IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දුවගේ අලුත් පෙම්වතා පොලිසියේදී ගෑනියෙක් වෙලා

(රක්වාන – ඩබ්ලිව්.ඒ. සිරිසේන)
හෝටලයක සතියක කාලයක් පෙම්සුව විඳ පැමිණි යුවළක පෙම්වතා පොලීසියේ දී ගැහැනියක් බව හෙළිදරව් වීමේ සිද්ධියක් ඉකුත් දා රක්වාන පොලීසියෙන් වර්තා විය.


තරුණ විවාහක යුවළක් අතර ඇතිවූ අඩදබර හේතුවෙන් කලකිරීමට පත් බිරිය කොළඹ ප්‍රදේශයකට ගොස් තාවකාලිකව රැකියාවක නිරතව තිබේ.


එහිදී හමු වූ පෙම්වතෙකු සමග මෙම කාන්තාව පෙම් සම්බන්ධතාවක් ඇති කර ගත්තාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉකුත් සති අන්තයේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක දෙදෙනා සතියක් පමණ කාලයක් ගතකර ඇත.


මේ අතර සැමියාගෙන් වෙන්වී කොළඹ ගිය දියණිය ගැන ආරංචියක් දැනගැනීමට නොමැතිව සිටිය දී ඇය අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක සිටින බවට ඇගේ මවට දැන ගැනීමට හැකි වී තිබේ. එහි ගිය මව දියණියත් ඇගේ පෙම්වතාත් සමග තම නිවසට පැමිණි අතර දියණියගේ අලු‍ත් පෙම්වතා ගැන සැක කළ මව පොලීසියට ගොස් ඒ පිළිබඳව පැමිණිලි කළාය.


දෙදෙනා පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමේ දී හෙළිදරව් වූයේ දියණියගේ අලුත් පෙම්වතා ලෙස මෙතෙක් කලක් හැසිරී ඇත්තේ පිරිමියකුගේ වෙස්වලාගෙන සිටි කාන්තාවක බව ය.


රක්වාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. නවරත්න දෙදෙනාටම අවවාද කර ඔවුන් දෙදෙනා ඥාතීන්ට යළි බාර දීමට පියවර ගත්තේය.

 



අදහස් (0)

දුවගේ අලුත් පෙම්වතා පොලිසියේදී ගෑනියෙක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 172 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 53 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site