IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දොලපිදේනිය වැරදී යකා වැහිලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


ස්ථාන මාරුවක් ලබාගැනීමට රැගෙන එන්න යයි කියූ දොල පිදේනිය අජිවී බව දැක යක්ෂාවේශවූ ආයතන ප්‍රධානියකු ගැන අපූරු කතාවක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඇතැම් ආයතන ප්‍රධානීහු දොළ පිදේනි ලෙස විස්කි, බ්‍රැන්ඩි ලබා ගනිති. තවත් අය ඉස්සො, කකුළුවො, දැල්ලො, මාළු ඇතුළු දේ ලබා ගනිති. කිරි,පැණි ලබා ගන්නා අය ද වෙති. මුදල් ලබා ගන්නා අයද හිග නොවෙති. මේ ආදී දේ බොහෝ ආයතන ප්‍රධානීන් ගත්තත් අපේ කතා නායකයා නම් ගන්නේ අපූරුම දොල පිදේනියෙකි. දොල පිදේනි නොගන්නා ආයතන ප්‍රධානීහුද අපේ පළාතේ කොතෙකුත් ඇත්තෝය. ඒ අය රටට සම්පතකි. භාගයකි. අපේ කතානායකයා නම් ඊට හාත්පසින්ම වෙනස් අයෙකි.
හේ වේලාපත් කඩය හිස් මුදුනින් පිළිගත් අයෙකි. ඒ අනුව ක්‍රියා කළ අයෙකි. මේ දිනවල වේලාපත් කඩය බැලු‍ අයෙකු ඔහුට කීවේ තදබල අපලයක් තියෙන බවය. ඒ සදහා කළ යුතු කාර්යයන් කිහිපයක් ගැන දැනුම් දුන්නේය. ඔහු එය හිස් මුදුනෙන්ම පිළිගත්තේය.


ලොක්කාගේ අපලය දුරු කිරීමට කළයුතු කාර්යයන් ගැන පොඩ්ඩන් අතරද පැතිර ගියේය. ඔහු කිට්ටුවන්තයන් ලවා එය කෙරෙව්වේය. ස්ථාන මාරුවීම් ලබා ගන්නා අය දොල පිදේනි ලෙස ඔහුගේ කල අපලය ඉවත් කිරීමට අවශ්‍ය දෙයක් ගෙන ගියෝය. එයින් සතුටට පත්වන ඔහු ස්ථාන මාරුවීම ලබාදීමට කටයුතු කරන්නේය.
මේ මෑතකදී එක් අයෙක් ඔහුගෙන් ස්ථාන මාරුවීමක් ලබා ගැනීමට ගියේය. ඔහුටත් අර දොල පිදේනියම ගෙන එන ලෙස දැනුම් දුන්නේය. ඒ අනුව ඔහු දොල පිදේනිය ගෙන ගියේ ඔහුගේ නිල නිවසටය. ලොක්කාගේ අතට දුන්නේය. මේ මොනවාදැයි ලොක්කා ඇසුවේය. සර් කුකුළෙක් යයි ඔහු කීවේය. ලොක්කාට මළ පැන්නේය. යකෝ මම කිව්වේ නිදහස් කරන්න පණ පිටින් කුකුළෙකු යයි කියමින් ඔහුගේ කුකුළු මස් කවරය දමා ගැසුවේය.
ඔහුගේ කල අපලය දුරු කිරීමට පණ පිටින් කුකුළන් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටිනා බව දන්නා ඇතමුන් පණ පිටින් කුකුළෙකු ගෙන ගියත් මේ නිලධාරියාට කුකුළකු ගෙන එන්නැයි කීවිට ඔහු ගෙන ගොස් ඇත්තේ මස් සදහා මරණ කුකුළෙකි.

 



අදහස් (0)

දොලපිදේනිය වැරදී යකා වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site