IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දේව වරමින් තහනම් ගහේ ගෙඩි කන්න ගිහින්

රාජාංගණය - නුවන් කුමාර 
දේව වරමින් මැදියම් රැයේ අනියම් සැමියාගේ පහස ලැබීමට ගිය කාන්තාවක තම සැමියාට හා අසල්වැසියන්ට හසුවීමේ සිද්ධියක් රාජාංගණය පොලිසියෙන් වාර්තා වෙයි. 


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. 


සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ සැමියා දුරබැහැර ප්‍රදේශයක සේවය කරන අතර ඔහු මසකට වරක් නිවෙසට පැමිණෙන අතර එහිදී දින කිහිපයක් නිවෙසේ කාලය ගත කරයි. 


මෙම යුවළට දරුවන් දෙනෙකු සිටින අතර ස්වාමියාගේ මවද මෙම නිවසේ වාසය කරයි. පසුගිය දිනක නිවසට පැමිණි සැමියා එක් දරුවකු සමග වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර අනෙක් දරුවා මෙම කාන්තාව සමග නිදාගෙන ඇත. 


මැදියම් රැයේ එක්වරම කාන්තාව ළඟ සිටි දරුවා හැඬීමට පටන්ගෙන ඇති අතර නිවැසියන් අවදි වී ඒ පිළිබඳව විමසුවද ඇගෙන් කිසිදු පිළිතුරක් නොමැති නිසා දොර කඩා ඇතුළු වූ නිවැසියන්ට දැකගත හැකිවූයේ එම කාමරයේ විදුලි පන්දමක් දැල්වී ඇඳ මත තිබුණද ජනේලය විවෘත කර ඇය නිවෙසින් බැහැරවී ඇති බවයි. 


සැමියා ගම්වැසියන් සමග එක්ව ඇය සොයද්දී නිවෙස පිහිටි ඉඩමේ කෙළවරක සිටි අයකු යතුරු පැදියකින් පලා යනු දැක තිබේ. එම ස්ථානයට පිරිස යනවිට මෙම කාන්තාව එතැන සිට ඇත. 


නීත්‍යානුකූල සැමියා රාජාංගණය පොලිසියට කළ පැමිණිල්ලක් මත දෙපාර්ශ්වය කැඳවා කරුණු විමසීමේදී කාන්තාව පවසා ඇත්තේ තමන්ට සිහිනෙන් දෙවියකු පැමිණ අනියම් සැමියා ළඟට ගොස් පෙම්සුව විඳීමට උපදෙස් ලබාදුන් බවයි. 


අනියම් සම්බන්ධතාවල ආදීනව පිළිබඳවත් විවාහයක් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වටිනාකම පිළිබදවත් කරුණු වටහාදී දෙපාර්ශ්වය එක් කිරීමට රාජාංගණය පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ටී.බී. රත්නායක මහතා කටයුතු කළේය. 

 



අදහස් (0)

දේව වරමින් තහනම් ගහේ ගෙඩි කන්න ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site