IMG-LOGO

දෙවියන්ගෙන් ෂේප් වෙන්න කෙසෙල් හොරා අයිතිකරුට සල්ලි දීලා

(මීරිගම විශේෂ – පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගෙවත්තේ වූ කෙසෙල් කැන කැපූ හොරුන්ට අත පය කැඩෙන්නැයි ප්‍රාර්ථනා කර පලි ගහන්න දේවාලයට යන බව දැනගත් කෙසෙල් කැන කැපූ හොරුන් එහි අලාබයට රුපියල් දහසක් නිවෙසට ගෙනවිත් තබා ගිය සිද්ධියක් පිළිබඳව බඩල්ගම ප්‍රදේශයේ දුෂ්කර ගමකින් වාර්තා විය.


දිවයිනේ විවිධ පෙදෙස්වලින් පැමිණි පිරිස් පදිංචි වූ බිමකි. ඔවුන් අතර  නානාප්‍රකාර චරිතද වෙති. මීරිගම ප්‍රදේශයෙන් ගිය දරු පවුලක් මෙහි වාසය කරන අතර ගොවිතැන් කටයුතුද සිදුකළහ. කෙසෙල් වගාව ඉන් ප්‍රමුඛ පෙළේ විය.


සරුවට වැවුණු ඇඹුල් කෙසෙල් කැන කපන්නට තරම් ආසන්නය. හෙට කැන කපා විකුණන්නට පවුලේ පිරිස තීරණය කර තිබිණි. පසුදාට එළි වෙද්දී කෙසෙල් කැන නැත. කිසිවෙකු සොරාගෙන ගොස් බව පෙනී ගියේය.


මාරාවේශ වූ ගෘහණිය ඉවක් බවක් නැතිව බැණවැදුනාය. නම ගිය දේවාලයකට ගොස් පලි ගසා සොරුන්ට දඬුවම් කරන බවට ඇය සපථ කළාය. ඇය මෙසේ පලි ගසන්නට සමත් තැනැත්තියක බවට ගමේ පැතිර තිබූ කටකතා නිසා සොරා බිය විය. එදින රැයේම රුපියල් දහසක් ලියුම් කවරෙක බහා නිවස ඉදිරිපිට එල්ලා තැබුවේ කෙටි ලිපියක්ද සමගය.


යළි මෙවන් සොරකම් නොකරන බවට පොරොන්දුවක්ද සමග මුදල භාරගෙන පලි ගැසීමෙන් වළකින ලෙසට එම ලිපියෙන් ඉල්ලා තිබිණි.


කෙසේ හෝ රුපියල් හත් අටසීයකට විකුණාගත හැකි බවට ගණන් බලා තිබූ කෙසෙල් කැනට රුපියල් දහසක් ලබා ගැනීමට හැකිවීමෙන් ගෘහණිය සතුටට පත්ව සිටින බව දැනගන්නට ලැබිණි.



අදහස් (0)

දෙවියන්ගෙන් ෂේප් වෙන්න කෙසෙල් හොරා අයිතිකරුට සල්ලි දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 655 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site