් දකින විදියට දෙමව්පියන්ගේ වරද. මොකද, මීට වැඩිය ළමයි ගැන සොයලා බලන්න ඕනෑ. තරවටු කරන්න ඕනෑ. කොටින්ම කියනවා නම් පස්සෙන්ම ඉන්න ඕනෑ අද කාලේ ළමයි සමඟ. ඒකට අපේ කාලේ, මතක් වෙනකොටත් හරිම සුන්දරයි. (නි)
ඕවාට පුරුදුවුණ අයට කන්න බොන්න වෙලාවක් නැහැ. ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, මොනවාද කරන්න ආවේ කිසිම දෙයක් හිතේ නැහැ. මෙලොව සිහියක් නැති අය වාගේ වැඩකරන්නේ. (නි)
ලංකාවේ හැමතැනම ළමයි පාරේ යන්නේ පාර දිහා බලාගෙන නෙමෙයි. අවුරුද්දකට පස්සේ පාරේදී මූහුණට මුණ ගැසුනත් කතා නොකර යන තරුණ ළමයි පාරේදී අම්මා තාත්තා මුණ ගැසුනත් දන්නේ නැහැ. හිතයි නෙතයි දෙකම ජංගම දුරකතනයේ. ඇඟේ හැපුනම සොරි කියනවා. හැපුනේ හරකෙක්ගේ ඇඟේද කියලවත් බලන්නේ නැහැ. (නි)
මෙයට ප්‍රදාන හේතුව වන්නේ ඇබ්බැහි වීමයි.කැසිනෝ සෙල්ලමයි මේ සෙල්ලමයි වෙනස,මුදල් පමණි. (අ)
අපිත් ඔය වගේම තමයි, ලංකාදීප එසැණ පිටුවට ඇවිල්ලා වාඩිවුණහම පැය ගානකට නැඟිටින්නේ නැහැ. (නි)
දැන් ඉන්න තරුණ පරපුර ගොඩක් අය ගේම් වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා. නමුත් ජංගම දුරකතනයේ තියෙන පහසුකම් ගත්තම අපේ දවස පහසු කරනවා. ඊමේල් බලන්න, වැඩ සැලසුම් කරන්න, ඩයරියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම කරන්න බැරි කෝල් එකක් ගන්න එක විතරයි. (නදී)
ඔය වයසේ වැරැද්ද... (නි)
ඒක නේන්නම් පිටිගල මහත්තයෝ මමත් මේ කියන්නේ. ඔබගේ ඇඟේ හැපිලාවත් ඔය කොලු ගැටයට තේරුනේ නැද්ද මේ හැපුනේ කාගේ ඇඟේද කියල. (නි)
ගේම් ගහන්න ගත්තම මුන්ට බෝම්බයක් පිපිරුණත් ඇහෙන්නේ නැහැනේ (නදී)