IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


දරුවා උපන් බව මවට මතක්වුණේ පාසලට දාන්න ගිය දවසේ

(කොස්ගොඩ - කමල් ශ්‍රී ලියනගේ) 

දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට පාසලෙන් ලිපිය ලැබෙන තුරු උප්පැන්නය සාදා ගැනීමට අමතක වූ මවක් ගැන ගම්මානයකින් ආරංචි විය.

ඇයට සිය දරුවා වෙනුවෙන් 2015 වසර සඳහා පෙනී සිටිය යුතු 1 ශ්‍රේණියේ සම්මුඛ පරීක්‍ෂණයට රැගෙන ආ යුතු බවට දන්වා තිබූ ලිපිලේඛන අතර උප්පැන්න සහතිකය ද විය. ඇය අල්මාරියේත්, ලිපි ගොනුවලත් උප්පැන්නය සෙවූ මුත් නොලැබුණි.

එහි දී ඇයට දරුවා උපන් වේලාව, බර ආදී තොරතුරු සඳහන් රෝහලෙන් නිකුත් කළ සටහන් පැතිකඩ පැරැුණි ලිපි ගොනුවක තිබී හමු විය. දරුවාගේ උප්පැන්නය නොසෑදු බව ඇයට මතක් වී ඇත්තේ එවිටය.

නැගණියක සමග වහා වහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් සියලූ විස්තර නොසඟවා කියා සිටියාය. එහි රෙජිස්ට‍්‍රාර් අංශයේ කාරුණික නිලධාරිනියක් එදින දහවල් 12.00න් පසුව උප්පැන්න සහතිකය ලබා දීමට පොරොන්දු වී තිබේ. ඒ නිසා ඇය වහා වහා සම්මුඛ පරීෂණය පැවැති පාසලට පැමිණි අතර ඇය පැය දෙකකට වැඩි කාලයක් ප‍්‍රමාදවී පැමිධෑමත් උප්පැන්න සහතිකය ඉදිරිපත් නොකිරීමත් ගැන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ප‍්‍රශ්න කරන්නට විය. එහි දී සත්‍ය හෙළිදරව් වී ඇත.

”සර්, උප්පැන්නේ අද දොළහෙන් පස්සේ දෙන්නම් කිව්වා.” ”එතකොට දරුවාට උප්පැන්නය හදන්න ගියේ අද ද?” ඇය සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය ඉදිරියේ ගොළු වත රකිමින් නිහඬව සිටියාය.



අදහස් (0)

දරුවා උපන් බව මවට මතක්වුණේ පාසලට දාන්න ගිය දවසේ

කලීල් Saturday, 10 January 2015 09:14 AM

වැරදීමක් වෙලා ඇති (නි)

:       0       0

සංජු Sunday, 11 January 2015 05:47 AM

අහිංසක මිනිස්සු මේ වාගේ දේවල් මෙහෙම දාන්න එපා.(හේ)

:       0       0

ශාන් සෞදි Sunday, 11 January 2015 06:20 AM

දරුවා හදා ගත්තේ කාට කියලද කියල මතකද දන්නේ නැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1289 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site