IMG-LOGO

දෙවියන් පලතුරු කඩයට වඩිනු දැක සාදුකාර දීලා

මිනිසුන්  පෝලිමේ යන දේවාලයක පසුගිය දිනෙක රැයේ අපූරු සිදුවීමක් දැකගත හැකිවිය.


දේවාලයට මදක් ඉහළින් නිල් පැහැයට හුරු ආලෝකයක් දිස්වන්නට විය. දෙවියන් කෙරේ බැතිමත් වූ පිරිස් දෙවියන් වඩිනවා යයි හදපිරි බැතියෙන් සාදුනාද පැවත්වූහ. ඇතැමුන් හඳුන්කූරු දල්වා පෙදෙස සුවඳ කරද්දී නිල් පැහැති එළිය තව තවත් බැබළෙන්නට විය.


දේවාලයේ සීනු නාදය ද නොකඩවා හැඬවෙන්නට වූ අතර නිල් ආලෝකය කෙමෙන් කෙමෙනේ පහත් වන්නට වූයේ අසලවූ පලතුරු වෙළෙඳසලක් මතටය.
“දෙවියන් පලතුරු වෙළෙඳසලට වඩිනවා” ඇතැම්හු කීහ.


තවත් පහත්වූ අලේකය පලතුරු කඩයේ වහල මතට වැටෙද්දී කාන්තාවෝ සාදු නාද දුන්හ.


පසුව පිරිස් පලතුරු වෙළෙඳසල  අසලට ගොස් බලද්දී පැහැදිලි සත්‍යය හෙළිවූයේය.


සිදුවී ඇත්තේ කුඩා දරුවකු බල්බයක් සවිකොට අහසට නැංවූ සරුංගලයක් පලතුරු වෙළෙඳසලේ වහල මතට පතිත වීමය. 

(දූනගහ බටේපොළ විජයසිරි)

 



අදහස් (0)

දෙවියන් පලතුරු කඩයට වඩිනු දැක සාදුකාර දීලා

මිනිපෙ Thursday, 29 September 2016 06:06 PM

මම මේ කතාව විශ්වාස කරමි. එක්වතාවක් පුජා කරපු පලතුරු නැවත වරක් විකිණීම ගැන දෙවියන් කෝපවී ඇත. (නි)

:       0       0

අරවින්ද Wednesday, 28 September 2016 07:01 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

අබරන් Wednesday, 28 September 2016 10:04 AM

සාදු...සාදු.. (අ)

:       0       0

චානක Thursday, 29 September 2016 12:40 AM

මට නම් හිනාව නවත්වා ගන්න බැරිවුණා මේක කියවලා (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 29 September 2016 10:02 AM

ජයා ගේ කතාව හරි නැත්නම් හෙට දවසේම දෙවියන්ගේ පලතුරු මිනිසුන්ට කවන්න තිබුනා, මුදලාලි ගොඩ ගියා එහෙනම් ඉතින් මොනවා කරන්නද ? (ර)

:       0       0

දිමුත් Thursday, 29 September 2016 02:30 AM

චානක, කෙනෙකුගේ නොදැනුවත්කමට හිනාවෙන්නේ ඔයා හැමදේම දන්න නිසා වෙන්න ඇති නේද? ඔයා ගැන මට අනුකම්පා හිතෙනවා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 29 September 2016 03:51 AM

අවාසනාවට කට්ටිය දැක්කේ සරුන්ගලයක් කියල , නැත්නම් ඉතින් පලතුරු කඩේ මුදලාලිගේ කරලා පැහෙනවා , දෙවියන්ගේ කඩෙන්ම පලතුරු ඉල්ලලා (බ)

:       0       0

ලහිරු Friday, 30 September 2016 10:29 PM

පේනවා නේද මිනිස්සු කොච්චර අනුවණද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 359 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 526 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 221 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site