(මාවතගම කාන්චනමාලා බණ්ඩාර)
මව ගෙදර නැති වෙලාවේ ඇගේ කුඩා දරු දෙදෙනා මවගේ බැංකු ගිණුමෙන් අන්තර් ජාලයේ ක්‍රීඩාවලට දහස් ගණනක් මුදල් ගෙවා ඇතැයි හෙළිවී මවට තරු පෙනීමේ සිද්ධියක් මාවතගමෙන් වාර්තාවේ.

මව සේවය කළේ රජයේ කාර්යාලයකය. ඇගේ කුඩා පුතුන් දෙදෙනා නිවාඩුවට පාසල් වැසීම නිසා නිවෙසේම කාලය ගත කළේ දැඩි සතුටකිනි.
කොරෝනා වසංගතය සමග ඔන්ලයින් එකෙන් පාඩම් ඉගැනීමට ලැබීම ඔවුන්ට මහත් විනෝදයක් වූයේ මවගේ ස්මාට් දුරකතනය ඔවුන් අතට පත්වීම හේතුවෙනි. මව රැකියාවට යාමත් සමග 6.7 වසරවල පාඩම් අවසන්වූ වහාම මෙම දරුවෝ අන්තර්ජාලයේ ගේම් වලට යොමු වූහ.
නගරයේ උසස් පාසල්වල ඉෙගනගත් මෙම දරු දෙදෙනා කුඩා වුවත්, අන්තර්ජාලයේ සැරි සැරීමට මහත් දක්ෂයෝ වූහ. ඒ නිසාම අන්තර්ජාලයේ විවිධ ගේම් ගැසීමට යොමුවූහ.
තම අතිරේක පංති සඳහා අන්තර්ජාලය ඔස්සේ මව තම ගිණුමින් මුදල් යවන ආකාරය දැක තිබූ දරුවන් අන්තර්ජාල ක්‍රීඩා සඳහා අවශ්‍ය මුදල නිර්ලෝභීව ගෙවා දැමුවේ මහත් උජාරුවෙනි. මෙසේ කාලය ගෙවෙද්දී තම බැංකු ගිණුමේ වසර ගණනක් නිවසක් ඉදිකිරීම සඳහා ඉතිරි කර තිබූ මුදලින් දහස් ගණනක් මුදල් අඩුවී ඇති බව දැන ගැනීමට ලැබිණි. තම සැමියාටද මේ ගැන දන්වා බැංකුවට ගොස් විමසා බැලීමේදී අන්තර්ජාලය හරහා විටින් විට මුදල් ඇගේ ගිණුමින් බැර කර ඇති බවත් දැනගත් ඇය නිවැසියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තම කුඩා පුතුන් අන්තර් ජාල ක්‍රීඩා සඳහා අවශ්‍ය මුදල් තම ගිණුමෙන් යොමුකොට ඇති බව දැන ඇයට තරු පෙනිණි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවන්ගේ ඔන්ලයින්වලින් අම්මාත් අන්දුන් කුන්දුන්