කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
සටහන් මිටියක් තබාගෙන උසස් පෙළ විභාගය ලියමින් සිටියදී මාට්ටුවූ සිසුවියක ඒ සම්බන්ධයෙන් සිය මවට දුන් දුරකතන ඇමතුමෙන් මුළු විභාග මධ්‍යස්ථානයේම නිලධාරීන් හොල්මන් වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් මේ දිනවල අසන්නට ලැබේ.
දකුණු පළාතේ පාසලක විභාග මධ්‍යස්ථානයකි. විභාගය උසස් පෙළය. එක් ශාලාවක විභාගය ලියමින් සිටි සිසුවියකගේ අමුත්තක් එය නිරීක්ෂණයට සිටි ගුරුවරුන්ට දැක ගත හැකිවිය.
ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් වීමේදී ඇය එදා තිබූ විෂය ප්‍රශ්න පත්තරය ලියමින් සිටියේ ඊට අදාළවූ සටහන් මිටියක් සඟවාගෙනය. මෙය සමාවක් දිය හැකි විභාග වරදක් නොවූ නිසාම ගුරුවරු මෙම සිසුවිය විභාග ශාලාධිපතිට බාර දුන්හ.
මේ සම්බන්ධයෙන් ඔහුට විභාග නීතිය ක්‍රියාත්මක කරනු හැර ඊට වෙනත් විකල්පයක්ද නොවීය. ඒ අනුව මේ සිසුවිය සම්බන්ධයෙන් විභාග නීතිය කඩ කළේ යැයි කියමින් ඊට අදාළ සටහන් දැමීමට අදාළ බලධාරීන්ට සිදුවිය.
මේ අකරතැබ්බයෙන් ලජ්ජාවට පත්වී මෙම සිසුවිය නිවසට යන අතරතුර කිසියම් කරදරයක් වෙතැයි සිතූ විභාග මධ්‍යස්ථානයේ නිලධාරීහු සිසුවිය මව ගෙන්වා බාරදිය යුතු යැයි තීරණය කළහ. ඒ අනුව ඇයට සිය මව ගෙන්වා ගැනීමට දුරකතන ඇමතුමක් ලබා ගැනීම සඳහා ජංගම දුරකතනයක් ලබාදීමට ද කටයුතු සම්පාදනය කෙරිණ.
සිය මවට දුරකතන ඇමතුමක් ගත් මේ සිසුවිය අම්මාට කීවේ “මල සේක ඔක්කෝම කොළ ටික මාට්ටුයි අම්මේ. මාව ගෙදර එක්ක යන්න එන්න..” යැයි කීවේ මේ විභාග නීතිය කඩ කිරීමට ඇයට ඇගේ අම්මා ද අනුබල දී ඇති බව පසක්වීමෙන් ඒ සම්බන්ධයෙන් පුදුම වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෙක් ලමයෙකුට බොරු කරන්න ඉගැන්නුවෙ නෑ ඉස්සර. දැන් රටේ තියෙන කුපාඩි තරඟ කාරීත්වය විසින් අවංකව සිටි කාන්තා පක්ෂයත් ගුණ දහම් නැති තත්වයට පත් කරලා
කාන්තාවෝ අවංකයි? වාව්...!