IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දේශපාලකයාගේ ගුණ්ඩුවට රැවටුණ පිරිසක් අතිනුත් පාඩුකරගෙන

(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)

මේ දිනවල පවතින නියඟය හේතුවෙන් පානීය ජලය එක් රැස් කර ගැනීම සඳහා වතුර ටැංකි ලබා ගැනීමට පැමිණෙන ලෙස ප‍්‍රාදේශීය දේශපාලකයෙක් පැවසීම නිසා සංවිධානයක පිරිසක් ලොරි රථයක්ද කුලියට රැගෙන දුර ගෙවා වතුර ටැංකි රැගෙන ඒමට ගොස් හිස් අතින් දේශපාලන රැස්වීමක කතා අහගෙන සිට නැවත ඒමට සිදු වූ පුවතක් පසුගියදා වෙන්නප්පුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.

පානීය ජල හිඟය වෙන්නප්පුව ප‍්‍රදේශයටත් ඉතා තදින් දැනෙමින් තිබීම නිසා ජනතාවට පානීය ජලය සපයා ගැනීම දුෂ්කර වීම නිසා වෙන්නප්පුව ප‍්‍රදේශයේ බොහෝ දේශපාලකයන් තමන්ගේ නම ගසා ජලය හිඟ ප‍්‍රදේශවල විශාල ජල ටැංකි තබා දිනපතා බවුසර් මගින් ජලය සපයමින් තිබියදී තවත් අපූරු දේශපාලකයෙක් අපූරු උපක‍්‍රමයක් අනුගමනය කර තිබේ.

මෙම දේශපාලනකයා සම්බන්ධ පක්‍ෂයේ රැස්වීමක් දන්කොටුව ප‍්‍රදේශයේ පැවැත්වෙන නිසා එය සඳහන් නොකර ජනතාව දැඩි ලෙස පීඩා විඳින ජල ගැටලූවට විසඳුමක් ලෙස ජලය එක්රැස් කර ගැනීම සඳහා ජල ටැංකි ලබාදෙන නිසා ඒවා ලබා ගැනීමට දන්කොටුව ප‍්‍රදේශයට එන ලෙස පැවසීම නිසා ඉහත කී සංවිධානයේ පිරිසත් ලොරියක් කුලියට රැගෙන දන්කොටුවට ගොස් තිබේ.

පැය ගණනාවක් රැස්වීමේ කතා අහමින් සිටි පිරිස අවසානයේ හෝ තමන්ට ජල ටැංකි ලැබේ යයි සිතා  සිටියත් එය නොලැබීම නිසා තමන්ට ජල ටැංකි ලබා ගැනීමට පැමිණෙන ලෙස දැන්වූ දේශපාලකයා හමු වී ජල ටැංකි ගැන විමසීමේදී එම ජල ටැංකි ගෙන එමින් තිබූ කන්ටේනර රථය මගදී අනතුරකට ලක්වීම නිසා අද එම ටැංකි නොලැබෙන බව පවසා හිමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු වී යාම නිසා තමන් වතුර ටැංකි ගෙන ඒමට කුලියට ගත් ලොරි රථයට කුලී ගෙවා ගෙදර ඒමට පිටත් වී ඇත.

භාණ්ඩ බෙදීමේ අල්ලසක් පෙන්වා දේශපාලකයා තමන් රැස්වීමට කැඳවා ඇති බවට තේරුම් ගත් පිරිස නැවත කිසිම දිනක එම දේශපාලකයාගේ කතාවලට නොරැවෙටෙන බව කියති.



අදහස් (2)

දේශපාලකයාගේ ගුණ්ඩුවට රැවටුණ පිරිසක් අතිනුත් පාඩුකරගෙන

sachith Wednesday, 06 September 2017 04:57 AM

ඔහොම කීවට ඉගාව චන්දෙටත් උඩින්ම කතිරේ ගහන්නේ ඕවගේ අමන දේශපාලුවන්ට තම.

:       47       72

බණ්ඩාර(කැකිරාව) Wednesday, 06 September 2017 06:05 AM

පහුගිය අවුරුදු 30 ම මෙන්න මේ සංකල්පය තමයි දේසපාලුවෝ ඉදිරිපත්කලේ.. අපේ මෝඩ යෝධයෝ ටික ඒවාට රැවටිලා කතිරේ ගහනවා. ඡන්දෙ දිනුවම දුන්නු පොරොන්දු සේරම කඩවුණු පොරොන්දු වෙනවා. උදාහරණයක් ලෙස 2015 ජනදිපතිවරණයේදී රජයේ සේවකින්ට නොමිලේ යතුරුපැදි දෙනවා කියල ඡන්දය ගත්තා .. අද වෙනකන්වත් ඒවා ලැබුනද??? නැහැ නේද? මිනිස්සු රැවට්ටුවා විතරයි ..ඔන්න ඔහොමයි දේසපාලුවෝ මහජනතාව කඩේ යවන්නේ

:       51       128

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site