IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දරුවාගේ දිවි බේරු සුදු තරුණයාට ගම්මුන්ගෙන් අල බතල පාටියක්

හබරාදූව ඩී.එච් රම්‍යා
දියේ ගිලුණු දරුවකු බේරා ගැනීමට ලාංකිකයන් කිසිවකු ඉදිරිපත් නොවුණු අවස්ථාවක විදේශීය තරුණයකු මුහුදට පැන බලවත් පරිශ්‍රමයක් දරා ඔහු බේරා ගැනීමේ සිද්ධියක් කොග්ගලට නුදුරු වැල්හේන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
දුර බැහැර ප්‍රදේශයක සිට පැමිණ දරුවෙකු ඥාතීන් පිරිසක් සමඟ මුහුදේ දිය නාමින් සිටියේය. එකවරම රළ පහරකට හසුවී දරුවා ඈතට ගසා ගෙනයන්නට විය. ඥාතීන් මරළතෝනිදී කෑගැසුවත් බේරා ගැනීමට ඉදිරිපත් වූයේ නම් කිසිවකු නොවේ. 
කෑගැසිල්ල ඇසී ගම්වාසීහුද ඒ ස්ථානයට දිව ආහ. දරුවා බේරා ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවන තැන එකවර මුහුදට පැන්නේ සිය පෙම්වතිය සමඟ මුහුදු වෙරළේ සිටි විදේශික තරුණයෙකි. ඔහු දරුවා වෙත පීනා ගොස් ඔහු රැගෙන නැවත ගොඩට පීනන්නට වුවත් එකවරම යළිත් රළ පහරකට හසුවූ දෙදෙනාම වෙන් වූයේ කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය.
විදේශීය තරුණයා ප්‍රයත්නය අතහැර දැමුවේ නැත. යළිත් දරුවා වෙත ගොස් ඔහු තදින් අල්ලා ගෙන ගොඩබිම දෙසට පීනන්නට විය. ඒ අවස්ථාවේදී ඔහුගේ ප්‍රයත්නය සාර්ථක විය. දරුවා විදේශික තරුණයාත් දෙදෙනාම සුරක්ෂිතය. ඔවුහු ගොඩබිමට පැමිණියහ. 


විදේශීය තරුණයා දරුවා රැගෙන එද්දී ගොඩබිමේ සිටි සියලු‍ දෙනා අත්පොළසන් දුන්නේ ඔහුට ගෞරවයක් වශයෙනි. දරුවාට වතුර පෙවී තිබූ හෙයින් එම වතුර ඉවත් කිරීමට සහ මූලික ප්‍රතිකාර සේවා ලබාදීමට ගම්වාසීන්ට පෙර කටයුතු කළේද එම සුදු ජාතික තරුණයාය. ඔහු විදේශ රටක ආරක්ෂක අංශයකට සම්බන්ධ තරුණයකු බව ගම්වාසීන්ට පසුව දැනගන්න ලැබිණ.
රැස්ව සිටි පිරිස විදේශීය තරුණයා වැළඳගෙන මේ මහා පින්කම වෙනුවෙන් ඔහුට ස්තූතිය පුද කළේ මහත් සෙනෙහසින් යුතුවය. ඉන්පසුව ගම්වාසීහු සුදු ජාතික තරුණයාට සහ ඔහුගේ පෙම්වතියට අපූරු සංග්‍රහයක් ලබාදීමටද අමතක නොකළහ. එය කොස්, දෙල් මඤ්ඤොක්කා, අල, බතල සමඟ පොල් සම්බල් සංග්‍රහයකි. එම සංග්‍රහය භුක්ති විඳි විදේශීය යුවල ඒ ස්ථානයෙන් සමුගත්තේ සියලු‍ දෙනාගේ ගෞරවාචාර මධ්‍යයේය.
ඉන් නැවතුණේ ද නැත.
ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෝ යුවළ නොමිලේම තරමක දුරින් පිහිටි ලැගුම්හල වෙත රැගෙන යෑමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී කටයුතු කළහ.



අදහස් (3)

දරුවාගේ දිවි බේරු සුදු තරුණයාට ගම්මුන්ගෙන් අල බතල පාටියක්

Amal Tuesday, 19 December 2023 09:49 AM

මේ මහා පින්කම වෙනුවෙන් විදේශික තරුණයාට, ඔහුගේ පෙම්වතියට සහ අපූරු සංග්‍රහයක් ලබාදීමටද අමතක නොකළ ගම්වාසීන්ට, ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන්ට ස්තූතිය සහ ගෞරවාචාරය.

:       0       61

CHINTHANA Tuesday, 19 December 2023 02:20 PM

මෙවන් මුහුදුබඩ ප්‍රෙද්ශයක උපන්දා සිට ජීවත් වුණත් මුහුදේ ගසාගෙන යන කෙනෙක් බේරගන්නවත් බැරි මේ ප්‍රෙද්ශවාසීන් ලැජ්ජා විය යුතුමයි. එහෙම හැකියාවක් නැති වන ලෙස දරුවන් හැදූ දෙමව්පියන් පිළිකුල් සහගතයි.

:       0       6

upulThursday, 21 December 2023 08:10 AM

ඒක නම් ඇත්තමයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 931 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site