මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
දියණියගේ බත් මුලට පොල්කටු හොද්දක් බෙදු බව කියන මවක නිසා දියණිය කාර්යාලයේ දී මිතුරියන් ඉදිරියේ මහත් අසීරුතාවට ලක් වූ පුවතක් පසුගිය දා වයඹ පළාතේ අග නගරයකින් අසන්නට ලැබිණි.
බස්නාහිරෙන් වයඹට දීග ගිය කතකි. සැමියා විශ්රාමිකය. දියණිය නගරයේ කාර්යාලයක සේවය කරන්නීය. පරිප්පු කිලෝව රුපියල් හය සියයකට ආසන්න නිසා සැමියා කඩල පරිප්පු ගෙනාවේ ගෙදර වියදම අඩු කර ගැනීමේ උපක්‍රමයක් ලෙසය. කලකින් නිවෙසට ගෙනා කඩල පරිප්පු පිසින්නට නම් වරුවක් දියේ පොඟවා ගැනීම කළ යුතු බව ගෘහණියට සිහිපත් වූයේය. ඇය මේ ගැන සිය සොහොයුරිය හා කතිකා කළාය.
ඇයට උපදෙසක් ලැබිණි. පොල් ගා අවසන් වූ පොල් කට්ටක් කඩා කැබිලි කිහිපයක් දැමීමෙන් කඩල පරිප්පු පිසීමේ දී කල්තියා පොඟවා ගැනීම අනවශ්‍ය බව එයින් කියවිණි. අත්හදා බැලීමටත් සමග ඇය පසුදා උදේ කඩල පරිප්පු හොද්ද ළිපේ තැබුවේ සොහොයුරියගෙන් ලැබුණ උපදෙස් අනුවය.
කඩල පරිප්පු ව්‍යංජනය දැක පුදුමයට පත් වූයේ එය පෙඟෙන්නට දමා තිබෙනු දක්නට නොලැබුණු නිසාය. ඔහු බිරියගෙන් ඒ ගැන විමසීය. ඒක රහසක් බස්නාහිර අපි කඩල පරිප්පු උයන හැටි හොඳට දන්නවා. කාලා බලන්නැයි ඉල්ලා සිටියාය. ව්යජංනය අපූරු බවට සැමියා සහතික කළේ වැඩි දුර ප්‍රශ්න නොකරමිනි.
දහවල් විය. දියණියගෙන් පියාට ඇමතුමක් ලැබිණි. ‘ තාත්තේ වට්ස් ඇප් එක බලන්න ඇය ඉල්ලා සිටියාය. පියා ඒ අනුව දුරකතනය පිරික්සීය. දියණිය මිතුරියන් සමග දහවල් කෑම කන අවස්ථාවේ ඡායාරූප එහි විය. එක් පින්තූරයක පොල් කටු කැබලි හත අටක් විය. ඔහු බිරියට එය පෙන්වූවේය.
අනේ මට කඩල පරිප්පුවලට දාපු පොල් කටු කෑලි ටික අයින් කරන්න බැරිවෙලා. ඒවා දුවගේ බත් එකට බෙදලායි කී ඇය සිද්ධිය හෙළි කළාය. පියාද ඒ බව දියණියට දැනුම් දුන්නේය. දියණිය සවස ගෙදර ආ විගස හඬා වැටෙමින් මවට පැවැසුවේ ‘අම්මේ හෙටත් පොල් කටු හොද්දක් එක්ක බත් ගේන්න කියලා යාළුවෝ කී බවයි. තමන්ට සිදු වූ අතපසුවීම ගැන මව දහස් වර සමාව ඉල්ලුවේ වෙන කළ හැකි දෙයක් නොවූ නිසාය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
දුවට කන්තෝරු ගෙනියන්න පොල්කටු හොද්දක් හදලා