(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
බාල වයස්කාර දරුවන් තිදෙනා සැමියාට දී අනියම් සැමියා සමග යතුරු පැදියේ නැගී පිටවගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ පොලිසියකින් වාර්තාවේ.

වසර දහයකට පමණ පෙර විවාහ වී ඇති යුවළකට වයස අවුරුදු අටක දියණියක සහ අවුරුදු පහක හා දෙකක පුතුන් දෙදෙනකු සිටින අතර සැමියා නිවෙසින් බැහැරව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියැලෙමින් සිටී. කාන්තාව අසල්වැසි තරුණයකු සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාව නිසා දෙදෙනා අතර විවිධ අවස්ථාවල පවුල් ආරවුල් හටගෙන ඒ පිළිබඳව පොලිසියට ලද පැමිණිලිවලට අනුව දෙදෙනාට අවවාද කර නිවෙසට පිටත්කර හැරියද බොහෝ අවස්ථාවල කාන්තාව දරුවන් නිවෙසේ තබා තම මහගෙදර ගියාය. සැමියා රැකියාවට ගිය පසු කාන්තාව අනියම් සම්බන්ධතාව දිගටම පවත්වා ගෙනයාම පිළිබඳව සැමියා කළ පැමිණිල්ලකට අනුව දෙදෙනාම පොලිසියට කැඳවා විමර්ශනයක් සිදුකළේය.
පැමිණිලි විභාගයේදී දරුවන්ගේ රැකවරණය හා අනාගතය පිළිබඳව සිතා තමා සමග පැමිණ සතුටින් නිවෙසේ සිටින ලෙස සැමියා බිරිඳගෙන් ඉල්ලා සිටියේය. කාන්තාවද එයට කැමැත්ත පළකර සිටි නිසා පොලිසිය වැඩිදුරටත් කරුණු පැහැදිලිකර දී සැමියා සමග ගොස් සතුටින් සිටින ලෙස අවවාද කළේය. පොලිසියේදී එලෙස එකඟවූ 30 හැවිරිදි කාන්තාව පොලිසියෙන් පිටතට පැමිණ සිය විසි හැවිරිදි පෙම්වතාට දුරකතන ඇමතුමක් ලබාදී ගෙන්වාගෙන ඔහුගේ යතුරු පැදියේ නැගී පිටව ගියාය. සැමියා තමන්ට මුහුණ පෑමට සිදුවූ අවාසනාවන්ත සිද්ධිය යළිත් පොලිසියට පවසා කදුළුපිරි දෙනෙතින් යුතුව සිය නිවෙසට ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි වයස් කාන්තාවෝ අඩු වයස් තරුණයන් සමග සම්බන්ධතා ඇතිකරගැනීමේ ප්‍රවනතාවක් තමා පෙන්නේ.
මේ වගේ සිද්දි අද රට පුරා අහන්න තියෙනවා. අද කාන්තාවෝ අඩු වයස් තරුණයින් සමග අනියම් සම්බන්ධතා වැඩයි. මේ සඳහා වෙනදාට වඩා අද වැඩියි... අන්තර්ජාලය, ෆේස්බුක් වරද කාගේද? ලෝකයේ හැමදේම වෙනස් වෙලා තව මොන දේවල් අහන්න ලැබෙයිද?