IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දවසකට බිත්තර 5ක් කාලා ජොබ් එකට තට්ටු වෙලා

දවසට බිත්තර ගෙඩි පහක් කෑවා යැයි වේටර්වරයෙක් සේවයෙන් ඉවත් කර ඇතැයි කියන ආපන ශාලාවක් පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක සිය පියා මියගිය මව පාසල් යන වයසේ නැගණියන් දෙදෙනෙකුත් 22 හැවිරිදි තරුණයකු සමග දිවි ගෙවමින් සිටි. තරුණයාගේ මව කාලයක සිට බීඩි ඔතා උපයන සොච්චම් මුදලින් තරුණයාටත් පාසල් යන වයසේ සිටින සහෝදරියන් දෙදෙනාටත් වේලක් ඇර වේලක් කන්න දී රැක බලා ගෙන තිබේ.


නිවසේ නැති බැරිකම අගහිඟකම් සියල්ල සියැසින් දැක ඇති අසල්වැසි කාන්තාවක් මීට සති දෙකකට පමණ ඉහතදී නිවසට වී සිටි තරුණයාට කෑගල්ල ප්‍රදේශයේ කුඩා ආපන ශාලාවක වේටර් රැකියාවක් සොයා දී ඊට යොමු කෙරිණ.


එහිදී ආපන ශාලා හිමිකරු තරුණයාගේ පවුලේ තොරතුරු විමසා පුහුණු වන තෙක් දිනකට රුපියල් 1000 ක වැටුපකුත් පුහුණු වීමෙන් පසුව රුපියල් 1500 ක වැටුපකුත් ගමන් වියදම සඳහා දිනකට රුපියල් 200ක අමතර මුදලකුත් දීමට පොරොන්දු වී තිබුණි. තවද ඕනෑම දෙයක් තුන් වේලට කෑමට අවසර දී තිබුණි.


තරුණයා ඉකුත් දිනෙක ප්‍රථම වතාවට ආපන ශාලාවේ රැකියාවට ගියේය. පෙරවරු 8 ට පමණ මොනවා හරි කාලා තේ කෝප්පයක් බොන ලෙස ආපන ශාලා හිමිකරු තරුණයාට කීය. පාන් ඉඳි ආප්ප සමග බිත්තර ගෙඩි දෙකක් ද ගෙන කන අයුරු දැක ඇති හිමිකරු කොල්ලා එක බිත්තරයක් නෙමේ ගෙඩි දෙකක්ම කනවා යැයි වේටර්වරයා සිතින් සිතුවේය. දහවල් කෑම වේලාව පැමිණියේය. එහිදී තරුණයා කුකුල් මස් කැබැල්ලක් හා බිත්තරයක් ද ගෙන කන අයුරු යළි ආපන ශාලා හිමිකරු දැක වචනයක්වත් තරුණයාට කීවේ නැත. සවස ආප්ප කොත්තු වේලාවේ ද තරුණයා බිත්තර ආප්ප දෙකක් ද ගෙන කුකුල් මස් හොදි සමග කන අයුරු ද දැක තිබේ.


සවස 7 ට පමණ ආපන ශාලාව වැසුණු අවස්ථාවේ දී හිමිකරු තරුණයාට කියා සිටියේ හෙට ඉඳන් වැඩට එන්න එපා. දවසට බිත්තර පහක් කෑවොත් එච්චර කල් යන්නේ නැතිව මට මේ ආපන ශාලාව වහන්න වෙනවා. අද වැටුපයි ගමන් වියදමයි රුපියල් 1200 ක් මම දෙන්න ඕනෑ. බිත්තර ගෙඩි පහක් කෑවාට එකකට රුපියල් 50 ගානේ රුපියල් 250 ක් අඩු කරලා ආපන ශාලා හිමිකරු තරුණයා අත රුපියල් 950 ක්  තැබුවේය.


‘‘මහත්තයා හෙට මම වැඩට එන්න එපා ද තරුණයා ආපන ශාලා හිමිකරුගේ මුහුණ දෙස බලමින් සංවේදීව විමසුවේය.’’ එපා එපා එන්න එපා. මේක ලොකු හෝටලයක් නෙමෙයිනේ. මමත් මේක කරගෙන යන්නේ කාලේ විදිහට අමාරුවෙන්. ඔය ළමයා ඔය විදිහට කෑවොත් සතියෙන් ආපන ශාලාව වහන්න වෙනවා.


‘‘තරුණයා රුපියල් 950 ත් අරගෙන රාත්‍රි නිවස බලා පැමිණ ඇති බව වාර්තා වෙයි. ආපන ශාලා හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් රාත්‍රි බිරිඳට දන්වා ඇති බවත් බිරිඳ එහිදී සිනාමුසු මුහුණින් කියා ඇත්තේ කොල්ලෝ ඔහොම තමයි අනුකම්පා කර යළි වැඩට ගන්නා ලෙසත් දන්වා ඇති බව වාර්තා වෙයි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න



අදහස් (1)

දවසකට බිත්තර 5ක් කාලා ජොබ් එකට තට්ටු වෙලා

pakeer Wednesday, 14 December 2022 01:41 PM

ඕක තමයි ලංකාවේ හුඟක් මිනිස්සුන්ගේ තත්වේ.. එක දවසින්ම රස්සාව ඉවරයි...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site