IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


දරු සෙනෙහස දෝරෙ ගිහින් බිරිඳගෙන් සැමියාට දෝස් මුරයක්

මාතර දිස්ත්‍රික්කයේ, ගංවතුර  නිසා  නිවාස ජලයෙන් යට වූ නිවැසියන් ආරක්ෂිත ස්ථානවල රඳවා තැබීමෙන් පසුව, සිදු වූ අපූරු සිදුවීමක්, අතුරලිය ප්‍රදේශයේ ගම්මානයකින්  අසන්නට  ලැබේ.
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ සේවයේ නියුතු, විවාහක එක් දරු පියෙකි. දරුවාට වයස අවුරුදු තුනක් පමණ විය. බිරිඳ  රජයේ කාර්යාලයක ලිපිකාරිනියක ලෙස සේවය කරන්නීය. පසු ගිය කාලයේ ඇති වූ ගංවතුර නිසා  මෙම අය පදිංචි නිවසද ජලයෙන් යට විය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යන  ආරක්ෂිත  කඳවුරකට යාමට මොවුන්ට සිදු වූයේ නිවසේ ජීවත් වීමට ගංවතුර හරස් වීම නිසාය. නිවසේ සිට කිලෝ මීටර් 8 ක පමණ දුරකින්  ආරක්ෂිත  මධ්‍යස්ථානය පිහිටුවා  තිබුණි. ගංවතුරෙන් බේරීම සඳහා වෙනත් ආරක්ෂිත ප්‍රදේශයක ඥාති හිතවතකු හෝ නොවූ නිසා රජයේ සහන සේවා ආරක්ෂිත ස්ථානයක රැඳෙන්ට මොවුනට සිදු විය.
සති දෙකක පමණ කලකින්, ගංවතුර බැස යාමත් සමග  ජලයෙන් යට වූ නිවස පිරිසුදු කිරීමට  මොහු   දිනක්  ආරක්ෂිත මධ්‍යස්ථානයෙන් පිටව ගියේය. බිරිඳ එදින  තම සේවා ස්ථානයට  ගොස් සිටියාය. නිවස පිරිසිදු කළ  මොහු  ආරක්ෂිත මධ්‍යස්ථානයට පැමිණ, තම දරුවාද රැගෙන නිවසට යාමට සූදානම් වුවද , දරුවා පියා සමග යාමට අකමැත්තක් දැක්වූයේ ආරක්ෂිත මධ්‍යස්ථානයේදී දරුවා සමග හිතවත් වූ  තරුණියක මග හැර යාමට තිබූ අකමැත්ත නිසාය. එම තරුණියද දරුවාට  දැඩි ආදරයක් දැක් වූයේ ඇයගේ පවුලේ වෙනත් සහෝදර, සහෝදරියන් ඇයට නොමැති වූ නිසාය.


පසුව දරුවාගේ ඉල්ලීම පරිදි එම තරුණියද දරුවාගේ පියා සමග නිවසට යාමට එකඟ වී නිවසට ගියාය. තමන් දරුවා සමග නිවසට යන බවට, රැකියාවට ගිය බිරිඳට දුරකතන ඇමැතුමක් දීමට දරුවාගේ පියා අමතක නොකළේය.
නිවසට ගිය තරුණිය දරුවාට, කවා පොවා  සුරතල් කරමින්   සිටි අතර,  දරුවාගේ පියා   නිවසට අවශ්‍ය බඩු මුට්ටු රැගෙන ඒමට නිවසින් දුර පිහිටි  වෙළෙඳ සලකට ගොස් සිටියේය. මේ අතර රැකියාවට ගිය බිරිඳ හදිසියේම නිවසට පැමිණියේ, ස්වාමිපුරුෂයාට නිවසේ කටයුතු කර ගැනීමට උදව් කිරීමේ අදහස ඇතිව, වරුවක නිවාඩු ලබා ගැනීමෙන් පසුවය.
නිවසට පැමිණි බිරිඳට ස්වාමි පුරුෂයා දකින්නට නොලැබීමත්, තරුණියක දරුවා සුරතල් කරමින් සිටිනු දැකීමත් නිසා,  බලාපොරොත්තු නොවූ සිදුවීමෙන් වික්ෂිප්ත වූ බිරිඳ ,“නංගී ඇයි මෙහෙට ආවෙ. හිටපු තැන ඉන්නෙ නැතුව, යයි නොරුස්නා, සැර හඬකින් තරුණියගෙන් ඇසුවාය. ආරක්ෂිත මධ්‍යස්ථානයේ සිටියදී, තරුණිය තම ස්වාමි පුරුෂයා සමග ඇසුරක් පවත්වන්නට ඇතැයි සිතා, ඇයගේ සිත චංචල වී,  සැකයක්ද  තරහවක්ද මෝදුවෙමින් තිබුණි. ආරක්ෂිත ස්ථානයේ සිටියදී, දැන හැඳුනුම් කම් ඇති වූ  නිසා, එකපාරටම ඇති වූ සැකය සහිත කේන්තිය යටපත් කරගෙන ඇය එසේ තරුණිය ඇමැතුවාය.  
ස්වාමි පුරුෂයා මෙම තරුණිය සමග ඇති කරගත් අනියම් ඇසුරක් නිසා, තමා නිවසේ නොමැති අතරවාරයේදී, මෙසේ නිවසට කැඳවාගෙන එන්නට ඇතැයි ඇය විශ්වාස කළාය.
“අනේ අක්කේ මම ආවෙ දරුවා එක්ක. මම නැතුව දරුවා එන්න බැහැ කියල මධ්‍යස්ථානයේදී හඬා වැළපුණා. ඒ අතරෙ මහත්තය,  දරුව එක්ක මටත් එන්න කියල කිව්ව.


“දරුවද මහත්තයද එන්න කියල කිව්වෙ.?  මම දන්නව  ඔයා මධ්‍යස්ථානයේ ඉන්දැද්දි අපේ මහත්තය ගැන අවධානයෙන් ඉඳල,  අනවශ්‍ය  අන්දමට   සැළකිලි  සත්කාර කළා. මොකක් හරි අභිරහසක් මෙතන තියනව. දරුව මම බලා ගන්නම් ඔයා දැන්මම මෙතනින් පිටවෙලා යනවා හොඳයි, නැත්නම් මම නරක ගෑනියක් කියල කියන්න එපා යයි ඇය ගෝරනාඩු කළාය.
දරුවෙකුගේ සෙනෙහස නිසා උදව්වට පැමිණ සිදු වූ  අනපේක්ෂිත දෙයින්  වේදනාවටත්, ලජ්ජාවටත්, කෝපයටත් පත් වූ තරුණිය නිරපරාදේ සැකයට භාජනය වීමෙන් ලැබුණ මානසික පීඩාව විඳ දරාගෙන නෙතට නැගුණ කඳුළ පිසදාගෙන ඇය නිවසින් පිට වූයේ,“අක්කේ යමක් සොයා නොබලා  තීරණ ගැනීමෙන්  බරපතළ හානියක් වෙන්න හැකි බව  තේරුම් ගන්න යයි කියමිනි.

මාවරල පී.එස්. මද්දුමගේ

 



අදහස් (0)

දරු සෙනෙහස දෝරෙ ගිහින් බිරිඳගෙන් සැමියාට දෝස් මුරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1832 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site