IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා

හසලක සුනිල් ඒකනායක


සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා විය.
තිස් දෙහැවිරිදි දෙදරු මවක වන ඇය රැකියාවක් නොකරන ගෘහණියකි. සැමියා එදිනෙදා කුලියෙන් දරු පවුල රැක ගන්නා අයෙකි. දෛනිකව තමන් උපයන මුදල බිරිඳට රැගෙනවිත් දෙන අතර නිවසේ හා දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඇය එම මුදල වැය කරයි.
නීත්‍යානුකූලව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන යම් ලොතරැයි පතක් දිනුම් ඇදීමෙන් පසු ලොතරැයි පතේ සටහන් කර ඇති අවසාන අංක දෙකක් ගළපා මුදල් දිනුම් ලබාදෙන නීති විරෝධි මුදල් සූදුවක් මේ ප‍්‍රදේශයේ ද කලක සිට ක්‍රියාත්මකව පවති. 


මෙය කොටු කැපිල්ල නමින් හඳුන්වනු ලබයි. නගරයට ආසන්නයේ පදිංචි මෙම කාන්තාව ද සැමියා නිවසේ ආහාරපානවලට හා දරුවන්ගේ අවශ්‍යතාවයන්ට ලබාදෙන මුදලින් යම් මුදලක් හොර රහසේ මෙම මුදල් ඔට්ටුව සඳහා යොදවනු ලබයි. අංක 01 සිට 100 දක්වා කොළයක අංක සටහන් කර ඇත. මෙම ඔට්ටු සූදුව ක්‍රියාත්මක කරන්නා අත ඇති මෙහි කොටුවක් රුපියල් සීයක මුදලක් බව කියයි. ඇය දිනකට රුපියල් පන්සියයක පමණ මුදලක් මේ කොටු කැපීමට වැය කරනු ලබන බව සඳහන් වේ. මාස කීපයක් ගතවුවත් ඇයට කිසිදා දිනුමක් නම් ලැබී නැති බව ද පැවසේ.
මෙදින රජයේ පාසල් නිවාඩු දිනයකි. ඇය තම 04වසර ඉගෙනුම ලබන දරුවාද සමග නගරයට පැමිණියේ කොටු කැපීමේ අවශ්‍යතාවයටය. නගරයට පැමිණ පොත් වෙළෙඳ සැලකට ගොඩ වූයේ දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය උපකාරක ප‍්‍රශ්න සහිත පොතක් මිලදී ගැනීම සඳහාය. දරුවා සහ මව එක්ව අදාළ පොත තෝරාගෙන මුදල් අය කැමි වෙත ගොස් පොතෙහි මිල විමසිමේ දී මුදල් අයකැමි මුදල පැවසූ පසු ඇය පොතට මුදල් ගෙවීම සඳහා තම මුදල් පසුම්බිය විවෘත කර බලා දරුවාට පැවසුවේ පොත මිලදී ගතහොත් කොටුවක් කපා ගන්නට මුදලක් ඉතිරි නොවන හෙයින් පොත මිලදී ගැනීම හෙට කරමු යැයි කියාය. ඇය ඉන් පසු දරුවා අතේ තිබූ පොත නැවත දරුවාගෙන් ඉල්ලාගෙන පොත් රාක්කයේ තබනු ලැබීය. තම පාඩම් අධ්‍යාපනයට අවශ්‍ය පොත අහිමිවීම ගැන දුක්ව කඳුළු පිරි දෙනෙතින් දැඩි පීඩාවකට පත්ව සිටි දරුවාගේ අත අල්ලාගත් ඇය දරුවා රැගෙන වෙළඳසලෙන් වහා පිටව ගොස් ඇත්තේ ඇය වෙනදා කොටු කොළය කපන ස්ථානයටය.

 



අදහස් (0)

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site