පෞද්ගලික ආයතනයක සේවය කළ අයෙකු බස් රථයෙන් බැස තම ජංගම දුරකථනය ලබා ගැනීමට සාක්කුවට අත දැමීය.
අවාසනාවකි. ඔහුගේ ජංගම දුරකථනය දක්නට නොවීය.
වහාම දුරකථන කුටියකට පිවිසි හෙතෙම නැතිවු දුරකථනයේ අංකයට ඇමතුමක් ගත්තේය.
ඔයාට කොහොමද මගේ ෆොන් එක ලැබුණේ? අයිතිකරු විමසීය. එයට පිළිතුරු ලැබිණි. මේක මම පාරේ තිබිලා ඇහින්දා. ෆෝන් එක ඕනේ නම් රුපියල් දාහක් අරන් හන්දියට එන්න.
හරි හරි මම එන්නම් යැයි පැවසු දුරකථන හිමිකරු අදාළ ස්ථානයට පිවිසිවිට කෝ සල්ලි ගෙනාවාදැයි දුරකථනය ඇහිලු තැනැත්තා විමසීය. රුපියල් දහස ඔහුට දුන්විට දුරකතනය භාරදුන් ඔහු මම ඔයාගේ සාක්කුවෙන් ඒක අර ගත්තේ. ගමන් යද්දී හොරෙකුට ගන්න බැරි වෙන්න පරිස්සමින් අරන් යන්න යැයි පවසා තවත් බස් රථයකට ගොඩවූයේ දුරකථනය හිමිකරු පුදුමයෙන් බලා සිටිද්දීය.
ක්‍රිස්ටෝපර් සීපියන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌ නම් මාර හොරෙක්. කොහොමටත් මේක කාගේත් ඇස ඇරවන්නක්. (බ)