IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


දරු තිදෙනා සැමියාගේ ඇඟට දමා බ්රිය අනංගයත් එක්ක ඉගිලිලා

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
බාල වයස්කාර දරුවන් තිදෙනා සැමියාට දී අනියම් සැමියා සමග යතුරු පැදියේ නැගී පිටවගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ පොලිසියකින් වාර්තාවේ.


වසර දහයකට පමණ පෙර විවාහ වී ඇති යුවළකට වයස අවුරුදු අටක දියණියක සහ අවුරුදු පහක හා දෙකක පුතුන් දෙදෙනකු සිටින අතර සැමියා නිවෙසින් බැහැරව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියැලෙමින් සිටී. කාන්තාව අසල්වැසි තරුණයකු සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාව නිසා දෙදෙනා අතර විවිධ අවස්ථාවල පවුල් ආරවුල් හටගෙන ඒ පිළිබඳව පොලිසියට ලද පැමිණිලිවලට අනුව දෙදෙනාට අවවාද කර නිවෙසට පිටත්කර හැරියද බොහෝ අවස්ථාවල කාන්තාව දරුවන් නිවෙසේ තබා තම මහගෙදර ගියාය. සැමියා රැකියාවට ගිය පසු කාන්තාව අනියම් සම්බන්ධතාව දිගටම පවත්වා ගෙනයාම පිළිබඳව සැමියා කළ පැමිණිල්ලකට අනුව දෙදෙනාම පොලිසියට කැඳවා විමර්ශනයක් සිදුකළේය.


පැමිණිලි විභාගයේදී දරුවන්ගේ රැකවරණය හා අනාගතය පිළිබඳව සිතා තමා සමග පැමිණ සතුටින් නිවෙසේ සිටින ලෙස සැමියා බිරිඳගෙන් ඉල්ලා සිටියේය. කාන්තාවද එයට කැමැත්ත පළකර සිටි නිසා පොලිසිය වැඩිදුරටත් කරුණු පැහැදිලිකර දී සැමියා සමග ගොස් සතුටින් සිටින ලෙස අවවාද කළේය. පොලිසියේදී එලෙස එකඟවූ 30 හැවිරිදි කාන්තාව පොලිසියෙන් පිටතට පැමිණ සිය විසි හැවිරිදි පෙම්වතාට දුරකතන ඇමතුමක් ලබාදී ගෙන්වාගෙන ඔහුගේ යතුරු පැදියේ නැගී පිටව ගියාය. සැමියා තමන්ට මුහුණ පෑමට සිදුවූ අවාසනාවන්ත සිද්ධිය යළිත් පොලිසියට පවසා කදුළුපිරි දෙනෙතින් යුතුව සිය නිවෙසට ගියේය. 

 



අදහස් (3)

දරු තිදෙනා සැමියාගේ ඇඟට දමා බ්රිය අනංගයත් එක්ක ඉගිලිලා

nanda Saturday, 04 September 2021 06:01 AM

වැඩි වයස් කාන්තාවෝ අඩු වයස් තරුණයන් සමග සම්බන්ධතා ඇතිකරගැනීමේ ප්‍රවනතාවක් තමා පෙන්නේ.

:       0       6

wijeSaturday, 04 September 2021 01:56 PM

පන්සලේ නායක හාමුදුරුවන්ගෙයි, සාමණේරයන්ගෙයි වයස සසඳන්න බලන්න... ලාබාලයින් කැමැතියි මෙව්වා ඉගෙන ගන්න. වැඩිහිටි අය කැමැතියි උගන්වන්න.

:       4       2

saman Monday, 06 September 2021 12:32 PM

මේ වගේ සිද්දි අද රට පුරා අහන්න තියෙනවා. අද කාන්තාවෝ අඩු වයස් තරුණයින් සමග අනියම් සම්බන්ධතා වැඩයි. මේ සඳහා වෙනදාට වඩා අද වැඩියි... අන්තර්ජාලය, ෆේස්බුක් වරද කාගේද? ලෝකයේ හැමදේම වෙනස් වෙලා තව මොන දේවල් අහන්න ලැබෙයිද? 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site