(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
මේ දිනවල පවතින නියඟය හේතුවෙන් පානීය ජලය එක් රැස් කර ගැනීම සඳහා වතුර ටැංකි ලබා ගැනීමට පැමිණෙන ලෙස ප‍්‍රාදේශීය දේශපාලකයෙක් පැවසීම නිසා සංවිධානයක පිරිසක් ලොරි රථයක්ද කුලියට රැගෙන දුර ගෙවා වතුර ටැංකි රැගෙන ඒමට ගොස් හිස් අතින් දේශපාලන රැස්වීමක කතා අහගෙන සිට නැවත ඒමට සිදු වූ පුවතක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
පානීය ජල හිඟය වෙන්නප්පුව ප‍්‍රදේශයටත් ඉතා තදින් දැනෙමින් තිබීම නිසා ජනතාවට පානීය ජලය සපයා ගැනීම දුෂ්කර වීම නිසා වෙන්නප්පුව ප‍්‍රදේශයේ බොහෝ දේශපාලකයන් තමන්ගේ නම ගසා ජලය හිඟ ප‍්‍රදේශවල විශාල ජල ටැංකි තබා දිනපතා බවුසර් මගින් ජලය සපයමින් තිබියදී තවත් අපූරු දේශපාලකයෙක් අපූරු උපක‍්‍රමයක් අනුගමනය කර තිබේ.
මෙම දේශපාලනකයා සම්බන්ධ පක්‍ෂයේ රැස්වීමක් දන්කොටුව ප‍්‍රදේශයේ පැවැත්වෙන නිසා එය සඳහන් නොකර ජනතාව දැඩි ලෙස පීඩා විඳින ජල ගැටලූවට විසඳුමක් ලෙස ජලය එක්රැස් කර ගැනීම සඳහා ජල ටැංකි ලබාදෙන නිසා ඒවා ලබා ගැනීමට දන්කොටුව ප‍්‍රදේශයට එන ලෙස පැවසීම නිසා ඉහත කී සංවිධානයේ පිරිසත් ලොරියක් කුලියට රැගෙන දන්කොටුවට ගොස් තිබේ.
පැය ගණනාවක් රැස්වීමේ කතා අහමින් සිටි පිරිස අවසානයේ හෝ තමන්ට ජල ටැංකි ලැබේ යයි සිතා සිටියත් එය නොලැබීම නිසා තමන්ට ජල ටැංකි ලබා ගැනීමට පැමිණෙන ලෙස දැන්වූ දේශපාලකයා හමු වී ජල ටැංකි ගැන විමසීමේදී එම ජල ටැංකි ගෙන එමින් තිබූ කන්ටේනර රථය මගදී අනතුරකට ලක්වීම නිසා අද එම ටැංකි නොලැබෙන බව පවසා හිමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු වී යාම නිසා තමන් වතුර ටැංකි ගෙන ඒමට කුලියට ගත් ලොරි රථයට කුලී ගෙවා ගෙදර ඒමට පිටත් වී ඇත.
භාණ්ඩ බෙදීමේ අල්ලසක් පෙන්වා දේශපාලකයා තමන් රැස්වීමට කැඳවා ඇති බවට තේරුම් ගත් පිරිස නැවත කිසිම දිනක එම දේශපාලකයාගේ කතාවලට නොරැවෙටෙන බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කීවට ඉගාව චන්දෙටත් උඩින්ම කතිරේ ගහන්නේ ඕවගේ අමන දේශපාලුවන්ට තම.
පහුගිය අවුරුදු 30 ම මෙන්න මේ සංකල්පය තමයි දේසපාලුවෝ ඉදිරිපත්කලේ.. අපේ මෝඩ යෝධයෝ ටික ඒවාට රැවටිලා කතිරේ ගහනවා. ඡන්දෙ දිනුවම දුන්නු පොරොන්දු සේරම කඩවුණු පොරොන්දු වෙනවා. උදාහරණයක් ලෙස 2015 ජනදිපතිවරණයේදී රජයේ සේවකින්ට නොමිලේ යතුරුපැදි දෙනවා කියල ඡන්දය ගත්තා .. අද වෙනකන්වත් ඒවා ලැබුනද??? නැහැ නේද? මිනිස්සු රැවට්ටුවා විතරයි ..ඔන්න ඔහොමයි දේසපාලුවෝ මහජනතාව කඩේ යවන්නේ