මුලටියන එස්. බාලසූරිය
ගම් ප්‍රදේශයේ පැවැති මංගල උත්සවයකට ඇරියුම් ලැබූ ප්‍රාදේශීය දේශපාලනඥයකු එම මංගල උත්සව සභාවේ කතාවක් කිරීම සඳහා සූදානම් වෙද්දී එහි සිටි බොහෝ දෙනකු එම කතාව ඇසීම වර්ජනය කිරීමේ පුවතක් මාතර දිස්ත්‍රික්කයේ ගමකින් වාර්තා වෙයි.

මංගල උත්සවයක් අවසානයේ මනාල යුවලට ශුභාශිංසන කිරීම සඳහා උත්සව සභාවක් පැවැත්වීම චාරිත්‍රයක් බැවින් ඒ අනුව මෙම දේශපාලනඥයාගේ නම කියා ආරාධනා කිරීමෙන් අනතුරුව එම සිද්ධිය ඇතිවී තිබේ.
මෙම අකරතැබ්බයට මුහුණ දුන් ප්‍රාදේශීය දේශපාලනඥයා අයුතු දේශපාලන වරප්‍රසාද ලබා නොගන්නා අසාධාරණයට විරුද්ධව නොබියව අදහස් ප්‍රකාශ කරන කාට හෝ අකටයුත්තක් හෝ අසාධාරණයක් සිදු වූ විට ඔවුන්ගේ ප්‍රශ්නයට සෘජුව මැදිහත් වී විසඳුම් ලබාදීමට කටයුතු කරන්නෙකි.
ඔහු දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් එම සභාව නියෝජනය කළත් දේශපාලන මතිමතාන්තර අනුව කටයුතු නොකරන කෙලින් වැඩ කරන්නකු ලෙස ජනතාවගේ විශේෂ සැලකිල්ලට බඳුන් වූ පුද්ගලයෙකි.
එමෙන්ම තමන් නියෝජනය කරන කොට්ඨාසයේ හා බල ප්‍රදේශයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු නිසි ලෙස සිදු කරගැනීම සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන්නෙකි.
රට තුළ පවතින වාතාවරණය අනුව සෑම දේශපාලනඥයකු කෙරෙහිම ජනතාව දක්වන්නේ දැඩි අප්‍රසාදයක් බැවින් එම මිම්මෙන්ම සලකා ඔහුටත් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කිරීම නිසා මංගල උත්සවය පැවැති නිවෙස් හිමියා ද බලවත් අපහසුතාවකට පත් වී තිබේ.
තමාගේ ආරාධනයට අනුව පැමිණි තම හිතවතාට සිදුවූ අපහසුතාව පිළිබඳව බෙහෙවින් කම්පාවට පත් වූ හෙතෙම දැඩි කලකිරීමෙන් සිටින බව ද දැනගන්නට ලැබී ඇත.
එහෙත් කිසිම දෙයකින් නොසැලෙන මොහුගෙන් එම සිද්ධිය පිළිබඳව විමසන හිතවතුන්ට පවසා ඇත්තේ දේශපාලනඥයන් පිළිබඳව සමාජයේ පවතින ආකල්පය මෙම සිද්ධියෙන් පිළිබිඹු වන බවත් මේ නිසා කිසිම ආකාරයක කලකිරීමක් හෝ පසුතැවීමක් නොමැති බැවින් තමන් අනුගමනය කරන ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බවත්ය.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1561
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශපාලකයා මංගල සභාව අමතද්දී නෑයෝ නැගිට ගිහින්